ගෙයක් හදද්දි පරිස්සම් විය යුතු බාසලගෙ ට්&#8205

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගෙයක් හදද්දි පරිස්සම් විය යුතු බාසලගෙ ට්&#8205

    දවස පුරා මහන්සි වෙලා වැඩ කරන අපිට දවස අවසානයේ නිවි සැනසිල්ලෙ පැදුරක වැටිල හරි නිදාගන්න තමන්ගෙම කියල නිවසක් තියෙනව නම් ඒක තමා සතුට. නිවසක් ගොඩ නගාගනිද්දි හිතන්න ඕන කාරණා ගැන අපි මීට කලින් කතා කලා මතක ඇති. මේ කියන්න හදන්නෙ ඒ කාරණාත් එක්කම මතක තියාගන්න ඕන බාස්ල කරන හොර වැඩ කීපයක් ගැන. මේ දේවල් ගැන සැලකිලිමත් උනොත් තමන්ගේ නිවස හදන්න වැය වෙන මුදලෙන් සෑහෙන කොටසක් ඉතිරි කරගන්න ඔයාලට පුලුවන් වේවි.

    හැබැයි හැම බාස්ම මක බාස් කෙනෙක් නෙවෙයි වගේම හැම බාස් කෙනෙක්ම හොර බාස් කෙනෙකුත් නෙවෙයි කියලත් මතක තියාගන්න. අපි මේ දේවල් කියන්නෙ ඔයාලව දැනුවත් කරන්න. දැනුවත් උනා කියල බාස්ලා දිහා හොරෙක් ගාණට බලන්න යන්න එපා. සැලකිල්ලෙන් ඉන්න. මොකද ජීවිත කාලෙම ඉන්න හිතන් ගේ හදන මනුස්සයව තරහ කරගත්තොත් ඒක ඊට වඩා පාඩුවක්. තමන් නිතර කන්න ගන්න හෝටලේ එක්ක සුහදව ඉන්න ඕන වගේම මේ වගේ කාරණා වලදිත් වැඩ කරන අය එක්ක හිත් අමනාපකම් ඇති කරගන්න එකේ පාඩුව තමන්ටමයි.


    1. ගණන් හිලව්

    බාස් කෙනෙක් එක්ක කට වචනෙන් නම් ගණන් හිලව් කතා කරන්න යන්න එපා. ගේ හදාගෙන යද්දි මුලින් කියපු ගාණට නම් දැන් අමාරුයි මහත්තයො හැම තැනම දැන් මේ ගාණ තමා කියල රුපියල් 5කින් 10කින් ගණන් වැඩි කරන එක සමහරුන්ගෙ හැටියක්. ඒ නිසා අනිවාර්යෙන් ලිඛිතව අදාල මිල ගණන් සියල්ල ලබාගන්න.


    2. වර්ග අඩි සහ දික් අඩි

    අපි හැමෝම මේ බිත්ති බැඳිලි උළුවහු තිවිලි වගේ දේවල් ගැන ලොකුවට දන්නෙ නෑනෙ. අන්න ඒ නොදැනුවත්කම බාස්ල ප්‍රයෝජනේට ගන්න අවස්ථා වැඩියි. ලිඛිත සටහනේ දික් අඩියට මිල ගණන් සඳහන් කරපු තැන් බිල හදන කොට වර්ග අඩි ගාණට මාරු වෙනව. මේ නිසා ලිඛිතව දෙන මිල සටහනේ උනත් ඔබට අපැහැදිලි තැන් තියෙනව නම් ඒ දේවල් අහල පැහැදිලි කරගන්න එක වඩාත් සුදුසුයි.


    අනිවා Lovely Home Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

    3. හාඩ්වෙයාර් කොමිස්

    මේ ගැන අපි කලින් ලිපියෙත් සඳහන් කලා. ගෙයක් හදන්න බාස් කෙනෙක් හොයාගත්තට පස්සෙ බාස් කියන තැන් වලින් බඩු ගන්න යන්න එපා. ඊට කලින් තමන් හාඩ්වෙයාර් එකක් එක්ක කථා කරගෙන මිල ගණන් දැනගන්න. හුඟක් වෙලාවට බාස්ල කොමිස් මුදලක් බඩු වලින් තියාගන්නව. ඔබම ගිහින් ගණන් කථා කරගත්තොත් හාඩ්වෙයාර් වලින් ලැබෙන ඩිස්කවුන්ට් එක වාසිය ඔබට ගන්න පුළුවන්. නැත්නම් ඒක යන්නෙ බාස්ගෙ සාක්කුවට.


    4. අනවශ්‍ය අවශ්‍යතා

    මේ මොකක්ද මේ? මෙහෙමයි. ඔබ නිවහනක් ගොඩ නගන්නෙ යම්කිසි සැලැස්මකට අනුවනෙ. නමුත් හදාගෙන යද්දි තමන්ටම පේන්න ගන්න යම්කිසි අඩු පාඩු තියෙනව නම් ඒ දේවල් සකස ගන්නව. අපි මේ කියන්නෙ ඒ ගැන නෙවෙයි. වැඩ කරගෙන යද්දි බාස්ල විසින් ඔබට අනවශ්‍ය දේවල් වලට අවශ්‍යතාවයක් මතු කරල ඔවුන්ගේ වැඩ වැඩි කරගන්න අවස්ථා එන්න පුළුවන්. උදාහරණෙකට කිව්වොත් ටයිල් කරද්දි ඔබට ස්කර්ටින් එකක් අවශ්‍ය නැති තැනකට ස්කර්ටින් එකක් අල්ලුවම තවත් ලස්සනයි වගේ දෙයක් කියන්න පුළුවන්. මේ නිසා ඔබේ අවශ්‍යතාවයන් ඔබම හඳුනාගන්න. ඒ අනුව වැඩ කරගන්න. මොකද පොඩි වෙනසක්නෙ කියල හිතුවට ඒ දේවල් වර්ග අඩි, දික් අඩි වෙලා එද්දි අවසානෙදි අමතර ලොකු මුදලක් වැයවෙලා තියෙන්න පුලුවන්.


    5. මැනිල්ල ගැන දැනගන්න

    බාස්ල අන්තිම මොහොතෙ කරන හොර වැඩක් මේක. හුඟක්ම වෙන්නෙ බිත්ති මැනිල්ලෙදි. බාස් දෙන ගණන් ටික ඒ විදියටම භාර නොගෙන නිවාඩුවක් දාල හරි ආපහු තමන්ම බිත්ති ටික මැනල බලන්න. එහෙම මනින කොට තමා තේරෙන්නෙ ගේ ඇතුලේ නැති බිත්තිත් බිලේ තියෙනවනේ කියල. ඒ නිසා මේ නැවත මැනිල්ල අනිවාර්යෙන්ම කරන්න. මොකද ගෙයක් හදාගන්නෙ විසිකරන්න සල්ලි තියෙනවට නෙවෙයිනෙ. මහන්සියෙන් හම්බ කරන රුපියල හරි වටින්නෙ තමන්ට.


    6. බාස්ගෙ රෙකමන්ඩේෂන්

    දැන් ඔය බිත්ති ටික බඳින්න එන බාස් ඒ ගමන් කියනව මං දන්න හොඳ ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් ඉන්නව එහෙමත් නැත්නම් ටයිල් බාස් කෙනෙක් ඉන්නව වගේ දේවල්. මේ වගේ වෙලාවල් වලදි වටෙන් පිටෙන් ගණන් අහල දැනුවත් වෙන්න. මොකද ඔහොම කථා කරල දෙන්නෙ කොමිස් මුදලකුත් තියාගෙනමයි බොහෝ වෙලාවට. 30ට කරගන්න පුළුවන් වැඩේ 32ට හරි 35ට හරි කරගන්න ඕන නෑනෙ.


    7. ගේ හදන්නෙ ළඟ තැනක නෙවෙයිද?

    ඔබට නිතර රැඳෙන්න හෝ වැඩ පල බලන්න විශ්වාසවන්තයෙක්ව රඳවන්න හැකියාවක් නැත්නම් ඔබට මේ ගැන සැලකිලිමත් වෙන්නම වෙනව. මේක නම් හුඟක් වෙලාවට බාස්ට වඩා ගෝලයන් අතින් තමා වෙන්නෙ. සිමෙන්ති කොට්ට, කම්බි රෝල්, කළුගල් වගේ දේවල් අඩු ගාණකට හොරෙන් විකිණීම වැඩ බලන්න කෙනෙක් නැති තැන් වල සිද්ධ වෙනවමයි. ඒ නිසා දවසකට වැඩ කරන පැය ගාණට බඩු වල ක්ෂය වීම බලන්න කෙනෙක් ඉන්නව නම් මෙහෙම දේවල් අවම කරගන්න පුළුවන්.


    8. වැලි වලට යට කරන සිමෙන්ති

    හවස 5 වෙද්දි වැඩ ඉවර කරන්න බලාගෙන තමා හුඟක් බාස්ල ඉන්නෙ. එහෙම වෙලාවට අනාගත්තු සිමෙන්ති බදාම ටික එහෙමත් නැත්නම් කොන්ක්‍රීට් බදාමය ඉතුරු නම් කරන්නෙ ඒ ටික වැලි ගොඩක් යට ගහල වැඩ ඉවර කරන එක. මේ දේවල් හුඟක් වෙලාවට ඔබට අහු වෙන්නෙ ගේ හදලත් ඉවර වෙලා මිදුල අස් පස් කරද්දි. දන්න කෙනෙක් ගරාජ් එකක් හදල මාස ගාණකට පස්සෙ ගරාජ් එක පිටි පස්සෙන් මිරිස් පාත්තියක් හිටවන්න පොළව කොටද්දි දිය කරල හංගපු සිමෙන්ති කොට්ට බාගයක් විතර හම්බෙලා තිබ්බ. ඔහොම වැඩ වලින් පාඩුව කාටද කියල ආයෙමත් මතක් කරන්න ඕනෙ නෑනෙ.

    9. ඇඩ්වාන්ස් දෙන ගාණ ගැන හිතන්න

    වැඩ කරන අතර තුර වැඩේට ඇඩ්වාන්ස් එහෙමත් නැත්නම් අත්තිකාරම් හැටියට සැරින් සැරේට බාස්ල අපෙන් මුදල් ඉල්ලගන්නවනෙ. මෙහෙම මුදල් දෙන කොට සාමාන්‍යයෙන් වැඩේට යන මුළු මුදල ගැන ඔයාල දැනුවත් වෙලා ඉන්න ඕනෙ මුලින්ම. මොකද මෙහෙම ගන්න අත්තිකාරම අපි නොදැනුවත්වම දැනට සම්පූර්ණ කරල තියන වැඩේට වඩා වැඩි මුදලක් වෙන්න ඉඩ තියෙනව. එහෙම උනාම එක්කො බාස් වැඩේ කර අරිනව එහෙමත් නැත්නම් අර ගත්තු වැඩි පුර මුදල නොදී හැංගෙනව. ඔහොම දේවල් නම් අනන්තවත් වෙලා තියෙනව ගෙවල් හැදිල්ලෙදි හුඟක් අයට.

    සැලකිය යුතුයි – අපි නැවත ඔබට මතක් කරනවා. ලංකාවෙ ඉන්න හැම බාසුන්නැහේම, කොන්ත්‍රාත්කරුවාම මෙහෙම නෑ. අවකව, මහන්සියෙන් මුදල් උපයන අය ඕනෑ තරම් ඉන්නවා. මේ කියන්නෙ ඒ අයටත් නරක නාමයක් ගෙනදෙන සමහර බාස්ලා ගැන විතරයි.

    http://www.aniwa.lk/2017/01/17/1701174-baas-tricks/
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ප්‍රධාන දේ තමයි මිනිස්සුන්ගෙ හිත රිදෙයි කියල කට වහගෙන හිටියොත් අපිට ඇරල තමයි බාසා යන්නෙ
     

    blue_in_rio

    Well-known member

  • සැලකිය යුතුයි – අපි නැවත ඔබට මතක් කරනවා. ලංකාවෙ ඉන්න හැම බාසුන්නැහේම, කොන්ත්‍රාත්කරුවාම මෙහෙම නෑ. අවකව, මහන්සියෙන් මුදල් උපයන අය ඕනෑ තරම් ඉන්නවා. මේ කියන්නෙ ඒ අයටත් නරක නාමයක් ගෙනදෙන සමහර බාස්ලා ගැන විතරයි.

    :yes::yes:

    ඔව් හැමෝම එහෙම නෑ.අනිත් එක අපි මේ දේවල් ගැන දැනුවත් කියන එක බාස්ලට තේරුනොත්, ඒගොල්ලෝ එහෙම කරන්නෙත් නෑ. :):)
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Measuring an AREA

    I have build a house in 2013. Near the end of construction, I was holidaying in S/L and ask by the contractor to measure everything to finalise the payments up to that stage.
    My brother helping him with the measuring tape, I am having a calculator and a notepad to write down the measurements.
    He is saying lengths in feet and inches, and ask me to type those numbers in to the calculator.( for example, dahayai hayayi (10' 6'') wadi kireema (x) dolahayi namayayi (12' 9")
    Then I told him I am typing those numbers as 10.5 x 12.75 because the calculator does not work in inches .
    Then he told me, he has done this all his life, and it's the correct way to calculate.
    Then I had to give him a maths lesson for half an hour and convince him, that I am correct with some practical examples.
    Then I told him, I am not calculating them, I'll write down as he said, and do the calculations at the end in front of both of us.
    I calculate his version too, and found it's some 13,000 rupees more than the actual amount.
    So, be very careful while using a calculator for feet and inches.