ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 39ක්😱😷

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    COLOMBO ( News 1st ) : ඊයේ දින තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු වාර්තා වුණි.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ නිරෝධායනයට ලක්කර සිටින රතු මුහුදු ආශ්‍රිතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු , කුවේට්හි සිට පැමිණි 6 දෙනෙකු, ඉතියෝපියාවේ සිට පැමිණි අයෙකු , මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු, තායිලන්තයේ සිට පැමිණි යුක්රේන ජාතිකයෙකු, කටාර් සිට පැමිණි 16 දෙනෙකු හා එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 12 දෙනෙකු එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි.

    ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 3234 කි.

    රෝගීන් 226 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර 2996 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.


    කොරෝනාවෛරසය සිරුරට බලපාන හැටි දැන සිටියාද?
     
    • Like
    Reactions: D_Mad and HKavinda