ගෝඨාබයගේ ලොකුම වැරැද්ද...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේකේ කියනව ගෝඨා පෝර නවත්තල 100%ක් කාබනිකව වගා කරන්න කිව්වේ ඩොලර් මිලියන 400ක් රටට ඉතුරු වෙන නිසාලු..ඒක හරි..ඒක ඉස්කෝලෙ යන ළමයෙක්ට වුනත් තේරුම් ගන්න පුළුවන් නේ..ඒත් ඊට පස්සේ රටේම වගා පාළු වෙලා ගොවියොන්ට වගා කරන ඵක ඵපා වෙලා හාල් රටින් ගෙන්නන්න ගිය වියදම ඩොලර් මිලියන 450ක්.🙃.අනික තමා පොහොර තහනමින් tea export ඵකට වුන ඩැමේජ් ඵක..ඒක රටටම ලොකු පාඩුවක්..ගෝඨා කියන්නේ අද ගැන විතරක් හිතල වැඩ කරන කෙනෙක් කියන ඵක ඒකෙන්ම පැහැදිලියි..ඒක තමා ගෝඨා ගෙ ලොකුම වැරැද්ද..ඵහෙම අදූරදර්ශී නායකයෙක් අවුරුදු 10ක් හිටියත් රටට නම් වැඩක් වෙන්නේ නෑ රට දියුණු කිරීම අතින්..

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කෙලින් කිව්වේ නැති වුණාට ඇත්තම හේතුව පොහොර නවැත්තුවේ ඩොලර් නැති හින්දා නේ ද?

    ඔව් ඩොලර් අඩු වේගන යනකොට රත් වෙන්න අැති.මිනිස්සුන්ට කිව්වෙ 100%ක් කාබන්කව වගා කරන්නේ මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගැන හිතල කියලනේ..ඒකත් ටොම් පචයක්🙃
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    owow, uge varadi aye aye kiyana eka hodai. Mokada minisunta danmama amathaka veegena yanne.

    Muge thava varaddak thamai minissu issaraha katha kare nathi eka. Minissu mechchara avissuna veleth kochchara davasak gihillada jathiya vath amathuve.. Yuddayak karapu ekek kiyala hithannavath baha
     
    • Like
    Reactions: Walter White

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ලොකුම වැරැද්ද , අනිත් අය කියන හැමදේම කරන්න ගියපු එක සහ පරණ හොර රැත්තම තමන් ගාවින් තියාගත්ත එක.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    හරියටම හරි... මී හරකෙක් මේ යකා..
    තේ වලට කෙලෙව්වා හොදම එකේන්.මිලියන400ක් ඉතුරු කරගන්න ගිහින් බිලියන ගානක සල්ලියක් නැති කරගත්තා.. කිලෝ 1000ක් කඩපු තේ ඉඩමෙ දැන් කඩන්නේ කිලෝ 300ක් වගේ.. මේ වගේ අදූරදර්ශී නායකයෙක් ලක් ඉතිහාසේම නැතුව ඇති.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    amu modayekta ohoma manasikathwayak awa kiyanne, hitaganinko..

    sajith gawayath wadi wenasak na..
    තමන් හිතන විදිය හරියටම හරි කියල එයා හිතුවා.
    කාබනික පොහොර වගේ මාතෘකාවක් කියන්නේ ලොකු පරාසයක තියෙන දෙයක්. එක අදාල අංශ වෙත යොමුකරලා ක්‍රමානුකුලව කරන්න තිබ්බ දෙයක්. නමුත් එක රැයකින් තීරණ අරන් රට මේ තත්වෙට එන්න පලවෙනි පියවර තිබ්බා.

    සජිත් කියන්නේ ඔය වගේම ටිප් ටොප් බඩුවක්. එක වල්ලේ කලටි පොල්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ කියනව ගෝඨා පෝර නවත්තල 100%ක් කාබනිකව වගා කරන්න කිව්වේ ඩොලර් මිලියන 400ක් රටට ඉතුරු වෙන නිසාලු

    කෙලින් කිව්වේ නැති වුණාට ඇත්තම හේතුව පොහොර නවැත්තුවේ ඩොලර් නැති හින්දා නේ ද?
    හරියටම හරි... මී හරකෙක් මේ යකා..
    තේ වලට කෙලෙව්වා හොදම එකේන්.මිලියන400ක් ඉතුරු කරගන්න ගිහින් බිලියන ගානක සල්ලියක් නැති කරගත්තා.. කිලෝ 1000ක් කඩපු තේ ඉඩමෙ දැන් කඩන්නේ කිලෝ 300ක් වගේ.. මේ වගේ අදූරදර්ශී නායකයෙක් ලක් ඉතිහාසේම නැතුව ඇති.
    කාබනික වගාව පටන්ගන්න කාලේ ඒ තරම් ඩොලර් අහේනියක් ලංකාවේ තිබුනේ නෑ.

    හිතුවක්කාරකමටත් වඩා ගෝටා ඇහුවේ පාදෙණිය වගේ (gota's inner circle) ගොවිතැන ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එවුන්ගේ උපදෙස්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය පුටුවට ආව ඔක්කොටම, "මන් පොර මානසිකත්වය ගහනවා".මංගල සමරවීර වගේ එකෙක් තමයි ජනදිපතිට හරියන්නේ..වෙන මේ වගේ එකෙක් කියන්න ජාතික දේශපාලනේ නැහැ
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    රනිල්ම කිවුව කතාවක් තියනවා...
    රට පාලනය කරද්දී ගන්න තීරණ ඒ වෙලේට හරි කියල පෙනේන දේ... තව ඖරුද්දකින් වැරදි වෙන්න පුළුවන්... ඖරුදු පහකින් හරි වෙන්න පුළුවන්... දහයකින් බලද්දී වැරදි වෙන්න පුළුවන්....

    ගොටාබය ගත්ත රසායනික පොහොර වගාව කෙටිකාලීනව වැරදි ලෙස පෙනුනට දිර්ගකලිනව නිවැරදි තීරණයක්.... ලෝක දේශපාලන හා ආර්ථික අර්බුද ඉසරහට වැඩි වෙනවා... ඒ නිසා අනිවාර්යෙන්ම අපි අත්‍යවශ්‍ය දේවල් දේශීය වශයෙන් නිපදවිය යුතුයි....

    දැන් අපේ රටේ අර්තික ප්‍රශ්නේ නිසා විදේශයන්ගෙන් ගෙන්න්වන දේවල් නතර කිරීම නිසා රට අකර්මන්‍ය වෙලා තියනවා... ඉදිරියේදී ලෝක ආර්ථික බෙදවටීම නිසා මිට වැඩා බරපතල විදියට ආනයන හා අපනයන බිද වැටෙන්න පුළුවන්...

    පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය දේවල් අප රට තුලම නිපදවාගත යුතුයි... ආහාර... බලශක්තිය... හා සෞක්‍ය සදහා වත් මේ ක්‍රමය අනුගමනය කල යුතුයි

    කාබනික වගාව හා දේශීය බෝග වර්ග වගාව, දේශීය කෙම් ක්‍රම ආදී වූ වගා ක්‍රම
    සොබාවික බලශක්ති ප්‍රබව බාවිතය... සුර්ය... සුලන්... ජලය... දර... ජීව වායු ආදී....
    දේශීය සිංහල වෙදකම් තුලින් බට්හිර ඖෂද බාවිතය සියයට 80 කින් පමණ අඩු කිරිම

    කොහොමත් අපේ ඩොලර් අර්බුදය වීසදෙන දෙයක් නෙමයි ප්‍රමාණවත් වෙදේශ ඉපයුම් නැතුව විදේශීය භහන්ඩ හෝ සේවා පාරිහරණය කරන්න අපිට බැ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ම කිවුව කතාවක් තියනවා...
    හැබෑට රනිල් හාමු එහෙමත් කිව්වද?

    ගොටාබය ගත්ත රසායනික පොහොර වගාව කෙටිකාලීනව වැරදි ලෙස පෙනුනට දිර්ගකලිනව නිවැරදි තීරණයක්....
    සමහර වැරදි තීරණ තියනවා කොයිතරම් කාලය ගත උනත් නිවැරදි නොවෙන. මේ පොහොර නාඩගම ඒ වගේ
    විද්‍යාත්මකව කාබනික පොහොරවලින් අස්වැන්න 60-80% අඩුවෙනවා. එකට හරියන්න එහෙමනම් ගොවිතැන් ප්‍රමාණය 60%කින් වැඩි කරන්න ඕනේ. ලංකාවේ එහෙම කරන්න බැහැ.

    මේ මාතෘකාව ඕනේ තරම් දැන් පතුරු ගහල තියෙනවා. ඒත් තාම කුක්කො කෙඳිරි ගාගෙන එනවා තව අවුරුදු 20-30කින් ගොටගේ ඔල මොට්ටල වැඩේ හරි කියල පෙනෙයි කියාගෙන
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල්ම කිවුව කතාවක් තියනවා...
    රට පාලනය කරද්දී ගන්න තීරණ ඒ වෙලේට හරි කියල පෙනේන දේ... තව ඖරුද්දකින් වැරදි වෙන්න පුළුවන්... ඖරුදු පහකින් හරි වෙන්න පුළුවන්... දහයකින් බලද්දී වැරදි වෙන්න පුළුවන්....

    ගොටාබය ගත්ත රසායනික පොහොර වගාව කෙටිකාලීනව වැරදි ලෙස පෙනුනට දිර්ගකලිනව නිවැරදි තීරණයක්.... ලෝක දේශපාලන හා ආර්ථික අර්බුද ඉසරහට වැඩි වෙනවා... ඒ නිසා අනිවාර්යෙන්ම අපි අත්‍යවශ්‍ය දේවල් දේශීය වශයෙන් නිපදවිය යුතුයි....

    දැන් අපේ රටේ අර්තික ප්‍රශ්නේ නිසා විදේශයන්ගෙන් ගෙන්න්වන දේවල් නතර කිරීම නිසා රට අකර්මන්‍ය වෙලා තියනවා... ඉදිරියේදී ලෝක ආර්ථික බෙදවටීම නිසා මිට වැඩා බරපතල විදියට ආනයන හා අපනයන බිද වැටෙන්න පුළුවන්...

    පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය දේවල් අප රට තුලම නිපදවාගත යුතුයි... ආහාර... බලශක්තිය... හා සෞක්‍ය සදහා වත් මේ ක්‍රමය අනුගමනය කල යුතුයි

    කාබනික වගාව හා දේශීය බෝග වර්ග වගාව, දේශීය කෙම් ක්‍රම ආදී වූ වගා ක්‍රම
    සොබාවික බලශක්ති ප්‍රබව බාවිතය... සුර්ය... සුලන්... ජලය... දර... ජීව වායු ආදී....
    දේශීය සිංහල වෙදකම් තුලින් බට්හිර ඖෂද බාවිතය සියයට 80 කින් පමණ අඩු කිරිම

    කොහොමත් අපේ ඩොලර් අර්බුදය වීසදෙන දෙයක් නෙමයි ප්‍රමාණවත් වෙදේශ ඉපයුම් නැතුව විදේශීය භහන්ඩ හෝ සේවා පාරිහරණය කරන්න අපිට බැ...
    :yes:👍සමන්තබද්‍ර හාමුදුරුවෝ කොස් රට යවල රටට සල්ලි ගේන හැටි කියල දාපු ත්‍රෙඩ් ඵකට මේකේ උන් හිනා වුනා..තේරෙයි කල් යයි.
     
    • Like
    Reactions: rukshan0000

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ගෝටාබයගේ මම දකින ලොකුම වැරැද්ද කතා මීඩියා එකට හරියට කරගන්න බැරි එක. කෙටියෙන්ම කියනවනම් ජනතාව සජ ජනාධිපති අතර කොමියුනිකේෂන් අවුල.