ගේම ඉල්ලමු.වරෙල්ලා!

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ගේම ඉල්ලමු.වරෙල්ලා!

රාජ්‍ය තාන්ත්‍රික වගකීම හා යුතුකම
image.php


එදා ශ්‍රී ලංකාව සංචාරකයන්ට අවදානම් සහිත රටක්‌ ලෙස උපදෙස්‌ දුන් ඇතැම් බටහිර රටවල් පසුගියදා ලන්ඩනයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳ කුමක්‌ කියන්නේදැයි අපි නොදනිමු. එහෙත් ලන්ඩනය රාජ්‍ය නායකයන්ට අවදානම් රටක්‌ ලෙස කෙනෙක්‌ යෝජනා කළොත් එයට ලැබෙන පිළිතුර කුමක්‌ද? අප තුළ මේ ප්‍රශ්නය නැඟුණේ පසුගියදා එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් සරසවි සිසුන්ගේ ආරාධනයකට අනුව ලන්ඩනයට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මුහුණ පෑමට සිදු වූ ඊළාම්වාදී හිතවතුන්ගේ මුග්ධ විරෝධයක්‌ නිසා ආපසු මව් බිමට පැමිණීමට සිදුවීම නිසාය.

ඊළාම්වාදය යනු ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය හෝ ධනවාදය වැනි සංකල්පයක්‌ නොව ෆැසිස්‌ට්‌වාදය මත පදනම්ව ව්‍යාප්ත වූ ප්‍රභාකරන්ගේ දෙමළ නාසිවාදයයි. එමගින් ශ්‍රී ලංකාවට කරන ලද විනාශය අතිමහත්ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම ඊළාම්වාදයේ දේශීය හිස බවට පත්ව සිටි වේළුපිල්ලෙයි ප්‍රභාකරන් වනසා දමා තිස්‌ වසරක්‌ ඉක්‌ම වූ ත්‍රස්‌තවාදයද පරාජය කළ රාජ්‍ය නායකයායි.

බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල මෙන්ම අපගේ අසල්වැසි ඉන්දියාවේද මෙම ඊළාම්වාදයට කැප වූ එල්ටීටීඊ සංවිධානයද ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ සේ පිළිගෙන තහනම් කර තිබේ. මොනම හේතුවක්‌ නිසාවත් එබඳු තහනම් සංවිධානයක සංකේත අඩංගු කොඩි හෝ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් රංචු ගැසීම වරදකි. අද බටහිර සිටින ඊළාම්වාදීන් පවා ඊළාම් ධජය සඟවා ගෙන රහසිගතව අරමුදල් එකතු කිරීම වැනි දේ කරන බව ඇත්තය. බොහෝ විට ඔවුන්ගේ සංවිධාන පුණ්‍යායතන හෝ මානවහිතවාදී ලේබල්වලට මුවා වී පවත්වාගෙන යන බවද රහසක්‌ නොවේ. එහෙත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයේදී සිදුවුයේ කුමක්‌ද?

ජනාධිපතිවරයාට විරුද්ධව පෙළ ගැසුණු උද්ඝෝෂණවල ලෙළදුන්නේ ඊළාම් කොඩිය. රැව් දුන්නේ ඊළාම්වාදී සටන් පාඨය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌ ලෙස බ්‍රිතාන්‍ය රජය කල්පනා කරන්නේද? ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණය වරදක්‌ නොවේ. එය දේශපාලන හෝ වෙනත් ප්‍රතිපත්තිමය පදනමක්‌ මත පිහිටා කළ යුත්තකි. එහෙත් ඊළාම් ත්‍රස්‌තවාදීන්ට ඒ සඳහා සදාචාරාත්මක අයිතියක්‌ ලබාදිය යුතුද?

මෙය රාජ්‍ය තාන්ත්‍රික වගකීමක්‌ පැහැර හැර ත්‍රස්‌තවාදීන්ට උත්තේජනයක්‌ දීමක්‌ ලෙස අපි දකිමු. එය උද්ඝෝෂණ පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එල්ටීටීඊ ෆැසිස්‌ට්‌වාදීන්ගේ රූකඩවලට ලබාදීමකි. බ්‍රිතාන්‍ය පොලිසියේද දණිස්‌ පොල්කටු වේව්ලවීමට තරම් වූ ඒ සාහසිකත්වයට බිය වූ බ්‍රිතාන්‍ය රජය කළේ ඓතිහාසික සම්ප්‍රදායකට අනුව කළ ආරාධනයක්‌ අනුව පැමිණි පෙරදිග රාජ්‍ය තාන්ත්‍රිකයකු අපහසුවට පත් කිරීමක්‌ නොවේද?

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලන්ඩන් සංචාරය සාමාන්‍ය එකක්‌ නොවන බව බ්‍රිතාන්‍ය රජයට පහදා දිය යුතු නැත. එහෙත් තම රටට පැමිණි රාජ්‍ය නායකයකුට ආරක්‍ෂාව සලසා දෙන්නට තරම් ශක්‌තියක්‌ බ්‍රිතාන්‍ය රජයට නොවී නම් එය බරපතල තත්ත්වයක්‌ බව අපගේ අදහසය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය උග්‍රව තිබියදී පවා මේ රටට පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ආරක්‍ෂාව ලබා දුන් බව අපි දනිමු. අප දන්නා පරිදි ඒ කාලයේදී ආරක්‍ෂාව ප්‍රමාණවත් නැතැයි පවසා ආපසු ගියේ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ පමණි. ඔවුන් ගියේද රජය විසින් දෙන ලද ආරක්‍ෂාව පිළිබඳ සහතිකය නොතකමින්ය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරක්‍ෂාව සැලසීම පිළිබඳ ගැටලුවක්‌ වී නම් බ්‍රිතාන්‍ය රජයට තිබුණේ වේලාසනින්ම ඒ බව දන්වා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයක්‌ දැක්‌වීමය. තමන්ට එල්ටීටීඊ හිතවාදීන්ට මුහුණ දීමට බැරි බව කීම ලැඡ්ජාවක්‌ නොවේ. එහෙත් ඊළාම් කොඩි වනමින් කරන ලද ඒ ක්‍රියාව කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයක්‌ නොවන බව දැන්වත් බ්‍රිතාන්‍ය රජය කල්පනා කළ යුතුය.

ඊළාම්වාදීන්ට ඉඩ දී බ්‍රිතාන්‍ය රජය ඉතා වැරැදි පූර්වාදර්ශයක්‌ ලොවට පෙන්වා තිබෙන බව අපගේ චෝදනාවයි. තම රටේ තහනම් කර තිබෙන සංවිධානයකට එබඳු රැස්‌වීම් හෝ උද්ඝෝෂණ කිරීමට ඉඩ දීමෙන් බ්‍රිතාන්‍යය කර ඇත්තේ ත්‍රස්‌තවාදයට ඉඩ දීමක්‌ නොවේ නම් ඒ කුමක්‌ද?

ශ්‍රී ලංකාවේ උද්ගතව තිබුණු උතුරු නැගෙනහිර අර්බුදයේ මුල මැද මෙන්ම අගද මැනවින් දන්නා රටවල් අතර බ්‍රිතාන්‍ය රජයද වේ. ඒ පිළිබඳව තිබෙන විවේචන හෝ ප්‍රතිචාර පළ කිරීමට බ්‍රිතාන්‍යයටද බාධාවක්‌ නැත. එය මැදිහත්වීමක්‌ ලෙස නොව මිත්‍ර රටක්‌ ලෙස කිරීමේ වරදක්‌ නොපෙනේ. එහෙත් මෙබඳු ප්‍රතිචාරවලින් අපට හැඟෙන්නේ බ්‍රිතාන්‍ය රජයද මේ ඊළාම්වාදීන්ගේ සැහැසිකම් ඉදිරිපිට පසුබා සිටින බවකි.

බ්‍රිතාන්‍යයේ මෙම ප්‍රතිචාරය දැන හෝ නොදැන කළත් ඉන් සිදුවූයේ ඊළාම්වාදීන් පිනවීමක්‌ බව නිසැකය. ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙන බලවේග ශක්‌තිමත් කිරීමක්‌ මෙයින් සිදු වී නැද්ද? බ්‍රිතාන්‍යයේ සිටින කොටි හිතවාදීන් මෙයින් ලද උත්තේජනය තුළින් එහි ඊළඟ පියවර තැබීමට ක්‍රියා කළහොත් බ්‍රිතාන්‍යයට සිදු වන්නේ කුමක්‌ද? ඊළාම්වාදීන්ට කිරි පොවන්නට ගිය ආසියාවේ බලවතාට මෙන්ම අපගේ ඓතිහාසික හා සංස්‌කෘතික මිතුරා වූ භාරතයට සිදුවූයේ කුමක්‌ද? භාරත මාතාවගේ විශිෂ්ට පුත්‍රයකු වූ රජීව් ගාන්ධි අගමැතිවරයා ගොදුරු වූයේ ඒ විපතට බව පමණක්‌ සිහිපත් කර අපි අවසන් වශයෙන් මෙසේද කියන්නෙමු.

පෙරදිග ලෝකයේ මුතු ඇටය යළි දුර්වර්ණ ගැන්වීමට අපි කිසිදු බලවේගයකට ඉඩ නොදෙන්නෙමු. මිතුරන්ට මිතුරන් සේ සැලකීමට මෙන්ම සතුරන්ට වුවද මෛත්‍රී කිරීමට අපි පුරුදු වී සිටින්නෙමු. එහෙත් කිසි දිනක සතුරන්ට යටවීමට අපි සූදානම් නොවන්නෙමු
 

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    උන්ගේ ආන්ඩු පවතින්න ඉලෙක්ෂන් වලට ඩයස්පෝරා එක ඩොලර් කෝටි ගනන් වියදම් කරනවා බන්. ආණ්ඩුව උන්ට සපෝර්ට් කරන්න එක හේතුවක් ඒක....
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    උන්ගේ ආන්ඩු පවතින්න ඉලෙක්ෂන් වලට ඩයස්පෝරා එක ඩොලර් කෝටි ගනන් වියදම් කරනවා බන්. ආණ්ඩුව උන්ට සපෝර්ට් කරන්න එක හේතුවක් ඒක....


    :nerd::nerd::(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය සුද්දො මචන් අෆි එක්ක එදා ඉදල තියෙන තරහ තමයි බන් ඔය පලි ගන්නෙ
    වයිරයෙන් වයිරය නොසන්සිදේ කියල කියනවනෙ බන්

    මහ ලොකුවට ත්‍රස්තවාදයට එරහිව නැගී සිටිනව කිව්වට මචන් රට ඇතුලෙ ත්‍රස්තවදී කණ්ඩායම් කරන උත්ගෝෂන නවත්වගන බෑ බ්‍රිත්‍යාන්යන්ට
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    පෙරදිග ලෝකයේ මුතු ඇටය යළි දුර්වර්ණ ගැන්වීමට අපි කිසිදු බලවේගයකට ඉඩ නොදෙන්නෙමු. මිතුරන්ට මිතුරන් සේ සැලකීමට මෙන්ම සතුරන්ට වුවද මෛත්‍රී කිරීමට අපි පුරුදු වී සිටින්නෙමු. එහෙත් කිසි දිනක සතුරන්ට යටවීමට අපි සූදානම් නොවන්නෙමු[/QUOTE]


    :yes::yes::yes: