ගොඩබිමේ සුනාමිය...

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ගොඩබිමේ සුනාමිය...

    ගොඩබිමේ සුනාමිය

    ඕස්ටේලියාව අපේ රට වගේ එකසිය දාසය ගුණයකටත් වඩා විශාලයි. ඒකේ නැගෙනහිර පැත්තෙ තියෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විතරක් ගත්තත් මුළු යුරෝපයට වඩා ටිකයි පොඩි. ක්වින්ස්ලන්ත ප්‍රාන්තය අපේ රට වගේ විසිඅට ගුණයකටත් වඩා විශාලයි. ක්වින්ස්ලන්ත ප්‍රාන්තය කියන්නෙ ඕස්ටේලියාවේ සරු සාරම පළාත. සරුසාර ඇපල් වතු, මිදි වතු, එළවළු වතු, සරුසාර තණ බිම් තියෙන්නෙ එහෙ. අවුරුද්ද පුරාම ගහකොළ නිල් පාටයි. දේශ
    ගුණය සෞමයයි. ලෝකයේ සුන්දරම මුහුදු වෙරළක් තියෙන සංචාරක පාරාදීසයක් හැටියට සලකන ගෝල්ඞ් කෝස්ට් දිග මුහුදු වෙරළ අයිතිත් ක්වීන්ස්ලන්තයට. ඒ හින්දා සංචාරකයෝ වැඩිපුරම එන්නෙත් මෙහාට.
    ප්‍රාන්තෙ අගනුවර බ්‍රිස්බෙන්. ඕස්ට්‍රේලියාවේ තුන්වැනි විශාලම අගනුවර. නිව්යෝර්ක්, පැරිස්, තෝකියෝ, හොංකොං වගේ ලෝකයේ අති දියුණු පොහොසත්ම අගනුවරක්. අහස වැහෙන තරම් උසට හදපු ගොඩනැගිලි, පිහිනුම් තටාක, ටෙනිස් පිටි තියෙන තට්ටු ගණන් උස පොහොසතුන්ගෙ මන්දිර. එක පිට එක නැගල වළලූ, වළලූ වගේ කැරකි කැරකි විහිදෙන අධිවේගී මාර්ග. බිර . ස්බෙන් ගංගාව හරහා දිගටම වැටුණ විශාල පාලම්, ගඟ දිගේ යන පොහොසතුන්ගෙ නැව්. යොට් යාත්‍රාද , පැසිපික් සාගරයේ යන එන නැව් නවතින බ්‍රිස්බෙන් වරාය. බ්‍රිස්බෙන් ගුවන්තොටුපොළින් කෙළවරක් නැතිව අහසට නගින ගුවන් යානා. පුංචි කුරුල්ලන් වගේ අහසේ සැරිසරන පොහොසතුන්ගේ අහස්යානා. ලෝකයේ ප්‍රසිද්ධ සිතුවම් ඇති කලාගාර, කෞතුකාගාර, මල්වතු, ආගන්තුක සත්කාරයටත් අනුන්ට උපකාරයටත් දෙපාරක් හිතන්නෙ නැතුව ඉදිරිපත් වෙන එකපාරක් වැටුණොත් තුන්පාරක් නැගිටින්න හයිය ඇති, නිතරම හිනාවෙන් පිරිච්ච මූණු ඇති කාරුණික මිනිස්සු. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ගැන ඇඳපු චිත්‍රයක එක පින්සල් පාරක් වගේ අංශු මාත්‍රයක් විතරයි.
    දෙසැම්බර් ඉඳල මෙහෙ ගිම්හාන කාලේ. ක්වීන්ස්ලන්තයට වැඩියෙන්ම ජය ගිම්හාන කාලයට. සංචාරකයො නැව්, ගුවන්යානා වෙන් කරගෙන වැඩියෙන්ම එන්නෙ මේ කාලෙට. ක්වින්ස්ලන්ත ප්‍රාන්තෙ තේමා පාඨය තමයි ” ඕස්ට්‍රේලියාවෙ බබළන තැන” කියන එක. මේ උත්සව කාලේ උච්චම අවස්ථාවක් තමයි බ්‍රිස්බෙන් ගංගාවේ ඉඳන් දෙසැම්බර් 31 වෙනිදා ? 12 ට අහසට යවන මල්වෙඩි සංදර්ශනය. මේක බලන්න ලක්ෂ් ගණන් දෙනා ගඟ දිගටත් පාලම උඩටත් එකතුවෙනවා.

    දෙසැම්බර් 31 දා ? 12 ඉඳන් විනාඩි 15 ක් එක දිගට බ්‍රිස්බෙන් නුවර අහස වැහිල තිබුණු පාට පාට මල් වර්ෂාත් වෙඩිත් ඒ දිහා බලාගෙන ප්‍රීති ඝෝෂා නගන ලක්ෂට ගණන් ක්වින්ස්ලන්ත වැසියනුත් එක්ක 2011 අවුරුද්ද උදාවුණා. ලක්ෂ ගණන් මිනිස්සු ඒ වෙළේ තමන් ළඟ හිටපු අය සිප වැළඳ ගත්තේ උදා වුණ අවුරුද්දේ තමන්ට තව තවත් සැප සම්පත් උදා වේවා කියල ප්‍රාර්ථනා කරගෙන. අලූත් අවුරුද්ද උදා වෙනකොටම වගේ දෙන්න පටන්ගත් පෙම්වතුන්ගෙ හාදු මල්වෙඩි ඉවර වෙලත් ඉවර වුණේ නෑ.
    ජනවාරි 01 වෙනිදා උදේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තය උඩින් ඝන කළු වළාකුළු පිරෙන්න ගත්තා. හවස් වෙනකොට පටන් ගත් වැස්සට රෑ වෙනකොට කුණාටුවත් එකතු වුණා. වහින බව දැන හිටියත් අනුමාන කළාට වඩා ඒකෙ තරම වැඩි වුණා. වැස්ස නැවතුනේ නෑ. වැස්සා. වැස්සා. එක දිගට වැස්සා. දවසක් දෙකක් නෙමේ සතියක් නෙමේ සති දෙකක්ම වැස්සා. මෙහේ වැව් නෑ. ගංගාවල් තියෙන්නෙ. මහා වතුර කන්දරාව දරන්න බැරිව ගංගාවල් ඉවුරු බිඳගෙන නයි පොළොංගු වෙලා ලංකාව වගේ විසි අට ගුණයක් විශාල ප්‍රාන්තේ ගම්මානවලට වැදුණා. ඊළඟට ගම් බිම් ගොවිපළවල් යට කරගෙන පත පිඹුරන් වගේ නගරවලට වැදුණා. උතුරන ගංවතුර ටුටුම්බා, ජෝර්ජ්, ඉප්ස්විච්, පැසින්ටන්, ලොකිවැලි, කොන්ඩමාන් නගර යට කරගෙන ගලනවා. මහා මාර්ග, අධිවේගී මාර්ග දිගේ තද බොර පාට ගංවතුරත් එක්ක කාර්, බස්, ලොරි, කන්ටේනර් විදුලි වේගයෙන් ගහගෙන යනවා. පාට පාට කාර් ටෙනිස් බෝල වගේ කැරකි කැරකී වතුරෙ යනවා. තට්ටු ගෙවල්වල වහල වැහෙන්න වතුර නැග්ගා. නගරවල පාර දෙපැත්තෙ තියෙන උස ලයිට් කණුවල තියෙන ලයිට්වල ගෑවි ගෑවී රැුළි දම දමා වතුර ගලනවා. ලීවලින් හදාපු කාමර 3 යි සාලෙයි කුස්සියයි නාන කාමරයි තියෙන ගෙයක් වහලේ ටී. වී. ඇන්ටනාවත් එක්කම ගෙඩිය පිටින්ම පොළොවෙන් ගැලවිලා වතුරත් එක්ක ගලනවා. මිදුලේ නවත්තල තිබුණ නිල්පාට කාර් එක ‘මට තනියම ඉන්න බෑ’ කියනවා වගේ ගෙටම ඇමිණිලා ඇවිත් ටික දුරක් ගිහින් ගැලවිලා කාර් එක වෙනම ගසාගෙන යනවා. ගංවතුරෙන් බේරෙන්න අම්මාත් තාත්තාත් පුංචි දරුවෝ කාර් එකේ දාගෙන විදුලි වේගයෙන් යද්දි ගංවතුර පස්සෙන් ඇවිත් ඉස්සර කරලා ඒ ගොල්ලොත් එකතු කරගෙන ගියා. ක්වින්ස්ලන්ත පරාුර න්තෙට හදිසි තත්ත්වයක් පරරු කාශ කළා. කොටුවෙලා ඉන්න අය බේරගන්න හෙලිකොප්ටර් යවන්න අමාරුයි. ඒ තරමට වහිනවා. බෝට්ටු යවන්න බෑ. ඒ තරමට හයියෙන් වතුර ගසාගෙන යනවා. අවදානම් තැන් නම් කරල අයින් වෙන්න කිව්වා. ඒත් මිනිස්සු ජීවිත කාලයක් හම්බ කරපු දේවල් වතුරට ලේසියෙන් දීලා යන්න ලෑස්ති නෑ. යට තට්ටුව යට වෙනකොට උඩ තට්ටුවට ඇද්දා. උඩ තට්ටුව යට වෙනකොට වහලට ඇද්දා. අන්තිමේදි විසිත්ත කාමර කට්ටල ඇතුළු කෝටියක් විතර වටිනා බඩු ටික වහල උඩ තියල ඒවා ලොකු කැන්වස් රෙද්දකින් වහල උඩට කමිසයක්වත් නැතුව කොට කලිසමක් විතරක් ඇඳගත්තු සුදු මහත්තයයි ගවුම් කෑල්ලක් විතරක් ඇඳගත්තු සුදු නෝනයි දෙන්න වහල උඩට වෙලා තෙමි තෙමි හෙලිකොප්ටරයක් එනකං බලාගෙන හිටියා.
    ටී.වී.වල පුරුදු වැඩසටහන් නැවැත්තුවා පැය 24 ම ක්වීන්ස්ලන්තයේ ගංවතුර වෙනුවෙන් සජීවී වැඩසටහන් කිරවීටයාත්මක කළා. පරාැ න්තයේ මහ ඇමතිනිය පැය දෙකෙන් දෙකට පරෙන්වෘත්ති සාකච්චා තියල තත්ත්වය පැහැදිලි කළා. අගමැතිනි ජුලි ගිලාඞ් දවසට තුන් හතර වතාවක් ප්‍රවෘත්ති වලට ආවා. සූක්ෂුම කැමරා හයි කරපු හෙලිකොප්ටර් 25 ක් මිනිස්සු බේරාගන්න යවල තිබුණා. ටී. වී. ආයතන තමන්ගෙ හෙලිකොප්ටර් වාර්තාකරුවන් එක්ක අහසෙම තිබ්බා. තමන්ගේ බෝට්ටු වාර්තාකරුවන් එක්ක වතුරට බැස්සුවා. විශේෂ කාලගුණ මැදිරි හදල විනාඩි දහයෙන් දහයට ඉදිරි තත්ත්වය ගැන අනාවැකි කිව්වා.

    අන්තිමට බිහිසුණුම වෙලාව බලාගෙන ඉඳිද්දිම උදාවුණා.
    1974 දි ක්වින්ස්ලන්තයට මහා ගංවතුරක් ආවා. ඒකෙන් ඔක්කොම යටවුණා. ආපහු ගංවතුරක් නොඑන්න කියලා මහා ගංගාව හරස් කරලා වේල්ලක් බැන්දා. ඒත් අවුරුදු 36 කට පස්සේ වේල්ල උතුරන්න වතුර පිරුණා. වේල්ලෙ සොරොව් සහමුලින්ම ඇරියා. නැත්නම් ඒක පුපුරනවා. වේල්ල සහමුලින්ම ඇරියොත් ඒ මහා ජල කඳට බිරසහමස්බෙන් නගරය යටවෙනවා. අන්තිමට වේල්ල ඇරිය. ඒ මහා ජල කඳ දරාගන්න බැරි බ්‍රිස්බෙන් ගංගාව ඉවුරු කඩා බිඳගෙන බ්‍රිස්බෙන් නගරයට ආවා. බලාගෙන ඉන්දැද්දිම. හැබැයි ඒ වෙනකොට ලෑස්තියි. ස්වභාව ධර්මය වළක්වන්න මනුස්සයාට බෑ. ඒ සුන්දර නගරයේ තමන්ගෙ වස්තුව ඔක්කොම වතුරට බාරදීලා මිනිස්සු යන්න ගියා. කොම්පියුටර් ගරැත ෆික් චිතරයේ වලින් ටී. වී.වල පෙන්නුවා තව ටිකකින් ගලන මහා ගංගාවෙන් නගරය යට වෙන හැටි. ඒ වතුර මට්ටම මීටර් 5 ක්. ඒ එක්කම පෙන්නුවා හෙට පාන්දර 4 වෙනකොට වතුර මට්ටම මීටර් 7 කට නගිනවා. එතකොට යට වෙන හැටි. තව මොහොතකින් වෙන්න යන විපත ගරැනගරෆික් චිතර ඒ වලින් පෙන්නනකොට ඇති වෙන හැඟීම ගැන හිතන්න. වෙලාව හවස පහට විතර ඇති. අඳුරුයි. වහිනවා. බිරපෙනස්බෙන් නගරයේ මහා පාරක මැද ඉඳන් නිවේදිකාවක් ටී. වී. එකේ කතා කළා. එතකොටත් එයාගෙ කකුල් වැහෙන්න වතුර ඇවිත්. පාරේ දෙපැත්තෙනුත් උඩිනුත් ඈතිනුත් තියෙන කලර් ලයිට්වල කහ පාට ලයිට් එක විතරක් නිමෙනවා. පත්තුවෙනවා. ඈත තියෙන නිල් පාට සුදු පාට පොලිස් කාර් එකක උඩ තියෙන රතු පාට ලයිට් එක කැරකි කැරකි පත්තුවෙනවා. කෙළවරක් නැතිව සයිරන් නළා සද්දෙ ඇහෙනවා. අහසේ ගෑවෙන උස ගොඩනැගිලි පේළියට දෙපැත්තෙ තියෙනවා. මිනිස් පුළුටක් නෑ. නිවේදිකාව කතා කරනවා.
    ”මං දැං ඉන්නෙ බ්‍රිස්බෙන් නගරෙ වාණිජ කලාපෙ. වෙනදා මෙතනින් මිනිස්සු ලක්ෂෙයක් දෙකක් එහා මෙහා යනවා. ඒත් අද මෙතන සොහොන් පිට්ටනියක් වගේ. තව මොහොතකින් මගේ උස වගේ දෙතුන් ගුණයක් උසට වතුර ඇවිත් මෙතන වැහිලා යනවා.
    අන්තිමට වතුර කඩාගෙන බිඳගෙන බ්‍රිස්බෙන් නගරයට ආවා. ගෙවල් 90,000 ක් යට වුණා. ව්‍යාපාර 30,000 ක් යට වුණා. උප නගර 32 ක් යට වුණා. 32,000 ක් පාපන්දු ලෝලීන් ඔල්වරසන් දිදී තරග නරඹන සන්ක්රොකප් ස්ටේඩියම් එකත් යට වුණා. කෞතුකාගාර, කලාගාර යට වුණා. බ්‍රිස්බෙන් ගංගාව ගැලූවෙ පිස්සුවෙන් වගේ. කෝටි ගාණක් වටිනා යොට් යාත්‍රා ගසාගෙන ඇවිත් පාලම් ඇඳිවල හැපිල කුඩු පට්ටම් වුණා. පොඩි අහස් යාතරාව බ්‍රිස්බෙන් ගෙඟ් පෙරළි පෙරළි ගියා. ගිම්හාන කාලයට බ්‍රිස්බෙන් නගරෙ රසවතුන්ගේ පාරාදීසය වුණ පාවෙන අවන්හල මහා ජල කඳ දිගේ ගසාගෙන ඇවිත් පාලම් ඇන්දේ හැප්පිලා කුඩු පට්ටම් වෙලා සව් කඩදාසියක් වගේ වතුරෙ දියවෙලා ගියා. බිරේ ගස්බෙන් ලකුණ හැටියට තිබුණ ගඟ හරහා පයින් ඇවිදින්න පුළුවන් ජැටියත් ගලවගෙන වතුර අරන් ගියා. ඒක කොන්කීරපට ට්වලින් හදල තිබුණ. ටොන් 300 ක් බරයි. ඒත් අරන් ගියා. ජන මාධ්ය් බිරමට ස්බෙන් ගඟ ”කඳුළු ගංගාව” කියල නම් කළා. ජලය පිරිසිදු කරන මධ්යොස්ථාන යට වුණා. මළාපවහන පද්ධති පිපිරුවා. විදුලිය නැවතුණා. අන්තිමට මිනිස් පුළුටක් නැති බිරයයසස්බෙන් නගරයට වතුර ඇවිත් පදිංචි වුණා. දවස් තුනකට ලංකාව වගේ විසි අට ගුණයක් විශාල ක්වීන්ස්ලන්ත පරාුළුන්තෙ 75% ක් ම වතුරට යට වුණා. කොණ්ඩෙ කොටට කපල ඇඟට හිර අත් නවපු සුදු කමිසෙ ඩෙනිම් කලිසමට යට කරල දුඹුරු පටිය බැඳල ගලක් වගේ හිතක් ඇති යකඩ ගැහැනියක් වගේ පෙනුන ප්‍රාන්තෙ මහ ඇමතිනි ඇනා බ්ලයි ප්‍රවෘත්ති සාකච්ඡුාවලදී ඇඬුවා.

    ”මගේ ක්වීන්ස්ලන්තයට අඳුරුම කාලයක් උදා වුණා. මේක ගොඩබිමේ සුනාමියක්. අද අපේ ප්‍රාන්තතෙ උඩින් බැලූවම වහලවල් විතරයි පේන්නෙ. ඒත් ඒ හැම වහලක් යටම පවුලක් තියෙනවා. හැම පවුලකම ජීවිතේ ජය ගත්ත කතාවක් තියෙනවා. අපේ අඳුරු කාලය තව ටික කලක් තියෙයි. ඉතිහාසයේ අපි වැටුණු හැම වෙලේම නැගිට්ටා. ඒ ක්වීන්ස්ලන්තෙ. අපි ධෛර්ය සම්පන්න මිනිස්සු. අත්වැල් බැඳගෙන නැගිටිමු” එයා කිව්වා. රටේ විපක්ෂෙ නායකවරයාත් මාධ්යසවලට කතා කළා. ”මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. ආණ්ඩුව කරන්න පුළුවන් හැම දේම කරලා තියෙනවා. අපිත් උදව් කරනවා. ගංවතුර ගැන අපේ පරනැගතිපත්ති වෙනස්. ඒත් ඒවා ගැන පස්සෙ වාද කරන්න පුළුවන්” එයා කිව්වා.
    දවස් තුනකින් වතුර අඩු වුණා. තක්සේරු කරන්නත් බැරි තරම් දේපළ විනාස වුණත් ජීවිත නැති වුණේ 15 ක් විතරයි. මිනිස්සු තම තමන්ගේ ගෙවල්වලට ගිහිං සුද්ද බුද්ද කරන්න ගත්තා. වැඩට උදව් කරන්න විසි තිස් දාහක් ස්වේච්ඡුාවෙන් ඇවිත් හිටියා. ඔක්කොම ඇදලා ඉවර කරන්න බැරි තරම් සුන්බුන් ගොඩක් වෙලා තිබුණා. සැඩ පහර සියල්ල ගසාගෙන යන බව ධම්ම පදයේ කියනවා. දුප්පත් පෝසත් බේදයක් නෑ. පෝසත් උනාම ගසාගෙන යන දේවල් වැඩියි. ඒත් හිත පෝසත් නම් නොසැලී හිටිය හැකි. තමන්ගෙ සේසතම නැතිවෙලා තිබුණත් ක්වීන්ස්ලන්ත වැසියන් කවුරුවත් විලාප දුන්නෙ නෑ. සමහරු හෙමින් ඉකි ගැහුව. ඒත් වැඩි දෙනෙක් හිනාවෙලාම හිටියා.
    තවමත් අඩි දෙකක් විතර වතුර තියෙන ගේක ගේට්ටුවේ මෙහෙම දැන්වීමක් තිබුණා. ”ගෝල්ඞ් ෆිෂ් මාළු තුන් දෙනෙක් නැති වුණා. අන්තිමට දැක්කෙ බදාදා හැන්දෑවේ. කාට හරි හම්බ වුණා නම් කරුණාකර දන්වන්න.”

    මේක පැණි වලලු එකෙන් .... මට දාන්න හිතුනා. දැම්මා...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    විකාර...