ගොඩ යන්න ඕනද?...

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මං මේක ලියන්නේ ගොඩක් සතුටින් මොකද මේ දවස් වල වෙන සිද්ධි හැටියට මාර හැපි, මේ ටික කියවල ඔයාලටත් ගන්න ගොඩක් දේවල් අැති කියල හිතනවා, මේ ටික කියවල ඔයාලගේ ලයිෆ් ඒකේ ලොකු වෙනසක් වේවි. ඉතින් මොකක්ද මං කියන්න යන්නේ... මේ ඔයාලට දියුණු වෙන්න පුළුවන් පොඩි ක්‍රම ටිකක් සහ මම ලබපු අත්දැකීම් ටිකක්., ඒ කියන්නේ ඔයාලගේ ලයිෆ් ඒකට ඔයාලට කරගන්න පුලුවන් අායෝජන අවස්ථා කිහිපයක් ගැන, ඒ කියන්නේ මේ නොපෙනෙන ලෝකය වන ඉන්ටර්නෙට් තුළ නෙවෙයි, අතින් අල්ලන්න පුලුවන් භෞතික ලෝකය තුල කරන්න පුළුවන් දේවල් ගැන තමයි කියන්න යන්නේ,


ඔන්න අහගන්නකෝ; අපේ ගෙදර වැඩිපුර කාමර 2ක් තිබ්බ අපි ඒව හොදට හදල මේ සීසන් ඒකට ගෙස්ට්ලට දුන්න, මම ඉතින් පොඩියට වෙබ් සයිට් ඒහකුත් හදල Booking.com ඒකටත් දැම්මා,
මේක ඉතින් වැඩිපුර කාමර තියෙන හැමෝටම කරන්න පුලුවන්, ඒත් ඒක නෙවෙයි වැඩේ , මේක නැගලම යනෝ 15$ වගේ දවසකට දැම්මම හරි, ඉස්සේල්ලම පොඩියට ඒපැයි පටන් ගන්න නේද?
ඔන්න අපිට කාමර ගාන වැඩි කරගන්න අදහසක් අාව, හදන්න පටන් ගත්තයි කියහන්කෝ අපේ ඉස්සරහ ඉඩමේ කාමර දෙකකුයි ඒ දෙකටම බාත් රූම් දෙකකුයි පොඩියට කුස්සියකුයි, තව පොඩියට සාලෙකුයි. ඉතින් ඒ වැඩේ සල්ලි තියෙන අයට වැඩක් නෙවෙයි, ඒත් අපිට ඒක ලොකු අායෝජනයක්, මොකද ඉස්සරහට සංචාරක කර්මාන්තය දියුණු වෙනවයි කියල 2017 ලිතක තිබිල මගේ අම්ම කියනව අැහුන, ;-). ඒක හදන්නේ තට්ටු දෙකට, 1ක තට්ටුවක්වත් මේ අවුරුද්දේ ඉවරයක් කර ගන්න උත්සාහයක් දෙන් ඕන:(

ඉතින් මම කිව්ව නේද මම වෙබ් සයිට් ඒකක් හැදුවයි කියල ඒ වෙනුවෙන්, මම ඒක Booking.com ඒකේම Affilate Marketing වලට යෙදෙව්වා, ඔන්න තවත් විදිහක අයෝජනයක්, මෙන්න ඒ වෙබ් සයිට් 1ක ගිහින් බලන්න, Affilate Marketing ගැන මම වැඩි දෙයක්නම් දන්නේ නෑ, ඒ ගැන දැන ගන්න ඕන නම් ඉන්ටර්නෙට් කියන මහ සාගරය තුල හොයල බලන්න දැන ගන්න අැහැක් වෙයි. පස්සේ කාළෙක Google Adsence වලටත් ඉල්ලන්න ඕන මොකද වෙන්නේ බලන්න, Affilate Marketing වලින් තාම කීයක් වත් හෙයිවේ නම් නෑ ළගදි තමයි ඒක පටන් ගත්තේ.

අහ් තව කිව්වා නේද අලුත් ඉදිකිරීමක් ගැන, ඒක හදන්න පටන් ගත්තේ 2016.12.10 වගේ දවසක තමයි ඉතින් ගෙයක් හදනවා වගේ ප්ලෑන් 1ක් අන්දවලා, පිරිතක් කියල ඒකත් පටන් ගත්ත, ප්ලෑන් 1ක හදපු මෑන් ගත්ත රු.18,000 ක් , පොඩි වැඩයි ඒක රැයයි ගාන හොදයි, මට ඒදා තමයි වැටහුනේ මම තෝරගෙන තියෙන ක්ෂ්‍රේතය කොච්චර හොදද කියල (මේ මිනිස්සු නැති උනාම කවුද මේවා කරන්නේ නේද? ඒ මෑන්ට වයස 65-70ක් විතර අැති), මම QS(Quantity Surveying), Construction පැත්තෙන් ඉස්සරහට යන්න තමයි ඉන්නේ ;-) අැත්තටම ඒක පොඩි වැඩක්, පර්චස් 3 1/2 ක 4ක විතර පොඩි භූමි ප්‍රමාණයක්, පර්චස් 1ක් මං හිතන්නේ අඩි 16x16 වගේ ප්‍රමාණයක්, අඩි 3x3 සයිස් බේස් වලවල් 12 හාරන්න වුන අපිට, මං ඉස්සරහට Construction ගැන Blog 1ක් ලියන්න තමයි හිතන් ඉන්නේ.

අපේ ඉදීකිරීමේ පළවෙනි දවස... 16 Bars ගෙනාවේ නැතැයි ඉතින් ඕව කපන්නේ අතින්ද ග්‍රයින්ඩරේකුත් ගත්ත රෙන්ට් ඒකට, දවසට රු. 300 ක්; කොහොම හරි කොලම් කණු 12ක් උඩට නැග්ගුවා.

ඉදීකිරීමේ තවත් දවසක්... ඉඩම ගොඩ කරා කොලම් කණු 12හේ මුල වැහෙන්න, මැටි ගෙනාවා ටෙන් වීල් 3ක් ඒකක් රු.4000 යි. හැමදේම පට්ට ගණන්, ඊට පස්සේ වැකර් ඒකක් ගෙනැල්ල පොළොව තැලුවා, ඒකට දවසට රු.2500 ක් පැය 4ක් වැඩ කරත් ඒ ගාන දෙන් ඕන (සර්වාංගේම හෙල්ලෙනෝ හලෝ ඒකෙන් වැඩ කරද්දී මාත් පොඩ්ඩක් තළල බැලුව☺)

ඉදීකිරීමේ තවත් ඒක් දවසක්... දැම්මා බිමට බීම්; කොලම් කණු 12 හම යා වෙන්න, Rubble Work (කළුගල් බැම්ම, කයිරු බැම්ම) වෙනුවට තමයි ඉටි කොළ ඒළල බීම් දැම්මේ; බීම් ඒකේ Form work(හැඩයම් ලෑලි ගැසීම, පැති ලෑලි ගැසීම) වෙනුවෙන් රෙන්ට් ඒකට ගත්ත යකඩ ලෑලි ඒකටත් ගියා දවස් දෙකකට රු 5000ක් වගේ...

ඉතින් මේක හොදට කියෙව්වනම් දන්නව අැති මොනවද අපිට කරන්න පුලුවන් කියල, ඕන වැඩක් හරියට කරන්න දියුණු වෙන්න පුලුවන්.


ගන්න පුලුවන් දෙයක් තියෙනම් ගන්න,:nerd:
comment ඒහෙකුත් දාගෙන යන්න
visi for more information: http://lkprogram.blogspot.com/2016/12/blog-post.html
 
  • Like
Reactions: jhoncenamama

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    h

    හොද ලිපියක් මචන්.... ජය වේවා.....ප්ලෑන් අදින එක නම් ප්‍රො‍ෆිටබල් මචන්
     

    Similar threads