2012/13 කාලේ කුමාර සංගක්කාරටයි, මහේල ජයවර්ධනටයි ක්‍රිකට් ආයතනය පැත්තෙන් එල්ලවෙන චෝදනාව තමයි පුහුණුකරුවන් අවශ්‍ය විදිහට පිතිකරු ස්ථාන වෙනස් කිරීමට එකඟ වෙන්නේ නැහැ කියන එක. මතක විදිහට මාවන් අතපත්තු පිතිකරණ පුහුණුකරු හිටිද්දි උත්සහ කරලා තිබුණා මහේල සහ සංගා කාලයක් ස්ථාවරව ඉන්න අංක 3 සහ 4 ස්ථාන චන්දිමාල්,මැතිව්ස් සහ ධනංජය යන තුන්දෙනා දාලා ඔවුන්ව පුහුණු කරන්න, එතනදි සංගා සහ මහේල අංක 5 සහ 6 ස්ථාන දක්වා පස්සට යන්න අකමැතිවුණා කියන රාවයක් පැතිරුණා. මේකත් එක්ක ඇරඹෙන්නේ මතවාදී ප්‍රශ්නයක්.
පස්සේ දිගින් දිගටම යන ගැටුම්වල ප්‍රතිඵලයක් විදිහට 2014න් පස්සේ සංගක්කාර සහ මහේල සමුගන්නත් කලින් සමුගත්තා ය කියන ප්‍රකාශය කරන තැනට ක්‍රිකට් ආයතනය පත්වෙනවා. පස්සේ සංගක්කාරලා ක්‍රිකට් නගාසිටුවන්න ගේන යෝජනාවට දයාසිරි පයින් ගහනවා, හරීන් ඒක පිළිගත්තත් ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ අතරේ මහේල පුහුණුකරුවෙක් විදිහට මුම්බායි ඉන්ඩියන්ස්ලා එක්ක තමන්ගේ ගමන හදාගනිද්දි සංගා තමන්ට තියන පෞර්ශත්වය සහ හැකියාවන් එක්ක ක්‍රිකට් පරිපාලනය පැත්තෙන් ඉහළට යන බව පේන්න තියනවා. එම්.සී.සී සභාපතිත්වය කියන්නේ ඒකේ එක් පියවරක්. මාස කිහිපයකට කලින් සංගාට අයි.සී.සී සභාපතිත්වය ලැබෙන්න යනවා කියන ආරංචියත් වේගයෙන් පැතිර යනවා, ක්‍රිකට් ආයතනය පවා කියනවා තමන් අයි.සී.සී ඉහළම පුටුවකට සංගාව යෝජනා කරන්න ඉන්නේ කියලා.
ඒ අතරේ හදිස්සියේම 2011 ක්‍රීඩා ඇමතිවරයා මහින්දානන්ද අලුත්ගමගේ ඡන්දය කට උඩ තියාගෙන තරඟ පාවාදීමේ චෝදනාවක් කරනවා. ඒ ක්‍රිකට් ආයතනයට හෝ අයි.සී.සී යට කරන පැමිණිල්ලකින් නෙවෙයි. සිරස රූපවාහිනියේ කෙටි සම්මුක සාකච්ඡාවක් අතරේ. මේ හරහා පටන්ගන්න විමර්ශනයට අරවින්ද, සංගා, තරංග ගෙන්වනවා. පැය ගාණක් දීර්ඝ ප්‍රකාශ ලබාන්නවා. අන්තිමේදි අතරමග විමර්ශනය නවත්තනවා, මහින්දානන්ද ආයෙත් කියනවා තමන් අයි.සි.සීයේ දූෂණ විමර්ශණ අංශයේ ප්‍රධානියාට චෝදනා ඊමේල් කලා කියලා. එම ප්‍රධානියා ඇලෙක්ස් මාර්ෂල් විශේෂ ප්‍රකාශයක් කරලා කියනවා තමන්ටවත් තමන්ගේ කාර්ය මණ්ඩලයටවත් එහෙම ඊමේල් ලැබිලා නෑ කියලා.. මේ සිදුවීම් දාමයේ අන්තිම වින්දිතයා සංගා ද?