ගොබ්බයො වෙන්න එපා

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    සමහර හොස්පිට්ල් වල RAT දහයක් කරහම නමයක් positive වෙනවා ඒකයි අද තත්වෙ.

    01.ඒක නිසා මොන vaccine එකද, විදින්නේ online order කරන්න පුලුවන්ද වගේ ප්‍රශ්න අහා අහා ඉන්න වෙලාවක් දැන් නැහැ. පළවෙනියට ලැබෙන අවස්ථාවේදීම vaccine එක මොකක් උනත් කමක් නෑ විද ගන්න.

    02 ඔෆිස් එකේ එක්කෙනෙක් positive වුණා මගේ යාළුවෙක් positive වුණා, දැන් මං මොකද කරන්නේ වගේ ඒවා ෆේස්බුක් එකේ දාලා අහනකොට. ඒවට දාලා තියෙන කමෙන්ට් දැක්කහම ෛද්‍යවරු වෙන අපිත් confused වෙනවා.

    03.ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙනවා , හැදෙන හැම 1000 කින් 15ක් මැරෙනවා. ඉස්සරහ ගෙදර එකා කිව්වා, මගේ යාලුවගෙ වඳ පුංචි අම්මා කිව්වා ඔය බේත් විදින්න හොඳ නෑ කියලා ඔය බේත් විදින්න නැතුව ඉන්න එපා, ඕක ඇරෙන්න වෙන සරණක් දැනට නෑ.

    04.කොටහලු, බර්ත්ඩේ,මගුල්, මරණ ගෙවල් අස්සෙ ගොබ්බයො වගේ රිංගන්න එපා. මොකෙක් හරි මළාම, මැරුන එකා මළා කියලා ගෙදර ඉන්න. එක එකා, නෑදෑයො සතුටු කරන වෙලාවක් නෙමෙයි මේක. තමන්ට හැදුනොත් ඔය කවුරුත් නැහැ. ඒ වගේම හතර වරම් ගිහිල්ලා තමන් නිසා තමන්ගෙ අම්මල තාත්තට හැදිලා තමන්ගෙ දෙමව්පියෝ මළොත් උඹලා ජීවත් වුණාට වැඩක් නැහැ... හෘද සාක්ෂියෙන් සමාවක් ලැබෙන්නේ නැහැ.

    05. සෙනග ගැවසෙන මොන මළදානෙටවත් යන්න එපා. හදාගත්තොත් hospital වල ඉඩ නැහැ, කොටින්ම ඇඳක් යට වත් ඉන්න වෙන්නේ නැහැ.

    06.එලියට බහින්නෙ රැකියාවට යන්න විතරයි. ඒකෙත් හැමවිටම සබන් දාල අත් සෝදලා ඉන්න ඕනේ, මාස්ක් එක දාන්න. හැම වෙලේම එක සැරෙන් සැරේ අතින් අල්ලන්න එපා, alcohol use කන්නම අවශ්‍ය නැහැ සබන් හොඳටම ඇති.

    07 වැඩේ හොඳටම අවුල් වෙලා තියෙන්නෙ එන්ට පණුවො වෙන්නත් උඹලා ජීවත් වෙලා ඉන්න එපෑ. මීටර් දෙසීයක් දුර තියෙන කඩේටත් මෝට සයිකල් ඒ හරි කාර් එකෙන් හරියන උඹලා, දවසේ සෑහෙන්න වෙලාවක් පුටුවක් උඩට වෙලා computer එකක් දිහා හරි ෆෝන් එක දිහා හරි බලාගෙන ඉන්න උඹලා,අපි මහා ලොකු පිට් පොරවල් අපිට නං ඕක හැදෙන එකක් නැහැ කියලා හිතන්න එපා, ඕගොල්ලන්ට වැඩිය fit පොරවල් වලට හැදිලා මැරිලා මෝචරියෙ පෝලිමේ ඉන්නවා.

    ඒක නිසා පිස්සු කෙලින්න එපා.
    පල්ලෙහා තියෙන්නෙ එක්තරා හොස්පිටල් එක අද කරපු RAT දහයක result
    යාළුවන්වත් දැනුවත් වෙන්න මේක share කරන්න
    ස්තුතියි!

    වෛද්‍ය පුලස්ති සේනාරත්න

    230134443_525627425414433_2793525024529330131_n.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඇත්ත සමහර මිනිස්සු අනිත් ඇයගේ බ්‍රේන් වොෂ් කරනවා ඕක ගන්න එපා වක්සින් එක ෂුවර් ද අහනවා...

    මගෙන් එකෙක් අහද්දී මම ඇහුව උබට ඉපදුනු දවසේ ඉඳල ගහපු වැක්සින් ගැන උබ අඩු තරමේ ක්ලිනික් කාර්ඩ් එක අරන් වත් හොයල බැලුවද කියල ?

    මගෙත් එක්ක කතා බහක් නෑ දැන් ඌ
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ලෝකෙ තියන හොදම වැක්සින් එක දෙන්න බැරි ආන්ඩුවක් මොකටද
    යකෝ ආණ්ඩුව මෙහෙම හරි කරන එක ගැන සතුටු වෙයන් (මම බයියෙක් නොවෙමි) මෙහෙමවත් වැක්සින් ආපු නැති රටවල් තියෙනවා මචෝ...
     
    • Like
    Reactions: lilman

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලෝකෙ තියන හොදම වැක්සින් එක දෙන්න බැරි ආන්ඩුවක් මොකටද

    මගෙ බල්ලවත් ගහන්නෙ නෑ චීන ජරාව
    balla mona wargeda? nama mokakda :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලෝකෙ තියන හොදම වැක්සින් එක දෙන්න බැරි ආන්ඩුවක් මොකටද

    මගෙ බල්ලවත් ගහන්නෙ නෑ චීන ජරාව
    චීන්නු බල්ලන්ට වෑක්සීන් ගහන්නේ නෑ.. කෙලින්ම කෑමට ගන්නවා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ලෝකෙ තියන හොදම වැක්සින් එක දෙන්න බැරි ආන්ඩුවක් මොකටද

    මගෙ බල්ලවත් ගහන්නෙ නෑ චීන ජරාව
    ආන්ඩුවට විරුද්දව තව එක වචනයක් කිව්වොත් මරල දාන්ව දැනගනින් තලවතුගොඩ ටවුම මැද්දට ගෙනත් හ්ම්.😑
     
    • Haha
    • Sad
    Reactions: jusi and Solo Rider

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ඇත්ත සමහර මිනිස්සු අනිත් ඇයගේ බ්‍රේන් වොෂ් කරනවා ඕක ගන්න එපා වක්සින් එක ෂුවර් ද අහනවා...

    මගෙන් එකෙක් අහද්දී මම ඇහුව උබට ඉපදුනු දවසේ ඉඳල ගහපු වැක්සින් ගැන උබ අඩු තරමේ ක්ලිනික් කාර්ඩ් එක අරන් වත් හොයල බැලුවද කියල ?

    මගෙත් එක්ක කතා බහක් නෑ දැන් ඌ
    dead 🔫
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    යකෝ ආණ්ඩුව මෙහෙම හරි කරන එක ගැන සතුටු වෙයන් (මම බයියෙක් නොවෙමි) මෙහෙමවත් වැක්සින් ආපු නැති රටවල් තියෙනවා මචෝ...
    ඒක මන් ආතල් එකට කීවෙ, සිරා නෙවෙයි


    balla mona wargeda? nama mokakda :)
    දෙන්නෙක් ඉන්නව බන්, කොල්ලගෙ නම ශැගි මල්ලි, කෙල්ල චූටි මැනිකෙ 🤗
    දේසීය වර්ගය
     
    • Haha
    Reactions: yakshaya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    යකෝ ආණ්ඩුව මෙහෙම හරි කරන එක ගැන සතුටු වෙයන් (මම බයියෙක් නොවෙමි) මෙහෙමවත් වැක්සින් ආපු නැති රටවල් තියෙනවා මචෝ...
    ඩොලර් 3ටත් වඩා අඩුවෙන් තමයි වැක්සින් ආවේ. ඒ කාලේ මිනිස්සුන්ට ධම්මික පැණිය පොවලා. දැන් ඩොලර් 15 පන්නල වැක්සීන් ගෙන්නන එකටද උබ සංවේදී වෙලා අපිට සතුටු වෙන්න කියන්නෙ?

    කොරෝනා එනකොට රට වැහුවෙ නෑ. කොරෝනා අඩු උනාම යුකේනයෙනුයි ඉන්දියාවෙනුයි ආනයනය කරලා රට වටේම පැතිරෙව්වා උන්ගෙ පකේ ඉක්ස්පෙරිමන්ට් වලට.

    මුන්ට කොරෝනා ඕන. කොරෙඔන නැතුව බෑ. කොරෝනා රටේ පැතිරිලා මිනිස්සු මැරෙන්න ඕන. එතකොට උන්ට කොරෝන පෙන්නලා උන්ගෙ බැරි කම වහගන්න පුළුවන්. අනික තමා වැක්සීන් වලින් මාටියා ගහන එක. හොටෙල් නිරෝදායනය කරලා උන්ගෙ මැතිවරණ වලට සල්ලි විසික් කරපු හොටෙල් කාරයින්ට කප්පම් ගෙවනව. උබට නම් ගොඩක් සතුටු ඇති.
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,173
    1
    100,974
    113
    34
    Kalutara
    අපේ පැත්තේ එකෙක්ට වැක්සීන් එක වැඩ කරන තැනින් ගහන්නත් චාන්ස් එක ඇවිල්ලා මූ කට්ටි පැන පැන ඉන්නවලු. අනේ මන්දා මොන මානසිකත්වෙක ඉන්නවද කියල. මම මේ ගහගන්න විදිහක් නැතුව ඉන්නවා මුන් ගහන්න ඇවිල්ලත් ගහන්නේ නෑ.

    අනික ඉතින් සයිනොඵාම් නෙමෙයි හොඳම එක හැබැයි නැතුවට ගහන්න හොඳම එක ඕක තමා. දැන් නම් සයිනොඵාම් ගහල කොරියාටවත් ගන්නේ නැහැල්ලු. 😪
     
    • Like
    Reactions: Solo Rider