ගොසිප්_ජාතකය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගොසිප් ජාතකය

    1. පළවෙනි කොටුවෙන් බැලුවම- අන්තිම කොටුවෙන් පේනවා
    රජකුමරා රජකුමරිව- බඳින්ට තව කල් තියනවා
    2. කුමාරයෝ දිනපු දාට- පිට්ටනියේ මල් හැලෙනවා
    නිකමට හරි පැරදුනොතිං දිනපු උංට පොරි හැලෙනවා
    3. තුන්වැනි කොටුවෙන් පැන්නම- බැල්කනියෙන් දෙරි ගහනවා
    ඔව්ව ඉතිං පළ කෙරුවම- "අරයට" හරි ඩෝං යනවා
    4. කොයි කොටුවත් එකයි අපිට- අහුවෙන කිකිළිට කොටනවා
    සෙන්චරියක් දාල අනික් කුකුල්-ලුන්ට පාටි දෙනවා
    5. පස් වෙනි කොටුවේ කුමරා- හඳට යන්ට දින ගණිනවා
    කිරි පැණි මුට්ටිය ගෙනවිත්- ජනතාවට කන්ට දෙනවා
    6. හය වෙනි කොටුවෙන් බැලුවම කවුද එකෙක් යකඩ කනවා
    7. හත් වෙනි කොටුවේ මිනිහම "අරය" එක්ක සෝක් වෙනවා
    8. දළදා පෙරහැර බලන්ට මහ හූරී ඇන්ට වෙනවා
    වැද්දො තොපිට සීට් කොදොයි මංගච්චං යන්ට වෙනවා
    9. කොටුවෙන් කොටුවට පැන පැන-
    ඇමතියො බට්ටෝ පනිනවා
    කොළඹ දුවන කෝච්චියට- මගියෝ නම් පට බඳිනවා
    ගඟ උතුරන්නා වාගේ- පෙළින් පෙළට නිවුස් එනවා
    ගොසිප් ජාතකේ කොටුවෙන් කොටුව ඉතිං දිග්ගැහෙනවා
    ලලයි ලිලයි ලයි කිය කිය- දිගට දිගේ ජොලි කොරනවා
    වලයි පෙට්ටියයි ඕනෑ වෙන දවසක් ළඟම එනවා
    හිස මැරුණම බැහැ පිංවත කඳ බඩ ජීවත් කොරංඩ
    කුණු වුනු මිනියක ගඳ බැහැ සැන් සුවඳින් වහංගංඩ
    10. අන්තිම කොටුවෙන් බැලුවම- මහ පාරට සෙනග එනවා
    ගොසිප් ජාතකේ එදාට- නිට්ටාවට ඉවර වෙනවා


    :yes::yes::yes::oo::baffled::rofl:
     
    • Like
    Reactions: SSR@