ගෝටාගේ කුමන්ත‍්‍රණයට උදයංගගෙන් ගුවන් ප‍්‍රහාරයක්.. මිග්යානා ගිවිසුමත් පොතට දාන්නැයි කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,590
    113
    ගෝටාභය රාජපක්ෂ විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනුකරන ලදල විදේශ අමාත්‍ය අලි සබ්රි නීතීඥවරයා පෙනීසිටින ලද නඩුවට රැගෙන ගිය මිග්යානා ගිවිසුම ශ්‍රී ලංකාව තුල නැතිවී සොයා ගැනීමට නොහැකි වීම ‘කුමන්ත්‍රණය’ පොතට එකතුවිය යුතු තවත් පරිච්ඡේදයක් යයි රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතංග මහතා පවසයි.


    මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.


    මිග් යානා නඩුවට අදට වසර 09 යි. නීතිපති උපදෙස් වසර 7 ක් තුල ලබා නොදෙන්නේ ඇයි?


    ශ‍්‍රීලංකා ගුවන් හමුදාවට 2006 වර්ෂයේදී මිග්යානා මිලදී ගැනීමේදී සිදු වී ඇති මුල්‍ය අක‍්‍රමිකතාවයන් සම්බන්ධයෙන් 2015 මාර්තු 05 දින “සන්ඬේ ටයිම්ස්” පුවත්පතෙහි මාධ්‍ය ලේඛක ඉක්බාල් අතාස් විසින් අනුර කුමාර දිසානායක ඇතුළු ඔහුගේ හිටපු පුද්ගලික ලේකම් ආනන්ද විජේපාල අධ්‍යක්‍ෂ යටතේ ක්‍රියාත්මක වූ “දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය” වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට 2015 මාර්තු 26 වෙනිදා ගොනුකරන ලද මිග් යානා නඩුව පසුගිය වසර 09 යක් පුරාවට කොටුව මහේස්ත්‍රාත් උසාවිය තුල කැදවා ඇත. එසේ නමුත් 2017 මැයි 31 දා සිට වසර 07කට ආසන්න කාලයක්‌ නීතිපති උපදෙස් ලබා නොදීමට හේතුව පුද්ගලික දේශපාලන පළිගැනීම් බව රටටම හෙළිදරව් වී හමාරය.


    මේ ගනුදෙනුවෙහි ප්‍රධානතම ලේඛනය වන SLAF/2006/07/Air ගිවිසුම අස්ථාන ගත වී ඇති නමුත් ඊට වගකිවයුතු ගුවන් හමුදා නිලධාරීන් මෙම නඩුවෙහි සැකකරුවන් ලෙස හෝ නම් නොකිරීම පිළිබඳ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේදී මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන්ට චෝදනා කරන ලදී.


    බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති, රෝෂාන් ගුණතිලක විසින් අත්සන් කරන ලද මිග් යානා ගිවිසුම අස්ථානගත වීම සම්බන්දව විමර්ශනයක් සිදුකර අධාල තොරතුරු උසාවියට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියෝග කරන ලදී.


    ගෝටාභය රාජපක්ෂ විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනුකරන ලද, විදේශ අමාත්‍ය අලි සබ්රි නීතීඥවරයා පෙනීසිටින ලද නඩුවට රැගෙන ගිය මිග්යානා ගිවිසුම, ශ්‍රී ලංකාව තුල නැතිවී සොයා ගැනීමට නොහැකි වීම “කුමන්ත්‍රණය” පොතට එකතුවිය යුතු තවත් පරිච්ඡේදයකි.


    මා විසින් මිග් යානා ගිවිසුමට කිසිදු අත්සනක් යොදා නැති අතර එම ගිවිසුම අත්සන් කරන ලද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ගේනාධි ස්තුදිනිකින් මහතා මෙන්ම, මිග්යානා ගනුදෙනුවට අනුමැතිය ලබාදුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් කටඋත්තරයක් ලබාදුන් බව නඩු වාර්තාව තුල අඩංගු නොවීම නිසාම මිග්යානා ගිවිසුම කූඨටලේඛනක් ද යන්න රටට ප්‍රහේලිකාවකි.
    මාගේ සියලූ ගිණුම් අත්හිටුවාලීමට 2015 අප්‍රේල් 29දා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව ද මතක්කරමි. නමුත් ශ්‍රීලංකා පොලිසිය හා ශ්‍රීලංකා මහබැංකුව එකතුව මාස 108 ක් පුරාවට පරීක්ෂණ සිදුකර ඇති අතර ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුමට බැරකර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැතිව, සිදුකරන චෝදනා හුදෙක් දේශපාලන පළිගැනීම් බව අවධාරණය කරමි.


    මෙහිදී ශ්‍රී ලංකාවේ බැංකු කෙරෙහි ඇති විශ්වසය කඩ කරමින්, ගිණුම්කරුවකුට අනාරක්ෂිත කරමින්, බැංකු ගිණුම් අක්‍රීය කරමින් සිදුකරන දේශපාලන පලිගැනීම් ඉදිරියට ද සිදුවන බැවින්, එතෙරදී උපයන මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවල තැන්පත් කර, මා මෙන් රජයේ ගොදුරක් නොවන ලෙස ලාංකිකයන් දැණුවත් කිරීම මගේ යුතුකමකි. අද අධිකරණය මා සැකකරුවකු කිරීමට එරෙහිව නිතියෙන් පිළිසරණක් නොලැබුණත්, ස්වභාවධර්මයත්, කාලයත් යම් දිනයක මට සාධාරණය ඉටුකරනු ඇත.


    උදයාංග වීරතුංග
    රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති

    ko me gothage gu kana ballo @2osama @N A K A M U R A @weer 11 @hirashgeff
    @netudara awajathaka nugah podi hujja kolla
    @nicjosh83 AKA @John Dutton BORNA AGAIN WESIGE PUTHA
     
    • Haha
    Reactions: Xi Jinping

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,822
    20,202
    113
    Gotland
    මස්සිනා අහනවා මොකද උනේ කියල
    බයියෝ කියනවා ඌ රට බෙරගත්තලු මිග් ගෙනාවේ නැතිනං ප්‍රබාකරන් ලු දැන් ජනාදිපති
     
    • Like
    Reactions: INCORRECT

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,095
    22,527
    113
    දවල්ට ගහගන්නවා , රෑට එකට බීලා එකම අපාර්ට්මන්ට් එකේ බඩු සෙට් එකක් එක්ක බුදියගන්නවා. මොන ජීව්තද බන් මුන්ට ඇත්තේ...?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,435
    1
    34,816
    113
    Erozan's Mom's room
    දවල්ට ගහගන්නවා , රෑට එකට බීලා එකම අපාර්ට්මන්ට් එකේ බඩු සෙට් එකක් එක්ක බුදියගන්නවා. මොන ජීව්තද බන් මුන්ට ඇත්තේ...?

    මිනිස්සුන්ගේ හොරාකාපු සල්ලි වලට කරන්න දෙයක් නෑ මුන්ට
     
    • Dislike
    Reactions: 2osama

    Similar threads