අරගලේට මුලින් බැස්සෙ මැද පංතියේ සහා ඉහල මැද පංතියේ.. ධනවත් කොටස උදව් කරා. හේතුව තෙල්, ගෑස්, මුදල් අතේ තිබුනත් අවස්‍ය දේ ගන්න නොහැකි වීම. මොකද අරගලේ පටන් ගන්නවනං පටන් ගන්න තිබුනෙ ඊට කලින් පොහොර ටික නැති වෙද්දි. එහමනං "Go home gotta" නෙවෙයි "මදැයි කොරා දැං පල" වගෙ ස්ලෝගන් එකක් යන්නෙ. මං මුලින් කියපු මැද සහා ඉහල මැද පංති හිත යටිං ටච් කරන කොටසකුත් ඉන්නව. එයාල කොහොමත් FB, you tube, tik tok වලින් අර පංතියත් එක්ක සමාන වෙන්න කැමතිය. එයාල අරයලව අනුගමනය කරමින් අරගලේට එකතු උනා. ඉහල මැද පංතිය කොහොමත් ක්රියේටිව්. ගොඩක් දුරට කොළඹ, ඇඩ්වර්ටයිසින්, අලුත් ටෙක්නික් එක හසුරවන්න පුලුවන් සෙට් එකක්. අරගලේ බ්‍රෑන්ඩ් එකක් කලා. බ්‍රෑන්ඩ් එක මාර්කට් කලා. ඒකනෙ අප්පු හාමි කුරුසෙ කර ගහන් එනකොට දුන්න පබ්ලි සිටිය හලාවත ඉදන් ආපු කොල්ලට නැති වුනෙ.
බනින්න ඕන එකා බනින්න බය වුනා. අරගලේට ගිහින් පොටෝ එකක් දැම්මෙ නැත්තං කෝං වෙන ලයින් එකක් තිබ්බෙ. මේක ඇදගෙන යන්න ගෙවල් වලට වෙලා නිකන් හිටිය tik tok, you tubeල ටික එතනට සෙට් උනා. තව ලෙඩා බලාගන්න සල්ලි දීල තියනව වගේ දවල්ට කොම්පඤ්ඤවීදියෙන් කට්ටියක් ඇවිත් ඉන්නව. අරගලය කොම්පඤ්ඤවීදියට හොද ආදායම් මාරගයක් වුනා. මේක පටන්ගත්ත පංති දෙක හවසට වැඩ ඇරිල ඇවිත් වාහනේ පාක් කරල, සිංදුවක් කියල, රොටියක් කාල හිටිය. රනිල්ගෙ චන්ද පදනම මොකද්ද කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැ කියල හිතනව. ඒ කොටස ඔතනින් ටික ටික ඉවත් වෙලා යයි. නිර්පාක්ෂික නොවන එහෙත් නිර්පාක්ෂික කොටස් දිය වෙලාම යයිද?