‘අනාගත ජනාධිපති හමුවන්න’ ගොස් පැය කීපයයි..! ‘අනාගත ජනාධිපති’ ලසන්ත ඝාතනයට විත්තිකරුවෙකු කර සිතාසි බාරදෙයි..! ගහලයාගේ සිහිනය ඉවරයි..!!
(ලංකා ඊ නිව්ස් -2019.අප්‍රේල්.08, ප.ව.12.20) නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නමැති ගහලයාගේ ජනාධිපති සිහිනය විනාශ කරමින් මීට පැය කිහිපයකට පෙර කැලිෆෝනියාවේ දී (කැලිෆෝනියාවේ වේලාවෙන් 7 ඉරිදා සවස ) ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගෝඨා විත්තිකරුවෙකු කරමින් ඇමරිකාවේ පැවරූ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසියක් ගෝඨාභයගේ අතටම බාර දී තිබේ.
මෙම නඩුව පවරා ඇත්තේ ලසන්ත වික්‍රමතුංගගේ ඇමරිකාවේ පදිංචි දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය විසිනි.
ගෝඨාභය සිය පවුල පිටින් කැලිෆෝනියාවට ගොස් සිටියේ ඔහුගේ ව්‍යාපාරික සගයෙකු වන සංජීව ගුණසේකර නමැත්තාගේ දියණියකගේ විවාහ උත්සවයට සහභාගී වීමට ය. ඉරිදා දහවල් ගෝඨාගේ තවත් ගජයෙකු වන මල්රාජ් නමැත්තා සංවිධානය කළ ‘අනාගත ජනාධිපති හමුවන්න’ (Meet Future President) නම් මුදල් එකතු කිරීමේ වැඩ සටහනකට සහභාගී වූ ගෝඨාභය ඇමරිකාවේ ප්‍රකට ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයේ කැලිෆෝනියාවේ පිහිටි වෙළඳ සංකීර්ණයකට ගොස් තිබේ.
ඔහු පසුපස ලුහුබැඳ ඇති අධිකරණ නිලධාරීහු ඉහත කී සිතාසිය වෙළඳ සංකීර්ණය තුලදී ඔහුගේ අතටම බාර දී බාර ගත් බවට අත්සනක් ද ලබාගෙන තිබේ.
ගෝඨාභයගේ කුප්‍රකට මිග් ගණුදෙනුව ගැන දිගින් දිගටම තොරතුරු අනාවරණය කළ සන්ඩේ ලීඩර් එවක කර්තෘ ලසන්ත වික්‍රමතුංග බැටළුවන් ඝාතනයට භාවිතා කරන ආයුධයකින් හිසට ඇන අමානුෂික ලෙස ඝාතනය කරන ලද්දේ 2009 ජනවාරි 8 වෙනිදා ය. 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ජනාධිපතිවරයා ලෙස සිරිසේන බලයට පැමිණි අතර ඔහු ජනවාරි 9 වෙනිදාම ලයිට් නිවාගෙන ගෝඨාභය සමග රහසිගත සාකච්ඡාවක් කළ බව හෙළි කෙළේ සිරිසේනගේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලියූ පොතකිනි. ඒ අනුව ලසන්ත ඝාතනය ගැන පරීක්ෂණ යහපාලන ආණ්ඩුව යටතේ දියත් වුවද ඒ පරීක්ෂණ බරපතල ලෙස අඩාල කෙරිණ. හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවාට දැඩි ලෙස විරෝධය දැක්වූයේ සේනාධිනායක සිරිසේන ය. ඊට එරෙහිව ක්‍රියා කිරීමට අගමැති රනිල්ගේ එජාපෙ ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ ද නැත. ඒ හේතුවෙන් වසර 4 ක් ගියද ලසන්ත ඝාතනය ගැන නඩුවක් පැවරීමට ලංකාවේ යහපාලන යැයි කියා ගත් ආණ්ඩුවට නොහැකි විය. ලසන්තගේ දියණිය අහිම්සා ගහල ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ දී නඩු පවරා ඇත්තේ ඒ අනුව ය.
ගෝඨාභය මෙවර ඇමරිකාවට ගියේ දෙරණ නාලිකාවේ අයිතිකාර දිලිත් ජයවීර හෙවත් ‘ගංජ හුටං’ සහ ඔහුගේ පවුලේ අයද සමග ය. ඔවුන් ලබන 12 වෙනිදා ලංකාවට පැමිණීමට නියමිතව සිටියද දැන් ගෝඨා පැටලී ඇති නඩුව අනුව ඔහුට 12 වෙනිදා ලංකාවට පැමිණීමට නොහැකි වනු ඇත. සමහර විටෙක මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අවසන් වන තුරු ද ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි විය හැකිය. මන්ද යත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් වන බැවිනි. ඉරිදා උදයේ ‘අනාගත ජනාධිපති හමුවන්න’ ගිය කැලිෆෝනියාවේ සිංහල ගොබ්බයන්ගේ සිහිනය සවස් වෙද්දී වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල කඩා වැටුනා සේ කඩා වැටී තිබේ.
සේයාරුවේ දැක්වෙන්නේ සිතාසිය කඩා වැටීමට පෙර ගංජ දිලිත් සමග ගහල ගෝඨා ගීත ගයමින් විනෝද වූ අවස්ථාවකි.
lankaenews




