ගෝඨාගේ බඩු ආගමන විගමනේ නෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝඨාගේ බඩු ආගමන විගමනේ නෑ

    ගෝඨාගේ ‌හොරවැසි නඩුව: ‌ගෝඨාගේ බඩු ආගමන විගමනේ නෑ; ආගමන විගමන පාලක අධිකරණයට කියයි; ‌ගෝඨාගේ නීතිඥයා ‌බොරු කී බව ‌හෙළිවේ; බැසිල්ගේ සහ ගෝඨාගේ අයැදුම්පත් වල 'ස්පෙලින් මිස්ටේක්' සමාන වුනේ ‌‌කෙසේද?

    (ලංකා ඊ නිව්ස් -2019.ඔක්.02, ප.ව.5.45) ‌පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පුරවැසියෙක්ද? ‌හොරවැසියෙක්ද? යි විභාග ‌කෙරෙන අභියාචනාධිකරණ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.බී.එස් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ අධිකරණයට දැනුම් දුන්නේය.

    එහිදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ වෙනු⁣වෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ 2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාල ගත කළ බවත් එහිදී 2007 ට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට තමාට දැනගන්නට ලැබුණු බවත් , ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකරන බවයි

    ඊට පිළිතුරු කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ එම චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බවත් , ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපි ගොනුවක් විනාශ කර නොමැති නමුත් ‌ගෝඨාබය සම්බන්ධ කිසිදු ලිපි ‌ගොනුවක් එහි ‌නොමැති බවයි.

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යනු රටේ ජනයාගේ පුරවැසිභාවය සම්බන්ධ ලේඛන පවත්වාගෙන යන වැදගත්ම දෙපාර්තමේන්තුව වන අතර ගෝටාභය රාජපක්ෂ මහතාට ආන්දෝලනාත්මක ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිකුත් කරන සමයේ එම දෙපාර්තමේන්තුව පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ වන අතර එහි ලේකම් වරයා වූයේ ගෝටාභය රාජපක්ෂමය. ඇමතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්ස්ම් විභාගය අද අභියාචනාධිකරණයේදී එහි සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිදු විය.

    වැඩි දුර විභාගය ‌හෙට දවල් 1.30 දක්වා කල් තැබිණ.

    ලංකා ඊ නිව්ස් ‌වෙත වාර්තා වන අන්දමට බැසිල් රාජපක්ෂ තම ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2007 වසරේ දී ය. ‌ගෝඨාභය ද තම අයැදුම්පත ඉදිරිපත් කර ඇත්තේ එදිනම වන නමුත් තම අයැදුම්පත 2005 ‌නොවැම්බර් 21 වැනි දින ‌ලෙස ව්‍යාජව ආපසු දිනයක් ‌යොදා ඇත. ‌බැසිල්ගේ සහ ‌ගෝඨාගේ අයැදුම්පත් එකම අයෙකු විසින් එකම දිනයක පුරවා ඇති බව තහවුරු වන කාරණා රාශියක් ඇතැයි එවායේ පිටපත් ඇසින් දුටුවෙක් ලංකා ඊ නිව්ස් ‌වෙත පවසයි. අත් අකුරු සමානය. 'ස්පෙලින් මිස්ටේක්' ඇති අතර ඒවාද සමාන ය. ‌බැසිල් සහ ‌ගෝඨා ස්ථාන ‌දෙකක ඉපැදී ඇති නමුත් උපන් ස්ථානය ‌ලෙස අයැදුම් පත් ‌‌දෙකේම සඳහන් කර ඇත්තේ එකම ස්ථානයක් ‌ලෙස වූ මාතර රාහුල මාවතේ ලිපිනයකි. තම අයැදුම්පත ව්‍යාජ එකක් බව දන්නා ‌ගෝඨාභය තමාගේ යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු එකී ලිපි ‌ගොනුව අස්ථංගත කර ඇති බව පැහැදිලිය.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක අදාල නෑනෙ ඉල්ලන්න
    නැත්තං ඒක වෙනම වැරැද්දක්
    ජනාධිපතිවරණෙට ඉල්ලන්න අදාල වෙන්නෑනෙ
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඒක අදාල නෑනෙ ඉල්ලන්න
    නැත්තං ඒක වෙනම වැරැද්දක්
    ජනාධිපතිවරණෙට ඉල්ලන්න අදාල වෙන්නෑනෙ

    Dan gotata ratak na me kiyana widiyata.
    Americawen ehe citizenship remove karalanam meheth naththam ithin
    No country for old man thama
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    මගේ බයියෙක් ඉන්නවා මුල් දවස් වල ඝෝටා කියලා මැරෙන්න හැදුවා දැන් ශිරන්ති දාල දිනන්නේ කිය කිය යනවා . ඌත් සීන් එක දනන්වා වගේ . ඌ මහින්දව දේවත්වයෙන් අදහන්නේ . ඌත් ශිරන්ති ගැන කියනව කියන්නේ වැඩේ දෙල් තමා. මොනා උනත් එක හොරෙක් අයින් වෙන හොදයි . තව එක හොර නඩයයි ඉන්න්නේ උන් එක්ක ප්‍රගතිශිලි ජනතාව එක්ක එන විකල්පය. මරු සටනක් තියනවා මේ පාර . අජිත් කොලන්නගේ කියපු කතාව හරියාගෙන එන්නේ දැන් තමා. මනුස්සයා බුද්ධි අංශේ හිටියේ පොල් ගාන්න නෙමෙයි නේ , අනික කියපු ඒවා එලෙසම වෙලත් තියනවා .
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඒක අදාල නෑනෙ ඉල්ලන්න
    නැත්තං ඒක වෙනම වැරැද්දක්
    ජනාධිපතිවරණෙට ඉල්ලන්න අදාල වෙන්නෑනෙ
    නිතිවිරෝදීව රට තුල සිටින විදේශික සංචාරයෙක් හොර පාස්පෝට් හොර සහතික සහ හැඳුනුම්පත් පෙන්නලා මැතිවරන කොමිසම නොමග යවලා රටේ ජනාධිපති උනොත්, ඒක ලොකු ජාත්‍යන්තර ආන්දෝලානාත්මක සිද්ධ්යක් සහ රටට විශාල කැලලක් වෙනවා.අනිත් එක එහෙම එකෙක්ට ජනාධිපතිකම දුන්නත් අධිකරනය කීවොත් ඔහු ශ්‍රී ලංකිකයෙක් නෙවෙයි ඉල්ලිගල් ඉමිග්‍රන්ට් කෙනෙක් කියලා ජනාධිපතිකම අහෝසි වෙනවා.:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිතිවිරෝදීව රට තුල සිටින විදේශික සංචාරයෙක් හොර පාස්පෝට් හොර සහතික සහ හැඳුනුම්පත් පෙන්නලා මැතිවරන කොමිසම නොමග යවලා රටේ ජනාධිපති උනොත්, ඒක ලොකු ජාත්‍යන්තර ආන්දෝලානාත්මක සිද්ධ්යක් සහ රටට විශාල කැලලක් වෙනවා.අනිත් එක එහෙම එකෙක්ට ජනාධිපතිකම දුන්නත් අධිකරනය කීවොත් ඔහු ශ්‍රී ලංකිකයෙක් නෙවෙයි ඉල්ලිගල් ඉමිග්‍රන්ට් කෙනෙක් කියලා ජනාධිපතිකම අහෝසි වෙනවා.:lol:

    ඇයි ගෝඨ ලංකාවෙ පුරවැසියෙක් නෙමේද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    • Like
    Reactions: Pessimist

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර දුන්නේය.

    ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා විදේශගතවීම සදහා කරන ලද ඉල්ලීඹක් මත මෙම නිදහස් කිරීම සිදු කර ඇත.

    ඒ අනුව එළැඹෙන 09 වැනිදා සිට 12 දක්වා රාජපක්ෂ මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

    කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිබාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් විභාග වෙමින් තිබියදී තව දුරටත් ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිත කිරීමට අවසර දීම විශේෂත්වයකි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර දුන්නේය.

    ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා විදේශගතවීම සදහා කරන ලද ඉල්ලීඹක් මත මෙම නිදහස් කිරීම සිදු කර ඇත.

    ඒ අනුව එළැඹෙන 09 වැනිදා සිට 12 දක්වා රාජපක්ෂ මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

    කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිබාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් විභාග වෙමින් තිබියදී තව දුරටත් ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිත කිරීමට අවසර දීම විශේෂත්වයකි.


    එයාල යාලුවෝ මල්ලි