ගෝඨාභයගෙන් සරත්ට පිළිතුරු
අද ඔහු ඉන්නේ ඔහුට සමච්චල් කළ අය සමඟයි !
අපි මොකද කරන්නේ!
යුද්ධයේදී මූලික වුණේ ජනාධිපතිතුමාගේ තීරණයයි
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ
http://www.divaina.com/2009/12/06/politics06.html
සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන ආගමනයත් සමඟ ඔහු විසින් ආණ්‌ඩුව තමාට කරන කෙනෙහිලිකම් ගණනාවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
ඒ සඳහා වන රජයේ පිළිතුර කුමක්‌ද?
එය දැනගැනීම සඳහා "දිවයින" යොමුවූයේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙතය.
ප්‍රශ්නය- යුද හමුදාවේ හැට වැනි සංවත්සරය තෙක්, තමන් එම තනතුරේ රැඳී සිටීමට ආණ්‌ඩුවෙන් ඉල්ලීමක් කළත්, ඒ සඳහා ආණ්‌ඩුව තමන්ට අවසර ලබා නොදුන් බව සරත් ෆොන්සේකා මහතා පවසනවා. ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුරක් නිර්මාණය කර ඔහු හමුදාපති ධුරයෙන් ඉවත් කිරීමට ආණ්‌ඩුව තීරණය කළේ ඇයි?
පිළිතුර - ඇත්ත වශයෙන් ම එම වෙනස් කිරීම සඳහා හේතුවුණු වෙනත් කාරණා තිබෙනවා. එයින් ප්‍රධානතම දේ තමයි, ජනාධිපතිතුමාට නාවික හමුදාපති තනතුර සඳහා අද්මිරාල් තිසර සමරසිංහ පත් කිරීමට තිබු අවශ්‍යතාවය. නමුත් ඔහු ජුලි 16 වැනිදාට වයස 55 සපුරනවා. වයස 55 වූ පසු හමුදාවේ සෑම නිලධාරියකුම විශ්‍රාම යා යුතුයි. විශ්‍රාම ගිය පසු, සේවාව දීර්ඝ කිරීම් ලබාදෙන්නේ හමුදාපතිවරුන් පමණයි. වෙනත් නිලධාරියකුගේ සේවාව දීර්ඝ කළහොත්, ඔහුගේ සේවාව ර¹ පවතින්නේ සුපිරි දීර්ඝ කිරීමේ පදනම මත. එම පදනම මත සේවා දීර්ඝයක් සිදු කර හමුදාපතිකමක් ලබාදීම සම්ප්‍රදායානුකූලව සිදු කරන්නේ නැහැ. එම සම්ප්‍රදාය බිඳ දමන්න, ජනාධිපතිතුමා කැමැත්තක් දැක්‌වූවේත් නැහැ. මේ නිසා නාවික හමුදාපති ලෙස අද්මිරාල් තිසර සමරසිංහ මහතා ජුලි 16 වැනිදාට ප්‍රථමයෙන් පත් කළ යුතුව තිබුණා. එවකට සිටි නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වෙනුවට අද්මිරාල් තිසර සමරසිංහ එම තනතුරට පත් කළයුතුව තිබුණා. නමුත් මේ අවස්‌ථාවේදී ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය වූයේ, අද්මිරාල් කරන්නාගොඩ, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමටයි.
ත්‍රිවිධ හමුදාපතිවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතමයා බවට පත්ව සිටියේ ඔහු නිසා එම තනතුරට සුදුස්‌සා වූයේ ඔහුයි. මේ අවස්‌ථාවේදී මම ඒ බව, යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාට දැන්වූ විට, ඔහු ඒ සඳහා විරුද්ධ වුණා. ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුර වඩා සුදුසු වන්නේ යුද හමුදාවට ලබාදීම බවත්, අද්මිරාල් කරන්නාගොඩ යටතේ, ඔහුට සේවය කිරීම අපහසු බවත් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. මේ තත්ත්වය මූලික වී , අපට ඉතාම දුෂ්කර තීරණයක් ගැනීමට සිද්ධ වුණා. මේ නිසා වසන්ත කරන්නාගොඩ මහතා, විශ්‍රාම යවා ලේකම් තනතුරකට පත් කළ අතර, තිසර සමරසිංහ මහතා නාවික හමුදාපති ලෙසත්, සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරටත් පත් කළා. ඒ අනුව ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරට පත් කළා. මේ සියල්ලම සිද්ධ වුණේ, සරත් ෆොන්සේකා මහතාගේ විරෝධය නිසා, ජනාධිපතිතුමාගේ තීරණය ගැන සරත් ෆොන්සේකා මහතාගෙන් විමසිය යුතුව නොතිබුණත්, මම ඒ ගැන ඔහුගෙන් විමසුවේ ඔහුගේ තත්ත්වය ගැන සලකලා. මේ සිද්ධිය පසුව විකෘති කරලා තමයි, ජනතාවට ඉදිරිපත් කළේ, ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි කියන තනතුර ත්‍රිවිධ හමුදාපතිවරුන්aම සම්බන්ධීකරණය වන තනතුරක්, එහි තිබෙන්නේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ඉහළින්. වඩා වැදගත් වන්නේ, ඒ සඳහා නෛතික තත්ත්වයක් ලබා දීමයි. මීට පෙර මෙම තනතුර තිබුණේ, හදිසි නීතිය යටතේ පමණයි. මෙය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එහි කාර්යභාරය නිශ්චිත ලෙස අර්ථ දක්‌වා, පුළුල් බලතල සහිතව මෙම රජය ඉදිරිපත් කළා. මීට පෙර, මේ තනතුරට පත්කළේ හමුදාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙක්. නිත්‍ය හමුදාවේ සේවය කරන හමුදාපතිවරයකුට මෙම තනතුර දැරීමට හැකි වන පරිදි රජය නීති සකස් කළා. මෙයට අමතරව ආරක්‍ෂාව සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේදී, ජනාධිපතිතුමාට උපදෙස් දීමට බලතල ඇති තනතුරක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ අනුව විශාල බලතල ඇති නිලයක් ලෙස ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුර හැඳින්විය හැකියි. එය නිර්මාණය කිරීමේදී අපි අවුරුදු දෙකක පමණ කාලයක් කමිටුවක්a මගින් එය සිදු කළා. එම පනත සකස් කිරීමේදී ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ අදහස් විමසීමත් සිදු කළා. එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කර එහි නායකයන් විනාශ කර, ඔවුන්ට හමුදාමය ශක්‌තියක් නැති වුණාට පසු උදාවන කාල පරිච්ඡේදයේ වඩා වැදගත් වන්නේ, සැලසුම් සකස් කිරීම හා බුද්ධි අංශ දියුණු කිරීම හා ජාත්‍යන්තර තලයේදී එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීම. මේ කාල පරිච්ඡේදයට වඩාත්ම යෝග්‍ය තනතුරක් ලෙසයි මෙම නව තනතුර නිර්මාණය වුණේ, එම තනතුරින් වඩා හොඳ සේවයක් රටට ඉටුකිරීමට පුළුවන්. මෙහි බලතල නැති බව පැවසීම වැරැදි මතයක්. ජෙනරාල් වීරතුංග, ජෙනරාල් රණතුංග වැනි අය මෙම තනතුරේ සිටයි කටයුතු කළේ. ජෙනරල් රණතුංග මේ තනතුරේ සිට නායකත්වය ලබාදී, වඩමාරච්චි මෙහෙයුම දියත් කළා.
ප්‍රශ්නය - සරත් ෆොන්සේකා මහතාට ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුර ලබාදීමේදී. යුද හමුදාපති ලෙස ඔහුට සපයා තිබූ වරප්‍රසාද කප්පාදු කිරීමට රජය කටයුතු කළාද?
පිළිතුර- යුද හමුදාපති තනතුරේ සිට ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට පත්වීමත් සමඟ, මෙම බලතල ලබාදෙන අතරේ, යුද හමුදාපති තනතුරේදී ලැබුණු වරප්‍රසාද කිසිවක් අපි, සරත් ෆොන්සේකා මහතාට අඩු කළේ නැහැ. යුද හමුදාපති තනතුරේ සිට ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි දක්‌වා පත්වීමේදී සරත් ෆොන්සේකාට එතෙක් ලබා දුන් නිලධාරී සංඛ්‍යාව අපි වැඩි කළා. ඒ ඔහුට වඩා වැඩි වගකීමක් භාර දුන්න නිසා. එම වගකීමට සරිලන ලෙස අපි, එම කාර්යමණ්‌ඩලය වැඩි කළා. අපි ජෙනරාල්වරු හත්දෙනෙක් ඔහුට ලබා දුන්නා. නාවික, ගුවන් හමුදා ප්‍රධාන නිලධාරීනුත් ලබා දුන්නා. ඒ සඳහා පුද්ගලයන් ලබාදුන්නෙත්, ෆොන්සේකා මහතා ඉල්ලු අයමයි. එසේ ම යුද හමුදාපති ලෙස ඔහු පාවිච්චි කළ සියලුම වාහන, සියලුම ආරක්‍ෂක භටයන් සරත් ෆොන්සේකාට තබා ගැනීමට ඉඩ දුන්නා. යුද හමුදාපති වශයෙන් ඔහු පාවිච්චි කළ නිල නිවස් දෙකම ඔහුට ලබා දුන්නා.

Last edited:
sf kaapu lanuwa den wamarannada?