අමු හිංගලෙන්ම කිව්වොත් ....!!!
මුලින්ම ලූල්ලු නැති වළේ කනයො පඬි ටෝක් දුන්න. පස්සෙ බල්ලගෙ වැඩේ බූරුව භාරගත්ත. කඩතොළු මකන්න ඉඳුරුවේ ආචාරියා භාරගත්ත. මීයෝ ඇතුළට දාල බෙර බැන්ද. නරින්ට බොක්ක හෝදන්න දුන්න. බළල්ලු ලව්ව කොස් ඇට බෑවෙව්ව. හිසේ අමාරුවට කොට්ට ගොඩාක් මාරු කළා වැටත් නියරත් හොයම් කන අතරෙ ගඟට ඉනි කැපුව. වත්ත බද්දට දුන්න. ඇස්සත් විකුණල දැම්ම. පොළොව ඇදැයි කියල නටන්න බෑ කිව්ව. අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. ඉඳුරුවේ ආචාරියත් පේන්න නෑ. කන්දක් විලිලාල මී පැටියෙක් වත් වදාගන්න බැරුව කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරුනා. කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්ත වගේ ඉන්න උනේ.
කිඹුල කනව ඉවසන්න පුළුවන් ... ඒත් කොහිල කටු ඇනෙන එක ඊට හපන්. කන්න ඕනෙ උනාම කබරයත් තලගොයා කරගෙන්න කන උන්ට ගොරක දඩ මස් කරන එක ටොයිස් වැඩක්
කපුව දේවාලෙ මිදුලෙ වර්චස් දැම්මම වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුන.
වක්කඩේ හකුරු හංගපු අපි එළුව ගෙ පස්සෙන් යනව කොයිවෙලේ ද වැටෙන්නෙ කියල
FB - post ඒකකින්