ගෝඨා ඉවත්වේ !!!

tintin4

Member
Dec 20, 2017
272
34
0
ගෝඨා‌ගේ හොරවැසි ප්‍රශ්නය: දිනේෂ්ට සූදානම් වෙන්නැයි මහින්ද කියලා: “ගෝඨා ලබන සතියේ තරඟයෙන් ඉවත්වේවි” - රාජිත (Video)
ජෙනරාල් මහේෂ් සිතියම අවුල් කළා....!

වී තිබෙන ගෝඨාභයගේ හොරවැසි ප්‍රශ්නය හේතුවෙන් දිනේෂ් ගුණවර්ධනට සූදානම් වන්නැයි මහින්ද රාජපක්ෂ දැනුම් දී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. වාසුලා, විතාරණලා ඇතුළු පිරිස ද වඩාත් කැමැති වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට ය. ‌ගෝඨා ‌වෙනුවට ‌වෙනත් විකල්පයක් සූදානම් කර ගන්නැයි මැතිවරණ ‌‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය ද මහින්ද රාජපක්ෂට දන්වා ඇතැයි ලංකා ඊ නිව්ස් ඊ‌යේ වාර්තා ‌කෙළේය.

චමල්ට කැමැතියි බයයි..
-----------------------------
මහින්දගේ පවුලේ අය ගෝඨා වෙනුවට ශිරන්ති නම් කරන ලෙස කීවද නිසි ලෙස කතා කරගැනීමටවත් නොහැකි ශිරන්ති ඒ සඳහා සුදුසු නොවන බව පොහොට්ටුවේ බොහෝ දෙනාගේ මතයයි. චමල් රාජපක්ෂ නම් කිරීමට යෝජනා වුවද චමල්ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ යෝගයක් තිබෙන බැවින් චමල් ජනාධිපති වුවහොත් නාමල් කැපී ගොස් ඒ තැනට ශෂීන්ද්‍ර පත්වනු ඇතැයි මහින්ද රාජපක්ෂ බියට පත්ව සිටී.

ශෂීන්ද්‍ර මහින්දගේ පුද්ගලික ලේකම්ව සිටිය දී පවා ශෂීන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම වළක්වා නාමල් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ශෂීන්ද්‍ර පළාත් සභාවට ගාල් කළේද මතු දිනෙක ශෂීන්ද්‍රට වඩා නාමල් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලට ඔසවා තැබීමට ය. එබැවින් ගෝඨාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නොහැකි වීම තුල චමල් රාජපක්ෂ නම් කිරීම නොකෙරෙන වැඩක් වී ඇත.

කෙසේ නමුත් පොහොට්ටුවේ සැබෑ සුක්කානම හිමි බැසිල් රාජපක්ෂ ද ගෝඨාගේ ඉවත්වීම පිරැවීමට සූදානම්ව සිටින බව පැවසේ. ඊයේ වාර්තා කළ පරිදි බැසිල් කාටත් හොරා ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන සිටින බව ඔහුට සමීප අය පවසති.

සිරිසේනත් මුට්ටිය දමයි..
-----------------------------
මේ අතර ඊයේ රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද පොහොට්ටුව සමග දීග යෑම ගැන තීරණයක් ගැනීමට 5 වෙනිදා දක්වා කල් දමා ඇත. ඒ අන්කිසිවක් නිසා නොව 5 වෙනිදාට නියමිත නඩු තීන්දුව බලා තීරණයක් ගැනීමට ය. ඒ අතරවාරයේ ඔවුන් ගෝඨාගේ අශක්නුතාව පදනම් කරගෙන මෛත්‍රීපාල සිරිසේනව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරවීමේ වෑයමක් ද තිබේ. නමුත් ශ්‍රීලනිප යෝජනාව වන්නේ පොහොට්ටුව හැර පොදු ලකුණක් නොමැතිව සන්ධාන ගත විය නොහැකි බවයි.

ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආගමනය සිතියම අවුල් කරයි..
-----------------------------
මේ සියල්ල අතර සර්වෝදය ව්‍යාපාරය පසුබිමේ සිට ශක්තිය සපයන ‘ජාතික ජනතා ව්‍යාපාරයේ’ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ‌ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආගමනයෙන් පසු ජනාධිපතිවරණ සිතියම සම්පූර්ණයෙන් වියවුල්ව ගොස් ඇත. ඉන් වඩාත් කම්පනයට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ පොහොට්ටු කඳවුරයි. සමාජ මාධ්‍ය ජාලාවල මහේෂ් සේනානායකට ලැබී ඇති අතිශය ඉහළ සමාජ ප්‍රතිචාර අනුව ඔහු ජවිපෙ අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි කියති.

ගෝඨා ලබන සතියේ ඉල්ලා අස්වනු ඇති බවට අනාවැකියක් කියන අමාත්‍ය රාජිතගේ ප්‍රකාශයක් ‌පහත දිගුවෙන් නැරඹිය හැකිය
https://www.facebook.com/watch/?v=2289111041217513
 

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    876
    759
    93
    ගෝඨා ලබන සතියේ ඉල්ලා අස්වනු ඇති බවට අනාවැකියක් කියන අමාත්‍ය රාජිතගේ ප්‍රකාශයක් ‌

    පක තමයි. තොපි ට්‍රයිකරන්නෙ තනියම තරඟකරලා දිනන්න නේ. ලොවෙත් හරියන්නෙ නෑ.....
    බලෙන් ජනතා කැමැත්ත යටකරන්න බෑ ලොවෙත්

     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ඇයි ගෝඨා එනවට මෙච්චර අවුල්...සජිත් කැපෙයි...අනුර කැපෙයි පරදියි කියල කවුරුත් හීනෙන්වත් කියන්නෙ නෑනෙ...:confused::confused::confused:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    සිංහල අපි

    ඇයි බන් උබල ගොටබයට මෙච්චර බය
    ඇයි 2.5 නඩු දාන්නේ
    යකෝ මේක අපේ අන්තිම අවස්ථාව
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,605
    113
    On Earth
    ඡන්ද ටික තියන් නැතුව කල් දදා හිටිය. දැන් ඉල්ලන අනිත් උන්ව අයින් කරන්න හදනව. තරග කරල දිනන්නනං හිතන්නෙම නෑ නේද. කතන්දර කිය කිය ඉන්නව. විකල්ප කාරයොත් මගුලක් කරනවනෙ එකෙක් ඉල්ලන් නැතුව.
     

    Similar threads