ගෝඨා ගමට පහර දෙන්න ආ අයට කඳුළු ගෑස් ගහන්න හැදුවත් ඉහළින් ඕඩර් ආවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කළහකාරි පිරිස් ගාලුමුවදොර “ගෝඨා ගමට” පහර දීමට පැමිණීම වැළැක්වීම සදහා ගෝල්ෆේස් වටරවුමේ දී පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ පිරිසක් කැඳවා කඳුළු ගෑස් විදින නිලධාරීන් සමග පොලිස් අධිපීඩන ජල ප්‍රහාර රථ දෙකක් ද යොදා තිබු බවත්, අවසානයේ ඉහළින් ලැබුණ දුරකතන ඇමැතුමකට අනුව අවසාන මොහොතේ කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීම වැළැක්වුණු බව කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ ජී ජේ චන්ද්‍රකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර මහතා පෙරේදා (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබු අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    පැමිණි පිරිස ට ජනාධිපති ලේකම්කාර්යලය වෙත ගමන් කිරීමට අවශ්‍යතාවක් තිබේ නම් ඔවුන්ට කොම්පඤ්ඤවීදිය හරහා ගමන් කරන ලෙසට කල් තියා එහි සංවිධානකයන් දැනුවත් කළ බවත්, ඔවුන් ඒ සදහා එකඟව සිටි බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    සංවිධායකයන් පළමුව එම ඉල්ලීමට එකඟ වුවද අවසානයේ ඔවුන් එම ඉල්ලීම පිළිනොගෙන ගාලු පාර ඔස්සේ පැමිණ අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන්ට පහර දී ගාලුමුවදොර දක්වා පැමිණීමේ අවස්ථා තුනකදී වැලැක් උත්සහ ගත් බවත්, පසුව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කදු`ථ ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට ක්‍රියා කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    එසේ කිරීම හේතුවෙන් ගෝඨා ගෝ ගම ඉදිකර තිබු ඉදිකිරීම් රැසක් මෙන්ම අරගලකරුවන් රැසක් ආරක්ෂා කිරීමට හැකි වු බවද හෙතෙම ප්‍රකාාශ කර ඇත.

    සංවිධායකයින් පොරොන්දු වු පරිදි ක්‍රියා නොකළේ නම් සහ දුරකතනයෙන් නිලධාරීන්ට බලපෑම් නොකරේ නම් ගෝල්ෆෝස් වටරමුමේ දී ඉහත කළහාකාරි පිරිස වළක්වා ගැනීමට හැකි වු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

    මෙම ප්‍රකාශ සනාථ කිරීම සදහා අවශ්‍ය ලියකියවිලි, ඡායාරූප, සහ වීඩියෝ පට රැසක් ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඉහළින් කිව්වේ ඥානක්ක වෙන්න අැති..ගෝටා නම් ඵහෙම නෑ..🤪
    gota gahana scene eka anumatha karala na. maina pramuka adu kule wesigeputhala set eka thama oka karawala thiyenne. ihalin call awa kiyanne ungen.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    now make as strory. We all saw what happened thanks to phones .
    MR should be arrested along with Jhonny and all others who brought people and supplied them with free liquor . Dr Ramesh says that he got supporters to say good bye to MR. If so why not MR go to Galle and say good bye ! Why free liquor before saying goodbye.
    people were drunk and brought to colombo to say good bye.... may be to sing along with MR after intoxication.