ගෝඨා මරණ තර්ජනය කළා -
"උඹගේ ලංකා පත්තරේ ගිනි තියනවා, උඹත් පරිස්සම්වෙලා හිටපන්" යැයි ගෝඨා තර්ජනය කළා - සෝමවංශ අමරසිංහ
ප්‍රධාන පුවත 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 11:36 "උඹගේ ලංකා පත්තරේ ගිනි තියනව. උඹත් පරිස්සම් වෙලා ඉඳපන්" යනුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන තමාගේ දුරකතනයට ඇමතුමක් ලබා දී තර්ජනය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැලවත්තේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
"අද උදේ 9.321 ට විතර ගෝඨාඪය රාජපක්ෂ මහත්ත්ය එයාගේ දුරකතනයෙන්ම මට ඇමතුමක් දීල මරණ තර්ජණය කළා. මම කිව්ව අපි කවුරුත් මැරෙන්නෙ එක පාරයි. ඒ නිසා මම ඒකට බය නැහැ කියල. පස්සේ ඔහු කිව්ව "උඹ රට පැනල හිටය නේද?" කියල. ඉතින් මම ගෝඨාභය මහත්තයට උත්තර දුන්න "ඔයත් රට හිටිය කෙනෙක්, මමත් රට හිටිය කෙනෙක් නේද?" කියල. පස්සේ කිව්ව "උඹේ ලංකා පත්තරේ මම ගිනි තියනව" කියල.
මේ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දේමින් ඒ මහතා සිය ජගලම දුරකතනයේ ලැබුණු ඇමතුම් ලේඛණය ප්‍රසිද්ධියේ පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දුරකතන ඇමතුම දුන් වේලාව හා දුරකතන අංකය පෙන්වා සිටියේය. "මේ වෙලාවේ මගේ ෆොන් එකේ ලවුඩ්ස්පීකර් දාන්න පුළුවන්. ඒ දුරකතන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේදීම මම ලවුඩ්ස්පීකර් දාල තමයි පිළිතුරු දුන්නේ. මගේ ආරක්ෂාවට ඉන්න සහෝදරයිනුයි, මගේ රියැදුරු ලෙස කටයුතු කළ සහෝදරයයි සියලුදෙනාම මේ ඇමතුම අහගෙන හිටියෙ" යනුවෙන් ද පැවසීය.
"උඹගේ ලංකා පත්තරේ ගිනි තියනවා, උඹත් පරිස්සම්වෙලා හිටපන්" යැයි ගෝඨා තර්ජනය කළා - සෝමවංශ අමරසිංහ
ප්‍රධාන පුවත 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 11:36 "උඹගේ ලංකා පත්තරේ ගිනි තියනව. උඹත් පරිස්සම් වෙලා ඉඳපන්" යනුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන තමාගේ දුරකතනයට ඇමතුමක් ලබා දී තර්ජනය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැලවත්තේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය."අද උදේ 9.321 ට විතර ගෝඨාඪය රාජපක්ෂ මහත්ත්ය එයාගේ දුරකතනයෙන්ම මට ඇමතුමක් දීල මරණ තර්ජණය කළා. මම කිව්ව අපි කවුරුත් මැරෙන්නෙ එක පාරයි. ඒ නිසා මම ඒකට බය නැහැ කියල. පස්සේ ඔහු කිව්ව "උඹ රට පැනල හිටය නේද?" කියල. ඉතින් මම ගෝඨාභය මහත්තයට උත්තර දුන්න "ඔයත් රට හිටිය කෙනෙක්, මමත් රට හිටිය කෙනෙක් නේද?" කියල. පස්සේ කිව්ව "උඹේ ලංකා පත්තරේ මම ගිනි තියනව" කියල.