ගෝඨා-ඇවන්ට් ගාඩ්-රක්නා ලංකා අවි ජවාරම් වලින් බිඳක් මෙන්න: එරිත්‍රියා, සෝමාලියා, මියන්මාර් කැරලි කරුවන්ට අවි විකුණලා
(ලංකා ඊ නිව්ස් -2015.ජන.27, ප.ව.4.40) මතබේදයට තුඩු දී ඇති ගාලු වරායට ඔබ්බෙන් පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව සහ සමුද්‍රාරක්ෂක සේවය විසින් එරිත්‍රියානු සහ සෝමාලියානු කැරලි කරුවන් සමග නීති විරෝධී අවි ගණුදෙනු සිදුකර ඇති බවට ඉතා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ යාත්‍රා කරන වෙළෙඳ නැව් වලට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගෙන් ආරක්ෂාව ලබා දීම සඳහා යැයි කියමින් උතුරේ යුද්ධයෙන් පසුව මෙම සමුද්‍රාරක්ෂක සේවය පිහිටුවන ලද්දේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභයගේ මග පෙන්වීම පරිදිය. එම ව්‍යාපෘතිය ඊට පෙර නාවුක හමුදාව විසින් ඉටු කරමින් තිබියදී ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් ඊට වඩා අඩු මුදලකට ලබාගෙන ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය සහ රක්නා ආරක්ෂක ලංකා සේවය යන ආයතනයන් හි ඒකාබද්ධ පුද්ගලික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරිණි.
වෙළඳ නැව් වල කපිතාන් වරුන් සහ සේවක මණ්ඩලයේ සාමාජිකයන් නැව් හිමිකරුවන් සමග අත්සන් කරනු ලබන රහසිගත ගිවිසුමක් අනුව නෞකා වල සිදුවන මෙවැනි දේ ගැන අභ්‍යන්තර තොරතුරු හෙලිදරව් කිරීම නීත්‍යාණුකූලවම වරදක් වන නිසා මේවා පිලිබඳ තොරතුරු මෙතෙක් හෙලිදරව් වී නැත.
එහෙත් ලංකා ඊ නිව්ස් වෙත එම තොරතුරු හෙලිදරව් කරනු ලැබූ පුද්ගලයා මේ සම්බන්ධයෙන් ප්‍රබල තොරතුරු රැසක් හෙලිදරව් කරයි. ඔහු පවසන අන්දමට “මහනුවර“ නමින් හඳුන්වන සැපයුම් ටග් යාත්‍රාවේ සහ සමුද්‍රාරක්ෂක සේවාවෙහි ශ්‍රී ලාංකික ආරක්ෂක භටයන්ට අමතරව ඇමරිකානු ඊශ්‍රායල් සහ රුසියානු කුලී හේවායන්ද සේවයෙහි යොදවනු ලැබ තිබේ. සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම කුලී හේවායන් ගුවන් තොටුපොලේ සිට ගාල්ල දක්වා ගෙන එනු ලබන්නේ ප්‍රභූ ආරක්ෂාවක් සහිතව ය. වෙළඳ නැව් වලට නැගීමට පෙර ඔවුන් ගාල්ලේ සත්කාරක හෝටලයක නවාතැන් ගන්වනු ලැබෙති. ශ්‍රී ලංකාවේ ධජය යටතේ පවතින නෞකාවක සේවය කිරීම සඳහා වෙළඳ නෞකා අධ්යක්ෂ වරයාගේ, ආගමන විගමන බලධාරීන්ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නියමිත අවසර ලබා දිය යුතු නමුත් මේ සමහර කුලී හේවායන්ට නාවික යාත්‍රා සේවකයන් සඳහා ලබා දිය යුතු වීසා බලපත්‍රවත් (සීඩීසී) නොමැති බව හෙලිදරව් වී තිබේ.
මුහුදෙහි ගමන් කරන වෙළඳ නාවික යාත්‍රා වල ආරක්ෂාව සඳහා යොදවනු ලබන මෙම කුලී හේවායන් නැව් වලට නගින්නේ විවෘත කර නොපෙන්වන විශාල ගමන් මලුද ඇතිවය. නැව් වල සේවය කරන සෙසු සේවකයන් නිරීක්ෂනය කර ඇති පරිදි ඔවුන් ආරක්ෂක කාර්යයන් සඳහා ගෙන එනු ලබන අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි වලට අමතරව මෙම ගමන් මලු වල තවත් ගිනි අවි 20 ක 30 ක ප්‍රමාණයක් ගෙන එනු ලැබේ.
නෞකාවන් සෝමලියාව පසුකර රතු මුහුදට පැමිණි විට මෙම කුලී හේවායෝ තම ගමන් මලුද රැගෙන මුහුද මැදදීම තවත් කුඩා නැවකට ගොඩ වෙති. මෙය සිදු කෙරෙන්නේ එරිත්‍රියාවට අයත් රතු මුහුදේ දකුණු මුහුදේ පිහිටි ‘ඒසෙබ්‘ වරායෙහි දී ය. මේ අනුව අමතර ගිනි අවි එරිත්‍රියාවේ සහ සෝමාලියාවේ කැරලි කරුවන් වෙත අලෙවි කිරීමේ රහසිගත ගණුදෙනුවක් ඇති බව සහතිකය.
මෙසේ වෙළඳ නැව් වලින් වෙනත් නැව් වෙත කුලී හේවායන් හුවමාරු වීමට පෙර සමහර අවස්ථා වලදී කැරලි කාරයන් විදේශීය සිගරැට් සහ ස්කොච් විස්කි සොයා නැව් වලට නගින අවස්ථා තිබේ. එවැනි අවස්ථා වල අප වෙත තොරතුරු හෙලිදරව් කරන්නා හමුවූ කැරලි කරුවන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ආන්ඩුව ඇවන්ට් ගාඩ් ආරක්ෂ සේවය හරහා කැරලි කරුවන් සමග රහසිගත ගනුදෙනු සිදුකරන බවයි. ඇවන්ට් ගාඩ් සමාගමේ අධ්යක්ෂවරුන් බොහෝ දෙනෙකු සහ ශ්‍රී ලංකා හමුදාවල හිටපු අය බව ඔව්හු වැඩි දුරටත් පවසා තිබේ.
ඇවන්ට් ගාඩ් අාරක්ෂක සේවයේ අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සහ ඔවුන් ඒම රටවල සංචාරය කෙළේ අැයි දැයි යන්න විමසා බැලුවෙහාත් මේ කරුණු සනාථ කරගත හැකිය.
මෙකී සමාගමේ අධ්යක්ෂවරුන් අතරේ මංජුල යාපා නම් අයෙක් වේ. ඒ අන් කිසිවෙක් නොව 88-89 යුගයේ කුප්‍රකට ඇඹිලිපිටියේ සිසුන් 32 ක් සමූහ ඝාතනයට වැරදිකරුවෙක් වූ කර්නල් මංජුල ඈපාය. (අධිකරණයෙන් වරදකරු වූවෙක් බැවින් හමුදා නාමය භාවිත කළ නොහැකිය) ජීවිතාන්තය දක්වා හිරේ ගියද වසර 15 කින් පමණ නිදහස ලබා පැමිණ ඇවන්ට් ගාඩ් සමාගමට සම්බන්ධ වී සිටීමෙන්ම මෙම සමාගම මොන ජාතියේ එකක්දැයි ජනතාවට තේරුම් ගත හැකිය.
ඇවන්ට් ගාඩ් මැරිටයිම් සේවා සමාගමේ උපදේශක වරයෙක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු රියර් අද්මිරාල් දක්ෂින නාවුක හමුදා අණදෙන නිලධාරී ලක්ෂ්මන් ඉලංගකෝන් තම ෆේස් බුක් ගිණුමේ ඇතුලත් කොට තිබූ ඔහුගේ අප්‍රිකානු සංචාරවල ඡායාරූප ගාලු ආයුධ නැව සීල් තැබීමෙන් පසු ඉවත් කොට ගෙන තිබේ.
මෙහි ඇති එක් සේයාරුවකින් තහවුරු වන්නේ ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය අප්‍රිකානු මහාද්වීපික කැරලි කරුවන් සමග පමණක් නොව මියන්මාරය සමග ද අවි ගණුදෙනු සිදුකර ඇති බවයි. එහි දැක්වෙන්නේ පෙර කී රියර් අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන් මියන්මාර ගනුදෙනු කරුවන් පිරිසක් සමග සේයාරුවකට පෙනී සිටි අවස්ථාවකි. (See Photo)
මේ අතර ඇවන්ට් ගාඩ් ආරක්ෂකයන් හා එක්ව කටයුතු කරන රක්නා ආරක්ෂක ලංකා සේවයේ බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ තිබූ අවි ගබඩාවේ තිබී
ටී 56 අවි 44ක්,
එස් 84 අවි 35ක්,
සැහැල්ලු මැෂින් තුවක්කු 32 ක්,
බෝර 12 තුවක්කු 29ක්
තුවක්කු 10ක් සමග ගිනි අවි 151 හමු වූ අතර එහි භාණ්ඩ ලැයිස්තුව අනුව තිබිය යුතු ටී 56 අවි 2300 ක්,
එස් 84 අවි 670ක්,
සැහැල්ලු මැෂින් තුවක්කු 385ක් සමග ගිනි අවි 3473ක් අතුරුදහන්ව තිබිණි. සාමාන්‍ය ආරක්ෂක සමාගමකට ලබා නොදෙන බර අවිද එහි තිබීම සැක සහිතය.
මෙම සම්මන්ත්රණ ශාලා අවි ගබඩාව ගැන කුරුඳුවත්ත පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී රක්නා ආරක්ෂක ලංකා සේවයේ විශ්‍රාමික මේජර් ජනරාල් විජේකෝන් බණ්ඩාර නමැත්තා පොලිසියට දුන් කට උත්තරයේ අපූරු ප්‍රකාශයක් කර ඇති බව හෙලි විය. එනම් එම අවි, කුලී පදනම මත රජයේ හමුදාවලින් ලබා ගත් නමුත් එම අවිවලට ගෙවිය යුතු මුදල් ගෙවා නැති බවයි. මෙම ගබඩාවේ අතුරුදහන් අවි පොලිස් විශේෂ කාර්ය බළකායට හා වෙනත් ආරක්ෂක අංශවලට නිකුත් කළ බව ද රක්නා ලංකා අධ්යක්ෂ පැවසූ බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. මෙහි ඇති අපූරු විහිළුව නම් රජයේ හමුදා වලින් කුලියට ලබා ගන්නා අවි යලි රජයේ හමුදා වලටම නිකුත් කලා යැයි අතේ පැලවෙන බොරු කියා තිබීමයි.
ගෝඨාභය රාජපක්ෂ මෙම රක්නා ලංකා සහ ඇවන්ට් ගාඩ් යන අටවා ගත් සමාගම් හරහා ජාත්‍යන්තර හොර අවි ගණුදෙනුවක යෙදෙන බව ලංකා ඊ නිව්ස් මීට පෙර 2012 සිට අවස්ථා කිහිපයකදීම හෙළිදරව් කර තිබේ.
ඉන් පළමු වැන්න 2012 ඔක්තෝම්බර 01 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළාරක්ෂක හමුදාවන්ට ෆුජයිරා මුහුදේදී ඇවන්ට් ගාඩ් සමාගමට අයත් ‘සින්බෑඩ්‘ නමැති ශ්‍රී ලංකාවේ ලියා පදිංචි නෞකාවක තිබී හසුවූ අවි තොගය පිලිබඳව කළ හෙළිදරව්වයි. එම නෞකාව බේරා ගත්තේ එම අවි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට ගෙන එන අවි යැයි පවසමින් ඒ සඳහා එවක සිටි නාවික හමුදාපතිවරයා වූ සෝමතිලක දිසානායක පෙනී සිටීමෙනි. නමුත් එවැනි අවි නෞකාවක් ශ්‍රී ලංකා හමුදාවට ඇනවුම් කර නොතිබිණ. එදා ගෝඨාභයගේ හොර අවි නැව වෙනුවෙන් පෙනී සිටි සෝමතිලක දිසානායක (වත්මන් රූපවාහිනී සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා) අද එකී ඇවන්ට් ගාඩ් සමාගමේ උපදේශකවරයෙකි. ගාලු නැව හසුවූ සැනින් සෝමරත්න, මල්ලී සෝමතිලක ලවා රූපවාහිනියට ප්‍රකාශයක් කරවා හොරුන් ශුද්ධ කෙරෙව්වේය.
දෙවැනි වරට 2014 පෙබරවාරි 01 වෙනිදා ගෝඨාභය සහ ඇවන්ට් ගාඩ් පිරිස ඊශ්‍රායලයෙන් මිලදී ගත් තවත් අවි තොගයක් සහිත නැවක් රතු මුහුදේ යාත්‍රා කරන බවත් එය ද සින්බෑඩ් ලෙස නම් තිබුනද ඒ වන විට එය ජිබුටි රාජ්‍යයේ ලියා පදිංචි කර ඇති බවත් හෙලි කෙලේ්ය. එහි කපිතාන් පද්මකුමාර ගුණවර්ධන නමැති අයෙක් බවද හෙලි කෙළේය. එම හෙලිදරව්වෙන් පසුව “උඹව ලෝකයේ කොහේ හිටියත් මරා දානවා“ යයි දුරකථනයට කතා කළ පුද්ගලයෙක් සිංහලෙන් තර්ජනය කෙළේය.“
තෙවැනිව 2014 පෙබරවාරි 20 වෙනිදා ඇවන්ට් ගාඩ් තවත් නැවකින් අවි ගෙනා බවත් (පෙබරවාරි 01 වෙනිදා කී නැව හැර) ඇවන්ට් ගාඩ් අයිතිකරු නිශ්ශංක සේනාධිපති විසින් හිටපු නාවික හමුදාපති ජයන්ත කොළඹගේ ගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසටම ගොස් එම අවි ගනුදෙනුවේ සන්තෝසම් ගෙවූ බවත් එය සිදුවූයේ පෙබරවාරි 08 දා සෙනසුරාදා රාත්‍රියේ බවත් හෙළි කෙළේය. එකී සන්තෝසමට රත්රන් ඔර්ලෝසු, රත්තරන් ආභරණ ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය අයත් වූ අතර මුදලින් ගෙවිය යුතු සන්තෝසම් විදේශ ගිණුමකට යවා තිඛෙන බවද හෙලි කෙළේය.
මොවුන්ගේ අවි සහ විදෙස් කුලී හේවායන් සහිත යාත්‍රාවක් ඉන්දියාව විසින් අත් අඩංගුවට ගත් බවත් ඒවා නිදහස් නොකළ බවත් ලංකා ඊ නිව්ස් 2014 ජනවාරි 21 දා හෙලි කෙළේය. ඒ සම්බන්ධ පුවත් පහත දිගු වලින් යලි කියැවිය හැකිය.
මේ සියල්ලටමත් වඩා කාලකන්නි පුවත නම් ගෝඨාභය - ඇවන්ට් ගාඩ් - රක්නා ලංකා අවි ජාවාරම් ගැන මෘදු අන්දමින් කටයුතු කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහට ඔහුගේ උපදේශකයෙක් වන තිලක් මාරපන විසින් දැඩි ලෙස බලපෑම් කරන බව ලංකා ඊ නිව්ස් වෙත හෙලි වී තිබීමයි. අගවිනි-සොරා සම්බන්ධයෙන්ද රනිල්ට ඩීල් දමන්නේ වෙනින් කවුරුත් නොව තිලක් මාරපන විසින්ම බව හෙලි කළ යුතුය. රනිල්ගේ මීට පෙර තිබූ වසර දෙකේ ආණ්ඩුව බිඳ වැටීමට විශාල හේතුවක් වූයේ ද මෙකී තිලක් මාරපන නම් මාරයාගේ මාර උපදේශයන් බව මේ වන විට රහසක් නොවේ.
Further readings