ගෝඨා_සුදුවෑන්_මිනීමරු_කල්ලිය

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ගෝඨා_සුදුවෑන්_මිනීමරු_කල්ලිය

    ගෝඨා සුදුවෑන් මිනීමරු කල්ලිය මෙහෙයවන බව අතටම හසුවේ


    Oi8vMi5icC5ibG9nc3BvdC5jb20vLWcxSHhlYktwQkp3L1QxenVHbjUtQVlJL0FBQUFBQUFBRUNZL2dJZ01rY3JVd19RL3MxNjAwL1doaXRlX1Zhbl9NdXJkZXJzX0ouanBn
    පුද්ගලයින් පැහැගෙන ගොස් ඝාතනය කිරීමේ සුදුවෑන් මෙහෙයුම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකරන බවට පසුගිය කාලය පුරා විකල්ප වෙබ් අඩවි වලින් වාර්තා කළ අතර එම වාර්තා මුලූමනින්ම සත්‍ය බව ඊයේ වැල්ලම්පිටියේදී තහවුරු විය. සන්ධානය යටතේ පවතින කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැහැරගෙන යෑමට ඊයේ (10) පස්වරුවේ පැමිනි සුදුවෑන් රථයක් හා සන්නද්ධ පිරිසක් ප‍්‍රදේශවාසින් විසින් අල්ලාගැනීමෙන් පසු මෙම සුදුවෑන් කල්ලිය පිළිබද තොරතුරු රාශියක් හෙළිවී ඇත.

    කොලොන්නාව සභාපතිවරයා පැහැරගෙන යෑමට පැමිණි සුදුවෑන් රථයක් සහ එහි සිටි මිනීමරුවන් 4 දෙනෙකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගනු ලැබ ඇති බවත්, එහි සිටි මිනීමරුවන් යුද හමුදා නිලධාරින් බවට තහවුරු කරගෙන ඇති බවත් පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ ‘ලංකා ඊ නිවිස්’ වෙබ් අඩවිය විසිනි.


    එම පුවත ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළවීමත් සමග ප‍්‍රකාශයක් නිකුත් කළ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ පැනගිය යුද හමුදා සෙබලූන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ගිය යුද හමුදා වෑන් රථයක් පිළිබදව සැකකොට ප‍්‍රදේශවාසීන් විසින් පොලීසියට භාරදී ඇති බවයි. වෑන් රථයේ සිටියේ යුද හමුදා සෙබලූන් පිරිසක් බව ප‍්‍රදේශවාසීන් නොදැන සිටි හෙයින් ඔවුන් හමුදා සෙබලූන්ගේ රාජකාරියට බාධා කර ඇති බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.


    කෙසේ වුවද ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය අනාවරනය කර ඇති පරිදි පළමුවරට ජනතාව විසින් අල්ලාගෙන වැල්ලම්පිටිය පොලීසියට භාරදුන් සුදුවෑන් මිනීමරුවන් සිව්දෙනා අද පාන්දර 4.40 පැමිණි බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසින් නීති විරෝධී අන්දමින් රැගෙන ගොස් ඇත. ඒ පිළිබඳ කිසිදු සටහනක් හෝ පොලීසියේ සටහන් තබා නොමැත.


    ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඒ පිළිබදව පළකොට ඇති වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.


    පළමුවරට ජනතාව විසින් අල්ලා වැල්ලම්පිටිය පොලීසියට බාරදුන් සුදුවෑන් මිනීමරුවන් සිව්දෙනා කපිතාන්ලා දෙදෙනෙක්, ලූතිනන් වරයෙක් සහ කෝප‍්‍රල් වරයෙකු ලෙස හෙළි වී ඇත.


    මෙම සුදු වෑන් මිනීමරුවන් සිව්දෙනා පහත සඳහන් හමුදා සාමාජිකයින් බව හෙළිදරව් වී තිබේ.


    1. යුද හමුදා කපිතාන් ජයසේන සාලූගේ සම්පත් පුෂ්ප කුමාර

    2. යුද හමුදා කපිතාන් විජේකෝන් මුදියන්සේලාගේ චමින්ද විජේකෝන්
    3. යුද හමුදා ලූතිනන් තල් අරඹලාගේ ගෙදර ධනුෂ්ක දිනෙත් විජේතුංග
    4. යුද හමුදා කෝප‍්‍රල් සිංහබාහු මුදියන්සේලාගේ සමන් කුමාරසිංහ

    සුදුවෑන් මිනීමරුවන් පැමිණි අංක ඩබ්.පී.සී.සී 8649 දරණ රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ සිවිල් පුද්ගලයෙකි. ඔහුගේ නම සමරතුංග මුදියන්සේලාගේ සමරතුංග ය. මෙම රථය රජයට පවරා ගත් වාහනයකි.


    ඉහත හමුදාවේ සිව් දෙනාම කාර්ය භාරයක් නොමැති අය ලෙස කොළඹ යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව සිට ඇති අතර මෑතකදී වවුනියාවේ 13 වන බලසේනා මූලස්ථානයට අනුයුක්ත කර ඇත. නමුත් කොළඹ යුද හමුදා මූලස්ථානයේ නියෝග මත ක‍්‍රියා කරන බව පවසා තිබේ.



    Oi8vMy5icC5ibG9nc3BvdC5jb20vLVJNVllNN0RPcUhrL1QxenR4RURldHBJL0FBQUFBQUFBRUNRL1NBZ2pGQkI3cGk4L3MxNjAwL0phZ2F0aF9BbHdpczEuanBn


    මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත යුද හමුදාවේ ප‍්‍රධාන මාණ්ඩලික ශාඛාවේ මාණ්ඩලික අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා විසින් මෙම සුදුවෑන් මෙහෙයවන බව පසුගිය ජන 09 දා ‘සුදු වෑන් සංස්කෘතියේ නව ප‍්‍රවනතාව මෙහෙයවන්නෝ හෙළිවෙති’ මැයෙන් ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය හෙළිකර සිටියේ ය.

    තමා ඝාතනයට පැමිණි සුදුවෑන් මිනීමරුවන් ජනතාව විසින් අල්ලා ගත් ආකාරය කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත මහතා ‘ලංකා ඊ නිව්ස් වෙත හෙළි කර ඇත්තේ මෙසේය.


    ‘මගේ මල්ලි ඝාතනය කළ අයම තමයි ඊයෙ මාව ඝාතනය කරන්න ආවේ. මම ක‍්‍රීඩා සමාජයක් ආරම්භ කරල තියෙනවා ඒකෙ මාස 3 ක ප‍්‍රගතිය සාකච්ඡා කරන්න අපි ග‍්‍රවුන්ඞ් එකේ රැස් වෙලා හිටිය. මට විරුද්ධ කෝදාගොඩල ග‍්‍රවුන්ඞ් එකට ආවහම මට සැක හිතුන එතකොට සුදු වෑන් එකක් ඇවිල්ල තියෙන බව ආරංචි වුනා. මේගොල්ල 4 විතර ඉඳන් රැුකගෙන හිටිය. අපිත් පරීක්‍ෂාවෙන් හිටියෙ. 6 ට විතර අපිත් වටකළා. මම වැල්ලම්පිටිය පොලීසියට කතා කරල කීව සුදුවෑන් එකකින් මල්ලි පැහැර ගත්ත වගේ මාවත් පැහැර ගෙන යන්න ඇවිල්ල තියෙනව කියල. පොලීසිය එනකොට වෑන් එක ඇදල යන්න හැදුවෙ. ඒකෙ 4 දෙනෙක් හිටිය. අපේ අය වටකරන කොට එකෙක් මට වෙඩි තිබ්බ. මගේ ලඟ තියෙන නිල පිස්තෝලයෙන් මමත් වෙඩි තිබ්බ. එකෙක් පැනල ගියා. වෑන් එකේ උන් අල්ල ගත්ත. පස්සෙ ග‍්‍රවුන්ඞ් එකේ කාමරේට දාල දෙකක් තුනක් ගහනකොට කිව්ව ‘අපි ආමි, අපි ආමි’ කියල. මල්ලිව පැහැරගෙන යනකොට දැක්ක අය ඇවිත් එකෙක්ව අඳුන ගත්ත. මල්ලිව පැහැරගෙන ගිය වෙලාවෙ ඌ එතන හිටිය කියල. පස්සෙ පොලීසියට බාරදුන්න. දැන් ආරංචියි ඇවිල්ල බලෙන්ම පොලීසියෙන් උන්ව අරගෙන ගියා කියල. දැන් මගේ ජීවිතය අනතුරේ’ කොලොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදය ශාන්ත මහතා පැවසීය.


    වැල්ලම්පිටිය පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්‍ෂක ලක්මාල්ට මෙම මිනීමරුවන් බාරදීමෙන් පසු නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී සොයිසා සහ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එස්.සී.ඞී. සිල්වා පැමිණ මිනීමරුවන් නිදහස් කරගෙන යෑමට උත්සාහ කර ඇත. හමුදාවේ ට‍්‍රක් රථයක් ද පැමිණ තිබිණ. නමුත් ජනතාව පොලීසිය වටකරමින් මෙම පිරිස රැගෙන යාමට ඉඩ දුන්නේ නැත. මහ ජනතාව රාත‍්‍රී 1.00 ට 2.00 ට පමණ ඉවත්ව යෑමෙන් පසු පාන්දර 4. 40 ට පොලීසියට පැමිණි බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසින් මිනීමරුවන් නිදහස් කරගෙන ගියේය.


    ජනතාව විසින් අල්ලා බාරදුන් මිනීමරුවන් ගැන පොලීසියේ දෛනික සටහන් පොතේ සටහන් තැබිය යුතු වුවත් එවැනි කිසිදු සටහනක් තබා නැත. වෙඩි තබා මිනිස් ඝාතනයක් කිරීමට තැත් කළ පිරිසක් අල්ලා පොලීසියට බාර දුන් විට එය අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය අනුව සංඥය වරදක් කළ අයෙක් අත් අඩංගුවට ගැනීමකි.


    එය බල අපරාධ 21 ට අයත් වරදකි. ඒ ගැන කිසිදු සටහනක් නොතැබීම පැහැදිලි ලෙසම නීතිය ක‍්‍රියාත්මක නොකිරීමකි.


    සුදුවෑන් රථයේ තිබී ඇති භාණ්ඩ මෙසේය.


    1. ටී-56 අවි 2 යි

    2. චෙකෝස්ලෝවැකියාවේ නිෂ්පාදිත බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝල 3 යි.
    3. මෝර්ටීන් මදුරු ස්පේ‍්‍ර කෑන් 2 යි
    4. පුද්ගලික ඇඳුම් බෑග් 5 යි
    5. යුද හමුදාව වෙත නිකුත් කරන කල් තබා ගත හැකි ආහාර පැකට් (රේසන් පැකට්* 6 යි
    6. අඩි 3 හමාරක් දිග යකඩ බාර් 1 යි.
    7. කහ පැහැති කුඩු වර්ගයක් දැමූ බෝතලයක් (කුඩු වර්ගය නොදනී)
    8. ලේබල් නොමැති ස්පේ‍්‍ර කෑන් 2ක් (එහි ඇති රසායනිකය නොදනී)
    9. උල් පිහි 2 යි
    10. කොට්ටයක්
    11. යුද හමුදාව විසින් භාවිතා කරන විශේෂිත ගමන් කථනයක්.
    12. ජංගම දුරකථන 5 යි.
    13. යු.හ සහ ආර්මි ලෙස සඳහන් බෝර්ඞ් 2 යි
    14. සුදු පැහැති සහ අළු පැහැති රෙදි පටි 9 යි
    15. රබර් සෙරෙප්පු කුට්ටම් 2 යි.
    16. මේස් කුට්ටම් 2 යි
    17. ව්‍යාජ අංක තහඩු 4 යි

    මෙම මිනීමරුවන් පිරිස පොලීසියට පවසා ඇත්තේ තමන් යුද හමුදාවෙන් පලා ගිය පිරිස් අල්ලන කණ්ඩායමක් ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අවසරය ලත් කණ්ඩායමක් බවත් ය. (යුද හමුදාවෙන් පැන ගිය පිරිස් අල්ලන්නේ යුද හමුදා පොලීසියෙන් මිස වෙනත් කණ්ඩායම් නොවේ)


    කෙසේ වෙතත් මේ ගැන කිසිදු සටහනක් නොතබා මෙම පිරිස නිදහස් කරගෙන ගොස් තිබේ.


    මෙතෙක් කාලයක් සුදුවෑන් පැහරගැනීම් මිනී මැරුම් අතුරුදන් කිරීම් කළේ කව්දැයි සාක්කි නොමැතිව තිබුනද දැන් මෙය සම්පූර්ණයෙන්ම ආරක්ෂක ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂගේත් ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂගේත් නියෝග සහිතව පවත්වාගෙන යන අතුරු හමුදාවක් විසින් නීති විරෝධීව කෙරෙන මිනීමැරුම් බවට සාක්කි ලැබී තිබේ.


    මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යනු තමාගේම පක්ෂයේ තම ආණ්ඩුවේම මහජන නියෝජිතයකු නගරාධිපතිවරයෙකු ඝාතනය කරන්නට තමාගේම අතුරු හමුදා යොදවන මිනීමරුවන් බව මෙම සිදුවීමෙන් ඕනෑවටත් වඩා තහවුරු වනු ඇත.


    ශ‍්‍රී ලංකාව මිනීමරුවන් දෙදෙනෙකු විසින් පාලනය කරන රටක් බව මුළු ලෝකයටම මෙයින් හෙළිදරව් වනු ඇත.


    ස්තූතිය ලංකා ඊ නිව්ස්
     
    Last edited:

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත මහතා (ගමේ ප්‍රසිද්ද සුද්දා කියලා) මෙයත් ඉතින් දුමින්දගේ ප්‍රදාන ගෝලක් තමයි. ප්‍රසිද්ද වෙලා තියෙන්නේ කුඩු බෙදා හරින කෙනෙක් කියලා.
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත මහතා (ගමේ ප්‍රසිද්ද සුද්දා කියලා) මෙයත් ඉතින් දුමින්දගේ ප්‍රදාන ගෝලක් තමයි. ප්‍රසිද්ද වෙලා තියෙන්නේ කුඩු බෙදා හරින කෙනෙක් කියලා.
    munwa nethi karanna oni thamai machan..eth rate nithiyata pitin karanne mokada??:no:

    munwa mehema marala dammahama rahas godak yatayanawa....uba kiyana widiyata dumiyage rahas..ethakota dumindawa sudda karanna anduwata lesi...:P
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    munwa nethi karanna oni thamai machan..eth rate nithiyata pitin karanne mokada??:no:

    munwa mehema marala dammahama rahas godak yatayanawa....uba kiyana widiyata dumiyage rahas..ethakota dumindawa sudda karanna anduwata lesi...:P

    මිනිස්සු ඉහල තැන් වලට චන්දේ දිලා යවන්නේ මේ වගේ අයනේ. හැබැයි එක දෙයක් තියෙනවා. කොලොන්නාව නගර සභාවේ සභාපති ඒ කියන්නේ ආනඩුවේ උනත් පොරව හොයන් සුදු වැන් අවා.
     

    Similar threads