චතුර Vs JVP

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    චතුර Vs JVP Letter

    ජනාධිපතිවරණ සමයේ කරළියට පැමිණ දේශපාලන මල්වෙඩි සංදර්ශන පැවැත්වීමට පටන් ගත් පැරිෂුට්කාරයෙකු ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ පට, පින්තූර තමන් සතු බවත්, නමුත් ඒවා හෙළි නොකරන බවත්, ජනතාව ඉදිරියේ වෛද්‍යවරුන් දණගස්වා පෙන්නන බවත් පවසමින් සිය දේශපාලන බලය භාවිත කරමින් මාධ්‍ය හරහා ප‍්‍රකාශයන් නිකුත් කළේ ඇතැම් විට ඔහුගේ පියාගේ ක‍්‍රියාකලාපයන්ද එවැනිම නිසා විය හැකිය.

    මෙවැන්නන්ගේ ක්‍රියාකලාපයන් සිදු කෙරෙන්නේ විවිධ හේතු නිසා විය හැකිය. අන්තර්ජාලයේ විකිපීඩියා තොරතුරු අඩවියේ ඒ ගැන විවිධ කරුණු සඳහන් වේ. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය අපට මෙහි දී එතරම් වැදගත් නොවේ. මන්ද, විවෘත සමාජය හමුවේ භාවිතයෙන් ඔප්පු කරන බොහෝ දේ තිබෙන බැවිනි. තමන්ගේ විවිධ බෙලහීනතාවයන් වසා ගැනීම දේශපාලන බලයට භාර දෙන පුද්ගලයන් සහ මුදල් බලයට භාර දෙන පුද්ගලයන් සිටින බව පැහැදිලිය. මේ කතානායකයාගේ බොහෝ සමීප තොරතුරු දන්නා අයට අනුව මොහු යම් රෝගාබාධයකින් පසු වේ. එමෙන්ම හීනමානයෙන් සහ දුබලතා රැසකින් යුතු වේ. ලොවට මෙම තොරතුරු හෙළි වේ යැයි ඔහු අනියත බියකින් පෙළේ.

    මේ වනවිට හෙළි වී ඇති තොරතුරු අනුව ලෝකයට පෙන්වීම සඳහා සිටින නාමික බිරිඳ තමන්ගේ පාසල් මිතුරකුගේ නැගණියකි. මෙම නාමික බිරිඳ යෝජනාවට සරූපා සහ ඇගේ මව එකඟ වන්නේ ඇයට සියලු පහසුකම් සහිතව විදේශ රටක ජීවත් වීමට සහසුකම් සැලසීමත් මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දීමට ලක්ෂ 100ක් වෙන් කිරිමත් යන පොරොන්දු මතය.

    තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. මේ කියන කථා නායකයා රාජිත සේනාරත්නගේ වැඩිමහල් පුත් චතුර සේනාරත්න බව පැහැදිලි ය. එහෙත්, දැන් කියන්නට යන්නේ ඔහුගේ බෙලහීනතා හෝ ඔහුගේ පවුල් ප‍්‍රශ්න පිළිබඳ නොවේ. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් පදනමක් නැති වාචාල කථා කියමින් ඔහු විසින් ගෙන යනු ලබන දෙබිඩි ජීවිතයේ ඇත්ත හෙළි කිරීම මේ සටහනේ ප‍්‍රමුඛ අරමුණයි.

    චතුර සේනාරත්න අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් සාමාන්‍යපෙළ කළ බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට යෑමට හොර පාරක් සකස් කර ගත් බව මේ වනවිට සියල්ලන්ටම රහසක් නොවේ. වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුළත් වූවද පළමුවන වසරවත් සමත් වීමට චතුරට නොහැකිව වෛද්‍ය පීඨය හැර යන්නේ අවුරුදු 6ක් එකම වසරක කාලය ගත කරමිනි.

    එහෙත් සිය පියාගේ බලපුළුවන්කාරකම් ප‍්‍රයෝජනයට ගනිමින් තම පැවැත්ම සඳහා දේශපාලනයම තම ගමන් මාර්ගය කර ගන්නා චතුර සිය පියා ධීවර ඇමතිව සිටියදීම ඔවුන්ගේ දේශපාලනයේ මූලික අරමුණ වන වංචාවට සහ දූෂණයට අත ගසයි. සිය පියා වූ එවකට ධීවර ඇමති රාජිත සේනාරත්න හා චතුර සේනාරත්න එක්ව ධීවර ජනතාවගේ මුදල් මිලියන ගණනින් ගිල දැමු ජාවාරමක් පිළිබඳව සාක්ෂි සහිතව මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

    රට පුරා කුඩා ප‍්‍රමාණයේ ධීවර වරායන් ඉදි කිරිම සඳහා ගත් තීන්දුවකට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇති අතර, ඒ සඳහා නියමිත ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කිරිමට ධීවර අමාත්‍යාංශයටම අනුබද්ධිත ආයතනයකට පවරා ඇත. සාමාන්‍යයෙන් මෙම ආකාරයේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීම සඳහා යන වියදම රුපියල් මිලියන 5ත් 6ත් අතර අගයක් වේ. නමුත් ඉතා සූක්ෂ්ම අයුරින් එම මුදල ගෙවා ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කර ගත් රාජිත සහ ඔහුගේ පුත‍්‍ර චතුර One Asia නමින් චතුරගේ හොඳම මිතුරාගේ පියා ලවා අලුත් සමාගමක් සකස් කර ධීවර වරායන් ඉදි කිරීම සදහා සකස් කරන ලද ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් One Asia නමැති ආයතනය හරහා සකස් කරන ලද බව පෙන්වමින් එම වාර්තාවන් සකස් කිරිම සදහා රුපියල් මිලියන 177ක මුදලක් රජයෙන් අය කරගෙන තිබේ. මේ ආකාරයට රට පුරා කුඩා ප‍්‍රමාණයේ ධීවර වරායන් ඉදි කිරීම සදහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කරන මුවාවෙන් ගජරාමෙට මුදල් ගරා තිබේ.

    ඊට අමතරව රාජිත සේනාරත්න ධීවර ඇමතිව සිටියදී මෝදර ධීවර වරාය බි‍්‍රතාන්‍ය සමාගමකට මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක (රු. 1,25,000) කුලියට වසර 25ක් සඳහා බදු දීම තුළින් සිදු කළ මහා පරිමාණ වංචාවක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී තිබේ. එම වරාය පරිශ‍්‍රයේ මාසික බදු මුදල රජයේ තක්සේරුකරුට අනුව රුපියල් ලක්ෂ 17කි. මසකට රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් රජයට පාඩු කරමින් එම ගනුදෙනුව සිදු කර ඇති බව වාර්තා වන අතර, මෙම ගනුදෙනුවෙන් රජයට සිදුවූ මුළු මූල්‍ය අලාභය රුපියල් මිලියන 440කට අධිකය. මේ පිළිබඳ පැමිණිල්ල මේ වනවිටත් විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇත. පසුගිය මැතිවරණයේ දී අත දිග හැර වියදම් කර ඇත්තේ මෙසේ වංචා කළ මහජන මුදල්ය.

    ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප‍්‍රකාශ කරන අන්දමට චතුර සේනාරත්න විසින් කොළඹ නගරයේ පළමු හරස් වීදිය දෙවන හරස් වීදිය තුන් වන හරස් වීදිය හතරවන හරස් වීදිය යන හරස් වීදිවල පදිකවේදිකාවේ කඩ දැමීමට අවසර ලබා දී තිබේ. මෙසේ අවසර ලබා දී ඒ පුද්ගලයන් තම සංගමයට බඳවාගෙන ඇත. මොවුන් සමිතියට බඳවා ගැනීමේ දී සාමාජික මුදල් වශයෙන් රුපියල් 200.00කුත්, සමිතියට බැඳීම සඳහා ඉල්ලුම් පත‍්‍රයක් ලබා ගැනීමේ දී රුපියල් 1,000 සිට ඉහළට මුදල් අය කරන බවටද සුනිල් ජයවර්ධන චෝදනා කරයි.

    මෙහිදී මතු වන ප‍්‍රශ්නය වන්නේ චතුර සේනාරත්නට කොළඹ නගරයේ පදිකවේදිකාව වෙළෙඳුන්ට ලබා දීමට ඇති බලය කුමක්ද යන්නය. ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන නවක මන්ත‍්‍රීවරයෙකුට කොළඹ නගරයේ පදික වේදිකාව වෙළෙඳුන්ට ලබා දීමට කිසිදු ආකාරයක නෛතික බලයක් නැත. සුනිල් ජයවර්ධන පවසන අන්දමට චතුර සේනාරත්නගේ සංවිධානය විසින් කොළඹ නගරයේ පදික වෙළෙඳුන්ගෙන් මුදල් අය කිරීමක් සිදු කළේ නම් එය කප්පම් ගැනීමකි.

    පදික වෙළෙඳුන්ගේ පැවැත්ම තීරණය කරන්නේ දේශපාලන බලවතුන් විසිනි. විශේෂයෙන් කොළඹ නගරයේදී එය පාතාලයේ සහ දේශපාලන බල අධිකාරියේ වුවමනාව විසින් තීරණය වීම අනිවාර්ය වේ. දේශපාලන බලය වෙනස් වූ විට පදික වෙළෙඳුන්ද වෙනස් වේ. කොළඹ නගරයේ පදික වෙළෙඳාමට දේශපාලන බලය යෙදවූයේ මර්වින් සිල්වාය. එය වෙනස් කර දුමින්ද සිල්වා එතැනට ආදේශ වන්නේ ඉන් පසුව ය. චතුර සේනාරත්න උත්සාහ දරමින් සිටින්නේ එම දේශපාලන අවකාශය අත්පත් කර ගනිමින් වර්තමාන දේශපාලන චණ්ඩියා වීමට විය හැකිය.

    එහෙත් චතුර සේනාරත්න චණ්ඩියෙකු වීමට පෙර කොන්ද කෙළින් තබා ගැනීම ගැන සිතිය යුතුය. චතුර කොන්ද පණ නැති වීමේ රෝගයකින් පෙළෙන නිසා 2003 වර්ෂයේදී ජර්මනියේදී කශේරුකාවට ශල්‍යකර්මයක් සිදු කෙරිණි. එය පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ ඇමති තාත්තා මහජන මුදලින් ගෙවා සිදු කර ගන්නා ලද ශල්‍යකර්මයකි. එපමණක් නොව 2005 වර්ෂයේ සිට “ට‍්‍රැමඩෝල්” යන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් බවද වාර්තා වෙයි. දහවල් 12 වෙනතෙක් නැඟිටීමට නොහැකිව නිදාගෙන සිටිනුයේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා යැයි පැවසේ. ඔහුගේ දවසේ කටයුතු ඇරඹෙන්නේ දහවල් 12.00න් පසුවය.

    චතුර සේනාරත්නගේ වංචාකාරී ක‍්‍රියාවන් මතු වන්නේ අද ඊයේ සිට නොවේ. සිය පියාගේ දේශපාලන බලයේ පිහිටෙන් එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, චීනය, ජපානය, ජර්මනිය, තායිලන්තය, මලයාසියාව, ජර්මනිය, ඉන්දියා සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසක සංචාරය කළ ඔහු බටහිර රටවල් ගණනාවක් සමග රහස් සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු බවට තොරතුරු වෙබ් අඩවි මඟින් අනාවරණය කර ඇත.

    ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් විවිධ රටවල ගැටලූ ඇති කිරීම සඳහා යොදවා ගත් සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයන් අතර චතුර සේනාරත්න ද සිටින බවත්, 2004 වසරේ තමන් වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටියදී ‘ශිෂ්‍ය නායකයින් සහ සමාජ වගකීම්’ යන මැයෙන් එම වසරේ සැප්තැම්බර් 27 සහ ඔක්තෝබර් 15 අතර දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ හෙළි නොකළ ස්ථානයක පැවැත් වූ වැඩමුළුවට චතුර සේනාරත්න නිර්දේශ කළ බවත්, එම නිර්දේශය ඇමරිකානු ඒජන්තයන් ගෙන් සැදුම්ලත් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලැබුණු බවත් දැක්වෙන කේබල් පණිවිඩය, සුප‍්‍රසිද්ධ “විකිලීක්ස්” වෙබ් අඩවිය මඟින් අනාවරණය කර තිබිණි.

    එම කේබල් පණිවිඩය https://wikileaks.org/plusd/cables/04COLOMBO1153_a.html යන අන්තර්ජාල දිගුව මගින් ඕනෑම කෙනෙකුට බලා ගත හැකිය. එකී හෙළිදරව්වත් සමග චතුර සේනාරත්න “අරාබි වසන්තය” මාදිලියේ කුප‍්‍රසිද්ධ දේශපාලන කුමන්ත‍්‍රණ හරහා තුන්වන ලෝකයේ රටවල්වල දේශපාලන ස්ථාවරත්වය බිඳදැමීම සඳහා තරුණ වියේදී ම පුරුදු පුහුණු කරන ලද ඒජන්තයෙකු බවට අන්තර්ජාල වෙබ් අඩවි සැක පහළ කරමින් වාර්තා පළ කර ඇත.

    එහෙත්, ඒවා කිසිවක් සිදු කළ නොහැකිව ඇත්තේ චතුර සේනාරත්නට ඇති පෞද්ගලික නොහැකියාව නිසාය. අවම වශයෙන් බොරුවක් හෝ තර්කානුකූලව කියා ගැනීමට ඔහුට හැකියාවක් නැත. තමන් වෙනුවට වෙනත් පුද්ගලයෙකු යොදවා අනුරාධපුරයෙන් උසස් පෙළ ලියා වෛද්‍ය පීඨයට පැමිණ එතැනින් පසු සිය අධ්‍යාපන කටයුතු කරගෙන යා නොහැකිව ඉවත් වීමට සිදු වීම වසන් කිරීමට කියන බොරුව හෝ තර්කානුකූලව ගලපා ගැනීමට ඔහුට නොහැකිය. ඔහු පවසන්නේ තමන් විභාග අසමත් වීම නිසා වෛද්‍ය පීඨයෙන් ඉවත් කළ බව නොවේ. අතුරලියේ රතන හිමියන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා 2014 වසරේ තමන්ට කළ ආරාධනාව නිසා වෛද්‍ය උපාධිය අතහැර දැමූ බවයි. චතුර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිය යුතු වර්ෂය වන්නේ 2001 වසරයි. වෛද්‍ය උපාධිය අතහැර දමා ඇත්තේ 2014 වසරේදී ය. ඔහුම පවසන පරිදි ඒ වනවිටද තවත් වසර එකහමාරක් උපාධිය අවසන් කිරීමට ඉතිරිව තිබී ඇත. එසේනම් ඔහුගේ වෛද්‍ය උපාධිය සඳහා ඒ වන විටත් වසර 12ක් පමණ ගත වී තිබේ. ඉතිරි වසර එකහමාරද එකතු කළ විට වෛද්‍ය උපාධිය සඳහා ගත වන මුළු කාලය වසර දහතුනකටත් වඩා වැඩිය. මෙය මහා හතරබීරි කතාවකි.

    මේ නිසා චතුර සේනාරත්නගේ සමස්ත ජීවිතයම ගොඩනැඟී ඇත්තේ බොරුව සහ වංචාව මතිනි. මත්ද්‍රව්‍යවල පිහිටෙන් වාචාල කතා කියමින් ජනතාව ඉදිරියේ වීරයෙකු වන්නට උත්සාහ දරන්නේ එවැන්නෙකි.

    මෙහි ඇති කනගාටුවට කරුණ නම් පසුගිය මැතිවරණයේ දී උපේක්ෂා ස්වර්ණමාලි වැන්නියන් පාර්ලිමේන්තුවට පත් කර එවා පාඩමක් ඉගෙන ගත යුතුව තිබූ ජනතාව නැවතත් චතුර සේනාරත්න වැනි අඳබාලයෙකු පාර්ලිමේන්තුවට පත් කිරීමට සිය ඡන්දය භාවිත කිරීමට කටයුතු කිරීමයි.

    උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    මෙහි ඇති කනගාටුවට කරුණ නම් පසුගිය මැතිවරණයේ දී උපේක්ෂා ස්වර්ණමාලි වැන්නියන් පාර්ලිමේන්තුවට පත් කර එවා පාඩමක් ඉගෙන ගත යුතුව තිබූ ජනතාව නැවතත් චතුර සේනාරත්න වැනි අඳබාලයෙකු පාර්ලිමේන්තුවට පත් කිරීමට සිය ඡන්දය භාවිත කිරීමට කටයුතු කිරීමයි.


    :yes::yes::yes::yes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    I always knew that he is a white collar criminal
    one of my friends use to work under him for few years now
    and he seems to be living a very luxurious life ,for my knowledge few years ago he couldn't afford any of that but just after he went working for rajitha he became a rich fellow