චන්ද්‍රා ශාෆ්ටර් පියා දිනේෂ් පුතා අමතයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_e019ce6b6d.jpg

    මාගේ බාල පුතු, දිනේෂ්ගේ මරණය පිළිබඳවත්, ඔහුගේ කුරිරු ඝාතනයට හේතුව පිළිබඳවත් මාගේ මිතුරන්, මා දන්නා-හඳුනන උදවිය මෙන්ම මා පෞද්ගලිකව නොදන්නා පිරිස් ද බොහෝ දෙනෙක් මාගෙන් කරුණු විමසමින් සිටිති.
    මාගේ බාල පුතුගේ අභාවය සිදු වූ 2022 දෙසැම්බර් මස 15වැනිදා ඔහු ප.ව. 4.00 ට ඔහුගේ පවුලේ සාමාජිකයින් ද සමග එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානමින් සිටි නිසා ඔහුට සුබපැතීම සඳහා මම ඔහු මුණගැසීමට ගියෙමි. ඔහු තම දරුවන් එක්සත් රාජධානියේ පාසලකට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබුණේය. මෙය නිවාඩුවක් ගතකිරීමේ අරමුණින් සැලසුම් කළ ගමනක් නොවේ. එහි අරමුණ වූයේ, පදිංචි බලපත්‍රය (^Residence Permit& ) මත ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා එක්සත් රාජධානියේ පදිංචි බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමය.
    ඔහු සිටියේ ඉතාම සතුටිනි. අප මුණගැසෙන සෑම අවස්ථාවකදී මෙන් එදින ද ඔහුත් ඔහුගේ බිරිඳත් මාත් ඉස්තෝප්පුවේ අසුන්ගෙන පැයකට ආසන්න කාලයක් උසුළු-විසුළු කරමින්, සිනහ වෙමින් කාලය ගත කළෙමු. මා පිටත් වූයේ දහවල් 12 ට පමණය. තමාට ඉතාම කෙටි හමුවක් ඇති බව ඔහු පැවසූ අතර, එය පවසන මොහොතේ ඔහුගේ කිසිම වෙනසක්වත්, සැකයක්වත්, කැළඹුණු බවක්වත් තිබුණේ නැත.
    ඔහු එදින මා සමග කාලය ගත කළ ආකාරය අනුව, ඔහු කිසිදු අනතුරක් සිදු වේ යයි බලාපොරොත්තු වූ බවක් පෙනෙන්නට නොතිබූ බව මට සහතිකව කීමට පුළුවන. ඒ නිසා, එතැනින් පසුව සිදු වූ සිදුවීම අපට සිතා ගැනීමටවත් නොහැකිය. ඔහුට මරණය උරුමකර දුන් බියගුලු උපක්‍රමයක් ගැන ඔහුට කිසිම අදහසක් හෝ නොතිබූ බව මම දනිමි.
    මෙය කියවන ඔබ මගේ පුතු පෞද්ගලිකව හඳුනන්නේ නැති වන්නට පුළුවන. ඒ නිසා, ඔහු ඉතාම මෘදු ගති ඇති කරුණාබර පුද්ගලයකු බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. තම පවුලටත්, හිතවතුන්ටත් ඉතාම ළෙන්ගතුව කටයුතු කළ ඔහු මිනිසුන් සමග ඇතිකර ගන්නා සම්බන්ධතා ඉතාම ඉහළින් අගය කළ තැනැත්තෙකි. වසර ගණනක පටන් ඔහු අපගේ පවුලේ සෑම සාමාජිකයකුගේ ම යහපත වගේම, අප සියල්ලන්ගේ ම සතුට පිළිබඳව ද පෞද්ගලිකව සොයා බැලූ බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. ඕනෑම අයෙකුගේ ගැටලුවක් කලින් ම හඳුනා ගැනීමේ විරළ හැකියාවක් තිබූ ඔහු, ඔහුට හැකි සෑම අයුරකින් ම ඔවුන්ට උපකාර කිරීමට දෙවරක් කල්පනා කළේ නැත.
    කෙතරම් කාර්යබහුල පුද්ගලයකු වුවත් ඔහු, ඕනෑම අයෙකු වෙනුවෙන් තම කාලය වෙන් කිරීමට ඉදිරිපත් වූයේය. ඉතාම ආදරණීය සැමියකු මෙන්ම සෙනෙහෙබර පියෙකු වූ ඔහු ඔහුගේ මුළු ජීවිතයත්, කාලයත් ගත කළේ තම පවුල වටාය. විවෘතව තම අදහස් ප්‍රකාශ කළ ඔහු, තම දරුවන්ටත්, නෑදෑ දරුවන්ටත් අපරිමිත ආදරයක් සහ සෙනෙහසක් පෑවේය. පවුලේ සියලු දෙනා එක්කර ගනිමින් කාලය ගත කිරීමට දිනේෂ් නිතර කටයුතු කළේය. එමෙන්ම, විශේෂ අවස්ථා සැමරීම සඳහා පවුලේ සියලු දෙනා වෙනුවෙන් තනිවම උත්සව සහ හමු සංවිධාන කිරීමට ද ඔහු ක්‍රියා කළේය. දිනේෂ් යනු අපගේ පවුලේ හදවත වූ බැවින් ඔහුගේ වියෝවෙන් අපි අතරමං වී සිටිමු.
    දිනේෂ් අනෙකා කෙරෙහි විශ්වාසය තැබූ අයෙකි. එම නිසාම ඔහු ඇසුරු කළ අය ද ඔහු කෙරෙහි විශ්වාසය තැබුවෝය. තමන් නොහඳුනන අයට ද පුදුමාකාර කරුණාවක් දැක්වූ අයෙකු ලෙස ඔහු කා අතරත් ජනප්‍රියය. ඒ කෙතරම් ද යත්, වර්ෂාවට හසුවී අපහසුතාවට පත්වන ඕනෑම කෙනෙකුට ලබාදීම සඳහා ඔහු තම රථයේ කුඩ කිහිපයක් ද නිතර තබාගෙන සිටියේය. අරගල සමයේදී, කඳුළු ගෑස් ප්‍රහාරවලින් බේරීම සඳහා දිව යන අරගලකරුවන් 200 කට අධික පිරිසකට රැකවරණය ලබා දීමට දිනේෂ් කොළඹ 07 පිහිටි තම නිවසේ ගේට්ටු නොපැකිලිව විවර කළේය. ඔහු අවසන් වරට යොමු කළ එක්තරා කෙටි පණිවිඩයක මෙසේ සටහන් වී තිබිණ. “ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සේවය කරන අය ජීවත් වෙන්නේ අබලන් වුණු මුල්ලක. ඒ තැන යම්කිසි තත්ත්වයකට ගෙන එන්න අපට මොනවද කරන්න පුළුවන් කියලා බලන්න ඕන.” ඔහු සමාජ සේවා කටයුතු රැසකට ද තම නොමසුරු දායකත්වය ලබා දුන් අයෙකි. උසාවි කටයුතුවලදී නීතිඥ සහය ලබා ගැනීමට නොහැකි උදවිය වෙනුවෙන් ඔහු නීති සහය ලබා දීමට ඉදිරිපත් වූයේය. එමෙන්ම, සුළු දඩ මුදල් ගෙවාගත නොහැකිව සිරගත වී සිටින සිරකරුවන්ගේ දඩ මුදල් ගෙවීමට ද කටයුතු කළේය. දිනේෂ් එවැනි දරුවෙකි. තම පවුලටත්, ආගන්තුකයින්ටත් එක සේ නොමසුරුව උපකාර කළ සහ සෙනෙහස පෑ මිනිසෙකි.
    සරල දිවිපෙවෙතක් ගත කළ ඔහු නිතර ම ලා නිල් පැහැති අත් කොට කමිසයෙන් සහ හම් සෙරෙප්පු යුවළ පැළඳ සිටිනු දැකගත හැකි විය. ඔහු පුහු ආටෝප සහ විධිමත් ඇඳුම්-පැළඳුම්වලට ප්‍රිය නොකළ තැනැත්තෙකි. ටයි පටියක් පැළඳීමට කිසිසේත් කැමැත්තක් නොදැක්වූ ඔහු සපත්තු පැළඳුවේ විධිමත් උත්සව අවස්ථා ආදිය සඳහා පමණි.
    කීර්තිය සහ ප්‍රසිද්ධියට ප්‍රිය නොකළ ඔහුට කැපීපෙනෙන්නට උවමනාවක් තිබුණේ නැත. ඔහුගේ මරණය හේතුවෙන් ඔහුට මේ වන විට ලැබී ඇති ප්‍රසිද්ධිය දන්නේ නම් ඔහු ‘වලෙන් නැගී සිටිනු’ නොඅනුමානය.
    මෘදු ගති පැවතුම් ඇති මානව හිතවාදී මිනිසෙකු වූ මාගේ බාල පුතු, ඔහු ඇසුරු කළ පිරිස් තුළ ඇතිකර තිබෙන බලපෑම කෙතරම්ද කියා අපට දැනෙන්නේ ඔහු වෙනුවෙන් තවමත් ගලා එන කෘතවේදී සටහන් නිසාය.
    මාගේ බාල පුතු ජීවත් වූ ආකාරය පිළිබඳ ආඩම්බර වනවා හැර පියෙකු ලෙස මා වෙන කුමක් නම් කියන්නද? කලින් ම ඔහුගෙන් ජීවිතය සොරාගෙන ඇතත්, ඔහු ඉතිරිකර ගිය ධනාත්මක බලපෑම තවත් වසර ගණනාවක් පුරා මතකයේ රැඳෙනු ඇති බව මම දනිමි.
    මේ, දිනේෂ්ගේ මරණය සහ දිනේෂ් නමැති මිනිසා පිළිබඳ කරුණු කිහිපයකි.
    මෙය මේ වන විට විමර්ශනයට ලක්වන සිද්ධියක් නිසා, කුරිරු ඝාතනයට ලක්ව සිටින යහපත් පුතෙකුගේ සහ මානව හිතවාදියෙකුගේ කීර්ති නාමයට හානි කරන අසත්‍ය ප්‍රකාශ පිළිගැනීමෙන් සහ උපකල්පනවලට එළඹීමෙන් වැළකී සිටින ලෙස මම පියෙකු ලෙස මාධ්‍ය ආයතනවලින් සහ මහජනතාවගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.

    චන්ද්‍රා ශාෆ්ටර්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ කෙතරම් ද යත්, වර්ෂාවට හසුවී අපහසුතාවට පත්වන ඕනෑම කෙනෙකුට ලබාදීම සඳහා ඔහු තම රථයේ කුඩ කිහිපයක් ද නිතර තබාගෙන සිටියේය. අරගල සමයේදී, කඳුළු ගෑස් ප්‍රහාරවලින් බේරීම සඳහා දිව යන අරගලකරුවන් 200 කට අධික පිරිසකට රැකවරණය ලබා දීමට දිනේෂ් කොළඹ 07 පිහිටි තම නිවසේ ගේට්ටු නොපැකිලිව විවර කළේය.
    උසාවි කටයුතුවලදී නීතිඥ සහය ලබා ගැනීමට නොහැකි උදවිය වෙනුවෙන් ඔහු නීති සහය ලබා දීමට ඉදිරිපත් වූයේය. එමෙන්ම, සුළු දඩ මුදල් ගෙවාගත නොහැකිව සිරගත වී සිටින සිරකරුවන්ගේ දඩ මුදල් ගෙවීමට ද කටයුතු කළේය. දිනේෂ් එවැනි දරුවෙකි. තම පවුලටත්, ආගන්තුකයින්ටත් එක සේ නොමසුරුව උපකාර කළ සහ සෙනෙහස පෑ මිනිසෙකි.
    එළ කොල්ලෙක් වගේ නේද? රාජපක්ස කාලකන්නි ඇති මේක පස්සෙ අනිවාර්යෙන්..
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    එළ කොල්ලෙක් වගේ නේද? රාජපක්ස කාලකන්නි ඇති මේක පස්සෙ අනිවාර්යෙන්..
    මාත් මේ කියන්න හැදුවා විතරයි රජපකුන් ඉන්දුනීසියන් හැත්ත ඇති
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    අරගල සමයේදී, කඳුළු ගෑස් ප්‍රහාරවලින් බේරීම සඳහා දිව යන අරගලකරුවන් 200 කට අධික පිරිසකට රැකවරණය ලබා දීමට දිනේෂ් කොළඹ 07 පිහිටි තම නිවසේ ගේට්ටු නොපැකිලිව විවර කළේය.
    මේක ඇත්ත. ෆොටෝ එකේ තියෙන ඉඩම දැකලා පුරුදුයි කියලා බලද්දි තමා ඩයල් උනේ මෙතන තමා තැන කියලා.

    හෝස් වලින් වතුර ඇදලා දුන්නා, කදුලුගෑස් පීක් එකට ආවම කෙලින්ම ගේට්ටු ඇරලා දුන්නා, පූල් එකටත් ඇක්සස් දුන්නා හුස්මගන්න බැරි වෙච්ච අයට
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    මේ ලඟදි දවසක පැලවත්ත murder කේස් එක දවස් දෙකෙන් තුනෙන් ඇල්ලුවා නේද බන්? ශාෆ්ටර් කේස් එක ඇයි මෙච්චර පරක්කු වෙන්නේ? :oo:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ ලඟදි දවසක පැලවත්ත murder කේස් එක දවස් දෙකෙන් තුනෙන් ඇල්ලුවා නේද බන්? ශාෆ්ටර් කේස් එක ඇයි මෙච්චර පරක්කු වෙන්නේ? :oo:
    රාජපක්ශ පොනිල් ඉන්න නිසා
     
    • Sad
    Reactions: signshop