චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවෙන් පි&

චන්ද්‍රිකා බණ්ඩ&

  • ඔව්

    Votes: 88 76.5%
  • නැත

    Votes: 27 23.5%

  • Total voters
    115
  • Poll closed .

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,195
    1,634
    113
    ඕවා අහන්නත් දේවල්ද බන්? දාපන් දාපන්.

    meka facebook dapu eka ee kale yahapalane genna godak mahansi wechcha dial ekak. :lol: facebook eke hoda yahapala kalulak :lol:

    ආනන්දය සමග චන්ද්‍රිකාට ඇති අමාරුවේ ඉතිහාස කතාව.... (නොලියා සිටිය නොහැකි කතාවක් - පළමු කොටස)

    සුද්ද ලංකාවට එන්නත් පෙර සිටම සියනෑ කෝරළය ආශ්‍රිත ප්‍රදේශයට වසංගතයක් වුණු පවුලක් හිටියා... මේ පවුලෙ සෑහෙන දෙනෙක් ගැන සෑහෙන දෙයක් කියන්න පුළුවනි... අපි දැනට පටන්ගමු ඕලන්ද කාලෙ (1625 ආසන්නව) නවගමුවේ ජීවත් වුණු මොහොට්ටි අප්පුහාමිගෙන්... (වාසගම පසුව කියන්නම්... දැන්ම කිව්වොත් අපරාදෙ... දැනට අපි වාසගම xxx කියල තියමුකෝ) මේ කියන මොහොට්ටි අප්පුහාමි xxxගේ පියා නිලේපෙරුමාල් xxx තමයි 1590-1600 කාලයේ නවගමුව දේවාලයේ මහ කපු උන්නැහේ..... (උන්නැහේගෙ පුත්‍ර රත්නය වන මොහොට්ටි අප්පුහාමි xxx ගැන තාමත් කැළණි මිටියාවතේ ලස්සන ජනකතා හෙම තියෙනව.... ) මෙන්න මේ මොහොට්ටි අප්පුහාමිගේ මුණුපුරා තමයි දොන් ෆ්‍රැන්සිස්කු ඩයස් විජේතුංග xxx... වර්ෂ 1720 ඉපදිලා 1760 සිංහල-ඕලන්ද ගැටුමේදී සිංහලයන්ගේ පැත්ත අරගෙන නුවරට පළාගොස් ඊට තෑගී ලෙස රජ්ජුරුවන්ගෙන් මුදලි පදවියෙන් පිදුම් ලැබූ "විජේතුංග රාළ" කියන්නෙ මුන්නැහැ තමයි.... මේ පරම්පරාවේ හොඳක් කියන්න තියෙන පළමුවෙනියා සහ අන්තිමයා.... මෙන්න මේ විජේතුංග රාළගේ මුණුපුරා විලියම් එඩ්රියන් ඩයස් xxx තමයි 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අත්අඩංගුවට ගන්න වෙලාවේ භාෂා පරිවර්තකයා ලෙස ක්‍රියා කළාය කියන්නෙ......

    [Note: ඉතිහාසය දන්න අයට දැන් යමක් මතක් වෙන්න ඕනේ... ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අත්අඩංගුවට ගන්න සුද්දන්ට මග පෙන්වාපු තුන්දෙනෙක් හිටියා, ඉන් එක්කෙනෙක් හැඳින්වූවේ "තුප්පහි අප්පු" නමින්... තුප්පහි යනු පෘතුගීසි Topaz යන්න.... සිංහල සහ පෘතුගීසි යන භාෂා දෙකම කතාකළ අයව හැඳින්වීමට පාවිච්චි කළ වචනයක් තමයි මේක... එහි අර්ථය ග්‍රාම්‍ය අර්ථයෙන් (slang) ගත්තම, "කවලම්" යන්න.... පෘතුගීසීන් සහ පොදුවේ සුද්දන් වෙනුවෙන් භාෂා පරිවර්තනය කළ උදවියට යෙදුණු අපහාසාත්මක නමක් තමයි "තුප්පහියා" යන්න.... ]
    විලියම් එඩ්රියන් ඩයස් xxxගෙ පුතා තමයි සියනෑ කෝරළේ මුදලි, උඩුගහ පළමු මුදලි දොන් සොලමන් ඩයස් xxx (1774-1859).... කොළඹ-නුවර මහාමාර්ගය හැදීමේ රාජකාරිය බාරව හිටපු මහ ඒජන්තවරයා... ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් තාන්න මාන්න දිනාගෙන පසුව ඒ සියල්ල වාසියට පාවා දී, 1815 ගිවිසුමටත් අත්සන් කර, අවසානයේ "ඉංග්‍රීසි ආණ්ඩුවට කළ සේවය වෙනුවෙන්" 1818 දී ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිග්ගෙන් රන් පදක්කම් දිනු පුද්ගලයා..... මෙන්න මේ දොන් සොලමන් ඩයස් xxx ගෙ දුවගේ (කොර්නේලියා සුසානා ඩයස් xxx)ගෙ පුතා, එනම් මුණුපුරා තමයි අපේ කතාවේ වැදගත්ම චරිතය......

    ඒ තමයි සර් සොලමන් ක්රිස්ටෝෆල්ඩ් ඔබේසේකර (1848-1927).... රුහුණේ තල්පේ ප්‍රදේශයේ අටදෙහිවත්ත වලව්වේ වංශාධිපති ඩී.බී.එෆ්. ඔබේ සේකර තල්පෙවත්ත මුදලිතුමා සහ අර කලින් කී කොර්නේලියා සුසානා ඩයස් දෙදෙනාගේ ආදරණීය පුත්‍ර රත්නය..... 1833 ව්‍යවස්ථාදායක සභාවේ උගත් ලාංකිකයන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගතවෙන සොලමන් ක්‍රිස්ටෝෆල්ඩ් ඔබේසේකර තමයි 1912 සුරාබදු පණත වෙලාවේ කිසිදු විළි ලැජ්ජාවක් නැතිව ඊට ඡන්දය දෙන්නෙ...... ඒ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි අරක්කු රේන්දයට ඇති ධනපති ආදරය, තමන් නියෝජනය කරන "සිංහල බෞද්ධ" සමාජයට ඇති බොරු ආදරයට වඩා ලොකු නිසයි......

    1911 ලංකාවේ පොලිස්පති විසින් එවකට ආණ්ඩුකාරවරයා වෙත යවන රහස්‍ය වාර්තාවක දැක්වෙන වාක්‍යයක් මෙසේයි... "ලංකාවේ සිංහලයා බෞද්ධයකු වී සිටින තුරු ඔහුව ආණ්ඩුමට්ටු කළ නොහැක.... ඔවුන් හොඳ ක්‍රිස්තියානින් කිරීමට බැරිනම් අඩුවශයෙන් ඔවුන් නරක බෞද්ධයන් කිරීමට වත් අප උත්සාහ කළ යුතුය......" මෙන්න මේ විනාශකාරී අදහස ඔස්සේ යමින් තමයි එවකට ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම් සහ මහලේකම් සර් හියු ක්ලිෆර්ඩ් අතර පැවැත්වෙන රහස් සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 1912 සුරාබදු පණත ගෙනඑනු ලබන්නේ....
    ලංකාවට සුරාබදු පණත හඳුන්වාදීමට එරෙහිව ගොඩනැගුනු පළමු ව්‍යාපාරය වන්නේ අමද්‍යප ව්‍යාපාරයයි... 1912 කොළඹ ආනන්ද විද්‍යාලයයේදී තමයි එහි පළමු රැස්වීම පැවැත්වෙන්නේ.... එහි මූලිකත්වය ගන්නේ අනගාරික ධර්මපාල තුමා... එහි අනෙක් සහයෝගිකරුවන් වන්නේ වලිසිංහ හරිස්චන්ද්‍ර, එඩ්මන්ඩ් හේවාවිතාරණ, සී. ඒ. හේවාවිතාරණ, සර් දොන් බාරොන් ජයතිලක, ආතර් වී. දියෙස්‌ ("කොස් මාමා"), කිවියර පියදාස සිරිසේන සහ දොන් ස්ටේපර් සේනානායක.... (මේ කියන දොන් ස්ටේපර් සේනානායක යනු අන් කිසිවෙක් නොවෙයි බෝතලේ වලව්වේ අධිපති, දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායකගෙ පියා..... ) සේනානායකවරුන් අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ අවංකවද නැද්ද අප දන්නෙ නෑ.... නමුත් අමද්‍යප ව්‍යාපාරයට ප්‍රභූ සහය අවශ්‍ය මොහොතේ එය ලබාදුන්නේ ඔවුන් බව අපට අමතක කරන්න හැකියාවක් නෑ...

    ඉතිහාසය හරිම විහිළුවක් කියා කියන්නෙ මෙන්න මේ නිසා.... බාහිරයෙන් බලන අපට පෙනෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාවන්.... නමුත් අභ්‍යන්තරයේ හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ ධනපතීන් අතර බල අරගලයක් පමණයි.... තමන්ට රුපියල් කෝටි ගණනක් ලැබෙන්න නියමිත සුරාබදු පණත අහෝසි කරන්න හදන බෝතලේ වලව්වට එරෙහිව හොරගොල්ල වලව්ව යුද්ධ ප්‍රකාශ කරපු හැටි ඊළඟ කොටසෙන් බලමු....

    [මේ එක්කම තව දෙයක් කිවයුතුයි.... ඔබ දන්නවාද මේ ඓතිහාසික මොහොතේ ලංකාවේ මිනිස්සුන්ට අරක්කු පොවන්න එපා කියා ඡන්දය දුන් එකම ලාංකිකයා කවුද කියා.... දැනගන්න ඒ තමයි පොන්නම්බලම් රාමනාදන්..... සිංහලයන් නියෝජනය කරන ඔබේසේකර ලංකාවේ ගමක් ගමක් ගානේ අරක්කු තැබෑරුම් අරින්න කැමතියි කියා ඡන්දය දුන් රටක, අනගාරික ධර්මපාල සහ වලිසිංහ හරිස්චන්ද්‍ර සමග එකට එක මතයේ සිටිමින් අරක්කු එපා කියා ඡන්දය දෙන්නෙ දෙමළ මන්ත්‍රීවරයෙක්.... ආඩම්බරයි නේද....... ]

    කෙසේ හෝ අපි කතාවේ ඉස්සරහට යමුකෝ..... අපේ උගත් වැදගත් ඔබේසේකර මහත්මයා තමන් සමග එකට ව්‍යවස්ථාදායක සභාවෙ හිටපු තවත් අරක්කු රේන්දකාරයකු වන ජේම්ස් ද අල්විස්ගේ දුව එක්ක විවාහ වෙනවා... ඒ කසාදයේ ලොකු දුව වන ඩේසි ඇසිලින් ඔබේසේකර විවාහ වෙන්නෙ වාසල මුදලි තැන්පත් දොන් ක්‍රිස්ටෝපර් හෙන්‍ඩ්‍රිකස් ඩයස් අබේවික්‍රම ජයතියලක සෙනෙවිරත් xxx ගේ පුත්, දොන් සොලමන් ඩයස් අබේවික්‍රම ජයතිලක මහ මුදලිතුමා එක්ක...
    ඔබ දන්නවා දැන් මේ අතිශ්‍රේෂ්ට පරම්පරාව මොකක් ද කියල... ඒ තමයි "බණ්ඩාරනායක".... අපේ කතාවේ අවසාන චරිතයත් දැන් ඔබට පැහැදිලි ඇති... ඒ තමයි සුද්දට පරම්පරා ගණනාවක් තිස්සෙ කත් ඇදලා හම්බුකරගත්ත මහමුදලි පට්ටම මදිවාට, තමන්ගෙ පුතාට රටේ සුදු ආණ්ඩුකාරයාගෙ නම තියන්න තරම් නිවට, නියාලු චරිතයක් වුණු මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරණායක... 1862 මැයි 22 "හොරගොල්ල වලව්ව" නමින් අටවාගත්, සුද්දාගේ අස්ව ඉස්තාලය උඩ හැදූ ඊනියා බංගලාවේ ඉපිද, 1895 ආණ්ඩුකාර එලිබෑන්ක් හැව්ලොක් විසින් මහමුදලි සහ මුළු දිවයිනටම සාම විනිසුරු පදවි ලබා දුන් මහමුදලිතුමා.. ලෝකෙට මොන බෞද්ධකම පෙන්නුවත් සිය භාර්යාව ඩේසි අයිරින් ඩයස් මෙනෙවිය සමග 1898 අලුත්කඩේ සියලු සාන්තුවරයන්ගෙ පල්ලියේදි පූර්ණ චාරිත්‍ර වාරිත්‍ර සමගව නියම කිතුණුවකු ලෙස විවාහ වෙන මහමුදලිතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය තමයි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් කවුරුත් දන්න කියන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක.......

    එස්.ඩබ්. ආර් ඩී. බණ්ඩාරනායක සහ ඔහුගේ දෝණියැන්දෑ ගැන ඊළඟ ලිපියෙන් කියවමු...

    issuwe methanin
    https://www.facebook.com/cjdrox/posts/10153753634783190
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,634
    113
    ආනන්දය සමග චන්ද්‍රිකාට ඇති අමාරුවේ ඉතිහාස කතාව - දෙවන කොටස
    "දිය රෙද්දෙන් බෙල්ල කැපීම"---

    බණ්ඩාරනායකලාගේ පැටිකිරිය ගැන පසුගිය ලිපියකින් කතා කළාට පසුව කීප දෙනෙක්ම ඒ ඉතිහාස කතාවනුත්, මෑත කාලයේ නිකුත් වූ නවකතාවනුත් අතර සමානකම් ගැන ප්‍රශ්න කර තිබුණි......... ඓතිහාසික නවකතාවන් කෙරෙහි මගේ විරෝධයක් නැතත්, ඉතිහාසයේ හිස්තැන් පිරවීමට නවකතාවන් භාවිත කිරීම ගැන මගේ කිසිදු ප්‍රසාදයක් නැත....... නවකතාව යනු ප්‍රබන්ධයකි; පරිකල්පනයේ දරුවෙකි..... ඉතිහාසය යනු ගවේෂණයේ දරුවෙකි..... ගවේෂණයට සහ පරිකල්පනයට එකගෙයි කෑමට බැරිකමක් නැතත් ඉන් උපදින "මොක හෝ දෙය" ඉතිහාසයක් නම් නොවේ.... මේ දෙක පටලවා නොගෙන සංයමයෙන් කියවන්නෙකුට, මොහාන් රාජ් මඩවලගේ "ලොවීනා" සහ "ආදරණීය වික්ටෝරියා" ද, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "සෙංකොට්ටං" සහ "මාණික්කාවත" ද, (විශේෂයෙන් මේ දෙවන කොටසට අදාළව) සුගතපාල ද සිල්වා සූරීන්ගේ "බල්ලෝ බත් කති" යන කෘති නිර්දේශ කළ හැකිය.......
    ---

    කාලය 1934න් පසුව ය... ස්ථානය රත්නපුර මුද්දුවේ සුමන පිරිවෙන ය..... එහි ගිහි පැවිදි කීප දෙනෙකු එක්රැස්ව බරපතළ සාකච්ඡාවකි... කතාවට නිමිත්ත, පරිවේණාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් එවන ලද "ටැලිග්රෑමයකි"..... තනි ඉංගිරිසි කැපිටල් අකුරෙන් "WAS WASANTA EPA" යනුවෙන් ලියා ඇත.... නමුත් ප්‍රශ්නය වුයේ "වසන්ත ඈපා" නම් කෙනෙකු ඒ පන්සලේ අවට තබා ගමේවත් නැති වීමයි.... "was" කියා පටන්ගෙන තිබු නිසා මේ කියන්නෙ තමන් වහන්සේ එන්නට "කලින් හිටපු" වසන්ත ඇපා කෙනෙකු ගැනදැයි පොඩි හාමුදුරුවෝ විපිළිසරව සිටියහ.... කෙසේ හෝ ලොකු හාමුදුරුවෝ ආවාම මේක බේරාගන්න ඉඩතබා සියල්ලෝ සතුටෙන් විසිර ගියහ......

    ඇත්ත වශයෙන්ම ටැලිග්රෑමයේ ලියා තිබුණේ "වස් වසන්ට එපා" කියා ය..... එයද සියල්ලන්ම දැනගත්තේ ලොකු හාමුදුරුවෝ පන්සලට වැඩිය පසුව ය... වෙන හිමිනමක් නම් මෙය මෙතෙකින් අමතක කර දමනු නියත ය..... එහෙත් පන්සලේද, ගමේ ද, සියනෑ කෝරළේ පමණක් නොව මුළු මහත් ලංකාවේම දෛවෝපගත සිද්ධියක් ලෙස, පන්සලේ නායක හාමුදුරුවන්ව සිටියේ වෙන කිසිවෙක් නොව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අධිකරණ සංඝනායක, පාතකඩ භික්ෂු අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ, විචිත්‍ර ධර්මකථික, නාහෙට නාහන කුකුල් කේන්තිකාර, විප්ලවවාදී, රාජකීය පණ්ඩිත පූජ්‍යපාද හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ ය..... බණ්ඩාරනායක නම් වූ සාමාන්‍ය කපටිකමකින් හෙබි දේශපාලකයා මහා වීරයකු බවට ඔසොවා තැබීමේ මෙහෙයුමේ මහමොළකරුවාණෝ ය......

    ඤාණසීහ හාමුදුරුවෝ යනු මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රබලම බලපෑම ඇතිකළ භික්ෂුන්වහන්සේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේ උන් වහන්සේ නිසා නොවන්නට ස්වභාෂා ප්‍රතිපත්තියක් නොමැති වන නිසා ය..... තමන් වහන්සේ ඇරඹු පාතකඩ භික්ෂු අධ්‍යයනායතනයේ මුල්ගල තබන දවසේම පැවති, තමන් වහන්සේගේ මෑණියන්ගෙ අවමගුලට සහභාගී වන තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේට, අවමගුලට එන්නට නොහැකි වීමට හේතුව උන් වහන්සේ ලියන්නේ, "මුළුමහත් ලංකාද්වීපයේම වෙසෙන භික්ෂු සංඝයාගෙ උන්නතිය වෙනුවෙන් කෙරෙන මේ කටයුත්ත මා නොමැතිව නොකෙරෙන හෙයින්, මෑණියන්ගේ අවමගුලට සහභාගී වන්නට නොහැකිවීම ගැන කමන්න" කියා ය.... ඤාණසීහ හාමුදුරුවෝ යනු එවැනි දැඩි වානේමය පෞරුෂයකි.....

    වර්ෂ 1909 දෙසැම්බර් මස 18 වැනි දින හේන්පිටගෙදර දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාළහාමිට සහ දෝන ඇලිස් ජයසිංහ යන දෙපළට දාව "දෝන සමරවීර සකලසූරිය" නමින් ඉපිද, හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර විද්‍යාලයයේ මූලික අධ්‍යාපනය ලබා එකල පැවති මූලික ශිෂ්‍යත්ව විභාගයෙන් කොළඹින් ඉහළම ශිෂ්‍යයා ලෙස සමත්ව, වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යාමට වරම් තිබියදී 1919 ජනවාරි 16 වැනි දින මුදුගමුවේ පන්සලේදී පැවිදි බිමට පිවිසෙන ඤාණසීහ හිමියෝ, බලගල්ලේ සරස්වතී පිරිවෙණින් පූජ්‍ය හිස්සැල්ලේ මාහිමි යටතේ බණදහම් උගත් හ... 1939 වසරේ උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව සමගින් අවසන් විභාගය සමත්වන්නේ රාජකීය පණ්ඩිත උපාධිය සමගිනි..... 1936 වසරේ සිටම අන්වර්ථ නම්වලින් පුවත්පත්වලට ලියු රචකයකු වූ ඤාණසීහ හිමියෝ, ඒ කාලයේදීම වාගේ ජාතික තලයේ දේශපාලකයන් සමග කිට්ටු සබඳතාවක් පවත්වා ගත්හ.....
    1930 දශකය යනු සමාජවාදයේ උණුසුම් සුළං රැලි දකුණු ආසියාව පිසයමින් තිබු කාලයකි.... සමාජවාදී සංකල්ප ලංකාවට ගෙන එනු ලබන්නේ ප්‍රධානවම යුරෝපයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි විද්‍යාලයයන්හි අධ්‍යාපනය ලැබූ තරුණයන් විසිනි... එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, එස්.ඒ. වික්‍රමසිංහ, ලෙස්ලි ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි, පීටර් කේනමන්, රොබට් ගුණවර්ධන, ජාක් කොතලාවල, විවියන් ගුණවර්ධන මේ අතර වෙයි.... මේ පරම්පරාවේම චරිතයක් වන ඔක්ස්ෆර්ඩ්හි උගත් එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක, ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොළඹ වැඩිම කම්කරුවන් පිරිසක් සිටි මරදාන ආසනයෙන්, කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ පරදා කොළඹ නගර සභාවට පත්වෙයි.... එසේ වන්නේ පසුකාලීන බණ්ඩාරනායක ගැත්තන් විසින් වර්ණනා කරන ආකාරයට බණ්ඩාරනායක යනු කිරියෙන් දොවාගත් වමේ නායකයෙකු නිසා නොව, එවකට පැවති සීමිත ඡන්ද බලය යටතේ කම්කරුවන්ට ඡන්ද බලය නොතිබූ නිසා ය.....

    1931 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ වේයන්ගොඩ අසුනෙන් බණ්ඩාරනායක පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් තේරී පත්වන විට, ඊටම යාබද අසුන වන මිනුවන්ගොඩ ආසනයෙන් ඩී.එස්. සේනානායකද නිතරගයෙන් තේරී පත්වෙයි..... එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් 55 දෙනෙකු සිටි අතර, ඔවුන් 7-8 දෙනා බැගින් එකතුකොට කාරක සභා පිහිටුවාගන්නා ලදී...... අදාළ කාරක සභාවේ නායක මන්ත්‍රීවරයා, අදාළ විෂයභාර මැතිවරයා වෙයි.... බණ්ඩාරනායක මෙන් නොව අරක්කු ව්‍යාපාරයෙන් නම කැත කරගෙන නොසිටි සේනානායක පළමු මන්ත්‍රණ සභාවෙදීම ඉඩම් හා කෘෂිකර්ම කාරක සභා නායක ලෙස විෂයභාර ඇමති වශයෙන් තේරී පත්වීමත්, බණ්ඩාරනායක හුදෙක් පළාත් පාලන කාරක සභිකයකු වීමත් සමග, රාජ්‍ය මන්ත්‍රණ සභාව මිනුවන්ගොඩ බෝතලේ වලව්ව සහ වේයන්ගොඩ හොරගොල්ල වලව්ව අතර සීතල යුද්ධ පිටියක් බවට පත්විය...... සේනානායකලා කපා දමා ඒ තැනට බණ්ඩාරනායකලා පැමිණීමේ දීර්ඝ සටන ඇරඹෙන්නේ එතැනිනි........

    සීතල යුද්ධයේ පළමු වටය මෙලෙස 1931 ඡන්දයෙන් බෝතලේ වලව්ව විසින් ජයගන්නා ලදී..... ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමතිවරු සත්දෙනා, එනම්, සර් ඩී.බි. ජයතිලක (ස්වදේශ කටයුතු හා සභානායක), ඩී.එස්. සේනානායක (කෘෂිකර්ම හා ඉඩම්), චාල්ස් බටුවන්තුඩාවේ (පළාත් පාලන), සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර (අධ්‍යාපන) පෙරියසුන්දරම් (වෙළෙඳ හා කම්කරු), මාකන් මාකර් (කර්මාන්ත හා ප්‍රවාහන) සහ ටී.බි. පානබොක්කේ (සෞඛ්‍ය) යන සත්දෙනාගෙන් ඩී.එස්. සිටියේ ළාබාලතමයන් අතර ය.... උද්වේගකර පුද්ගලයකු වූ ඩී.එස්., කෘෂිකර්ම ඇමති වශයෙන් එක මොහොතක් හෝ නාස්ති කළේ නැත.... "රට සහලින් ස්වයංපෝෂණය කරමින් රජරට පැරකුම් යුගයක් යළි ඇරඹීම" සිය තේමා පාඨය කොටගත් සේනානායක තරුණ මන්ත්‍රීවරයා සිය මෙහෙයුම ඇරඹුවේ මින්නේරියෙනි...... ඩී.එස්. මෙන් නොව අංක එකේ කූට බුද්ධිමත් පුද්ගලයකු වූ බණ්ඩාරනායක, ඊට වඩා සියුම් මෙහෙයුමක් දියත් කළේ ය...... ඩී.එස්.ගේ ප්‍රධානතම ශක්තිය වූයේ සිය පියා වූ දොන් ස්ටේපර් සේනානායක විසින් ගොඩනගන ලද සිංහල බෞද්ධ ජාතිකත්වයේ ආධාරක බලයයි...... දොන් ස්ටේපර් සේනානායක යනු 1912 පිහිටවූ ලංකා අමද්‍යප සංගමයේ ආරම්භක යාවජීව සාමාජිකයෙකි.... බණ්ඩාරනායක කළේ ක්‍රමක්‍රමයෙන් ඩී.එස්. වටා සිටි බෞද්ධ බලවේග ඔහු කෙරෙහි කලකිරෙන තැනට ක්‍රියා කරවීමයි..... එහි කූට ප්‍රාප්තිය වන්නේ 1953 හර්තාලයට සුළු කලකට පෙර අපේ කතා නායක හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ව ඩී.එස්.ගෙන් කඩා ඉවත්කොට තමා සමීපයට ගැනීමයි......
    බණ්ඩාරනායක සතුව ඇමතිකමක් නොවුවත් ඔහුට එක වාසියක් තිබිණි...... පළාත්පාලන ඇමතිධුරය දැරූ කළුතර මන්ත්‍රී චාල්ස් බටුවන්තුඩාව සැලකුණේ ඇමතිවරු 7 දෙනාගෙන් දුර්වලම පුද්ගලයා ලෙස ය..... මේ හේතුව නිසා පළාත්පාලන කාරකසභාවේ සියලු වැඩ බණ්ඩාරනායක තමන් අතට ගත්විට, කිසිවෙක් ඊට එරෙහි වුයේ නැත.... මෙවකට ආණ්ඩුක්‍රම සංස්ථාවන් පිලිබඳ වැටහීමක් ලංකාවෙන් 1%කට වත් තිබුණේ නැති බැවින්, පළාත්පාලන අමාත්‍යාංශය වැනි ජනතාවට නොදැනෙන තැනක සිට ජනතා කැමැත්ත දිනාගන්නට හැකියාවක් ඇතැයි කිසිවෙකු විශ්වාස කළේ නැත..... එහෙත් බණ්ඩාරනායක සිය විවේචකයන්ට වඩා ගව ගණනක් ඉදිරියෙන් සිටියේ ය...... ඔහු එකම එක දේශපාලන ගුන්ඩුවකින් සිය ප්‍රතිවාදියා මෙන්ම විවේචකයන් ද නිහඬ කළේ ය.... ඒ ගුණ්ඩුව අන් කිසිවක් නොව "ගම්සභා" ය.....

    බණ්ඩාරනායක සිය ප්‍රතිවාදියාගේ පැරකුම් යුගයට කෙළින්ම අභියෝග කරමින් කියා සිටියේ, පැරකුම් යුගයට ද වඩා පැරණි ගම්සභා ක්‍රමයක් එවකට පණ්ඩුකාභය රජදවස සිට තිබු බවත්. යටත් විජිත යුගය නිසා එය වැනසී ගිය බවත් ය..... මෙලෙස සියනෑ කෝරළයේ එගොඩපොතපේරුව ගම්සභාවෙන් ඇරඹි ගම්සභා සංකල්පය, වැඩිකලක් යන්නට මත්තෙන් සමස්ත ලංකා ගම්සභා සම්මේලනය දක්වා ව්‍යාප්ත වූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ ජනබලයක් බණ්ඩාරනායක වෙත කේන්ද්‍ර කරමිනි..... රට පුරා වැව් කුඹුරු හැදු සේනානායක සිටියදී, ගොවීන් වෙනුවෙන් කිසිවක් නොකරම ඔවුන්ගේ කැමැත්ත තමන් වෙත දිනාගනු පිණිස බණ්ඩාරනායක ගැසූ ගැටය, එදා පමණක් නොව අද මට්ටමින් බැලුවත් නොම්මර එකේ දහන්ගැටයකි.....

    සේනානායකට වඩා ගැමියාට සමීප වන්නට තවත් උපක්‍රමයක් බණ්ඩාරනායක විසින් භාවිත කරන ලදී... එනම් ග්‍රාමීය ජනතාව හමුවීමට යන විට ආරිය සිංහල ඇඳුමින් සැරසී සිටීමයි.... මුළුමහත් මුතුන් මිත්තන් පරම්පරාවම සුද්දන්ට කත් ඇද්දත්, රෙද්ද බැනියම අඳින එකාට ඡන්දය දීම අපේ මිනිසුන්ගේ හැටියකි... බණ්ඩාරනායක ඒ මානසික නිලය හරියටම තෙරපුවේ ය.....

    1931 සහ 1936 අතර කැපී පෙනෙන අනෙක් වැදගත්ම චරිතය සහ බණ්ඩාරනායකගේ ප්‍රබලම තරගකරුවා වූයේ රන්දොඹේදී 1884 ඔක්තෝබර් 13 වැනිදා ඉපිද, අම්බලන්ගොඩ වෙස්ලියන් බැප්ටිස්ට් විදුහලේ මූලික අධ්‍යාපනය ලබා, 1897 පළමුපෙළ ශිෂ්‍යත්වයෙන් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයයට ඇතුළත්ව, 1902 ජ්‍යෙෂ්ට පාඨශාලා ශිෂ්‍යත්වයෙන් ගණිතය සහ අංක ගණිතය විෂයයන්ගෙන් ලංකාවේ පමණක් නොව මුළුමහත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන්ම පළමුතැන ලබා රිච්මන්ඩ් නාමය ලෝකයට ගෙනගිය, 1904 ඓතිහාසික ප්‍රථම රිච්මන්ඩ්-මහින්ද ක්‍රිකට් ගැටුමේදී රිච්මන්ඩ් ක්‍රිකට් පිළේ නායකත්වය දැරූ, 1917 ගාලු දේශපාලන සංගමයෙන් බිහිවූ කීර්තිමත් ගණිත ගුරුවර, ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර නොහොත් සී.ඩබ්.ඩබ්. කන්නන්ගරය... 1923 ව්‍යවස්ථාදායක මණ්ඩලයට ගාල්ල නියෝජනය කරමින් සම්බන්ධ වූ හෙතෙම, මරණීය දණ්‌ඩනය අවලංගු කිරීම. බෞද්ධයන් සඳහා සාධාරණ නිවාඩු දින ගණනක්‌ ඇති කිරීමේ අයිතීන් දිනාගැනීම, විශේෂයෙන්ම 1934 අසරණ සරණ ආඥාපනත මගින් සියලූම ජාතීන්ට අයත් දුප්පත් දරුවන්ට පිලිසරණ ලබාදීම වැනි දෑ වෙනුවෙන් අභීතව සටන් කිරීම මගින් දකුණේ බෞද්ධ ජනතාවගේ සිත් දිනාගෙන සිටියේ ය...... එහෙත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහු වාර්ගික විධායක කමිටුවේ සභාපති වුයේ ද, මේ කන්නන්ගරම වීමෙන් ඔහුගේ මැදහත් ප්‍රතිපත්තිය පිලිබඳ අදහසක් ලබාගත හැකිය....

    1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව වනවිට බොහෝ දේ බොහෝ සෙයින් වෙනස්ව තිබුණේ ය.... 1931 අමාත්‍යධුර දැරූ පෙරියසුන්දරම් සහ මොහොමඩ් මාකාන් මාකර් දෙදෙනා 1936 තරග කළේ නැත.... කලින් (නාමිකව) පළාත්පාලන ඇමතිව සිටි බටුවන්තුඩාවේ මන්ත්‍රීවරයා 1936 ද සිය ආසනය ජයගත් නමුත් සිය පුතුන් දෙදෙනා චෙක්පත් වංචාවකට වරදකරුවන් වීම නිසා හටගත් සිත්වේදනාව හේතුවෙන් ඇමති පදවි ප්‍රතික්ෂේප කළේ ය..... මෙය බණ්ඩාරනායකට නොමිලේ ඇදුණු බෝනස් ටිකට් එකක් විය.... මන්ත්‍රී බටුවන්තුඩාව ඇමති ධුරයක් අපේක්ෂා නොකරන්නේ නම් ගම්සභා ව්‍යාපාරයෙන් ලබාගන්නා ලද බලය ද සමගින් පළාත්පාලන ඇමති වීමට ඔහුට කිසිදු බාධාවක් නොවීය..... මේ අතරම 1935දී පිහිටුවන ලද ලංකාවේ පළමු වාමාංශික පක්ෂය වූ "ලංකා සමසමාජ පක්ෂය" ද මැතිවරණයට ඉදිරිපත් වීම බණ්ඩාරනායකට අමතර වාසියක් වුයේ, ලසසප විරෝධය බණ්ඩාරනායකලාට වඩා සේනානායකලාට එල්ල වීම නිසා ය.....

    1940 වන විට බණ්ඩාරනායකට සේනානායක බෙල්ල මුලින්ම කපා දමා සිංහල බෞද්ධයාගේ එකම නියෝජිතයා වීමට ඉතිරිව තිබුණේ බාධක තුනකි..... එකක් හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් ප්‍රමුඛ භික්ෂු දේශපාලන පෙරමුණ ය..... දෙවැන්න සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විසින් නායකත්වය දෙනු ලැබූ ජනතාවාදී ව්‍යාපාරය ය... තුන්වැන්න ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ය......
    (ඉතිරිය ඊළඟ ලිපියට)

    issuwe methanin
    https://www.facebook.com/cjdrox/posts/10153755545883190
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    චන්ද්‍රිකාගේ වැරදි තියෙනවා. ඒත් රට වෙනුවෙන් බොම්බෙකට අහුවෙලා ඇහැක් නැති කරගත්ත ගෑනියෙක් බව අමතක කරන්න එපා. අං ආවම කන අමතක කරන්න එපා.

    vBRc4ru.jpg
    thamanta anukampava ganna gahagathu ekak kyla mm ahala thynava..poth ehema kiyavala balapan podak..premadasata una eke anika une..99n berila thyne...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චන්ද්‍රිකාගේ වැරදි තියෙනවා. ඒත් රට වෙනුවෙන් බොම්බෙකට අහුවෙලා ඇහැක් නැති කරගත්ත ගෑනියෙක් බව අමතක කරන්න එපා. අං ආවම කන අමතක කරන්න එපා.

    vBRc4ru.jpg

    එතකොට පවු සේදෙනවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    චන්ද්‍රිකාගේ වැරදි තියෙනවා. ඒත් රට වෙනුවෙන් බොම්බෙකට අහුවෙලා ඇහැක් නැති කරගත්ත ගෑනියෙක් බව අමතක කරන්න එපා. අං ආවම කන අමතක කරන්න එපා.

    vBRc4ru.jpg

    oka boruwak kiyalath kiyanawane

    anith athata ekige aha gatta nam return eka dila koti iwara karanna epai. me wesige kale thamai koti darunuma une & -economy
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    p.s
    england wala igena gatte meki & family ekama. munta koheda ananda collage eka wage eva gana kakkumak. ekai hambayo aran ekath iwara karanna hadanne.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය

    ජාතිය හා ආගම අනුව දරුවන්ගේ පාසැල තීරණය කිරීම ජාතික සංහිඳියාවට බාධාවක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

    කුමාරතුංග මහත්මිය මෙසේ කියා සිටියේ මීගමුව ප‍්‍රදේශයේ පැවති තෛපොන්ගල් උත්සවයකට එක්වෙමිනි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යාපනේ එහෙම යුද්ධ කරේ බන්. ලොකු ආක්‍රමනයකට නොගියත් යුද්ධ කරගෙන හිටියා. ඒ කාලේ උබලා කිරිසප්පයෝද දන්නේ නැහැ. රනිල් කරා වගේ ගිවිසුමක් ගහලා කොටියා ඉල්ලපුවා දුන්නා නම්, කොටියා චන්ද්‍රිකාට බෝම්බ තියන්නේ නෑනේ බන්. මල්නේ තියන්නේ.

    ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් කතා කරමු. උබලගේ දේශපාලන මතවාදයට අනුව, චන්ද්‍රිකා අද ඉන්න තැන බලලා කතා කරන්න එපා.

    චන්ද්‍රිකා හෝ මහින්ද හෝ රනිල් හෝ මෛත්‍රී හෝ මොකා හරි හොඳ දෙයක් කරොත් අගය කරමු. වැරදි දේ විවේචනය කරමු.

    ලොල් චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසිරුවලා රනිල්ගේ ආණ්ඩුව වාට්ටුවේ නැත්තම් 2004 :rofl: ඔය මහින්ද කියන නායකයා හොයාගන්නත් බරුවෙයි. වැරදි තියනවා. සුනාමි සහන මණ්ඩලය දෙන්න ගිය. වැඩක් කලේ නැහැ කිසිම. එත් රට බෙදන්න හදනකොට චන්ද්‍රික අයිතිහාසික තීරණයක් ගත්ත

    ඉස්කෝලේ කියවස්රෙඩ් දන්ම්නේ නැහැ හිටියේ ඒ කාලේ:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    meka facebook dapu eka ee kale yahapalane genna godak mahansi wechcha dial ekak. :lol: facebook eke hoda yahapala kalulak :lol:

    ආනන්දය සමග චන්ද්‍රිකාට ඇති අමාරුවේ ඉතිහාස කතාව.... (නොලියා සිටිය නොහැකි කතාවක් - පළමු කොටස)

    සුද්ද ලංකාවට එන්නත් පෙර සිටම සියනෑ කෝරළය ආශ්‍රිත ප්‍රදේශයට වසංගතයක් වුණු පවුලක් හිටියා... මේ පවුලෙ සෑහෙන දෙනෙක් ගැන සෑහෙන දෙයක් කියන්න පුළුවනි... අපි දැනට පටන්ගමු ඕලන්ද කාලෙ (1625 ආසන්නව) නවගමුවේ ජීවත් වුණු මොහොට්ටි අප්පුහාමිගෙන්... (වාසගම පසුව කියන්නම්... දැන්ම කිව්වොත් අපරාදෙ... දැනට අපි වාසගම xxx කියල තියමුකෝ) මේ කියන මොහොට්ටි අප්පුහාමි xxxගේ පියා නිලේපෙරුමාල් xxx තමයි 1590-1600 කාලයේ නවගමුව දේවාලයේ මහ කපු උන්නැහේ..... (උන්නැහේගෙ පුත්‍ර රත්නය වන මොහොට්ටි අප්පුහාමි xxx ගැන තාමත් කැළණි මිටියාවතේ ලස්සන ජනකතා හෙම තියෙනව.... ) මෙන්න මේ මොහොට්ටි අප්පුහාමිගේ මුණුපුරා තමයි දොන් ෆ්‍රැන්සිස්කු ඩයස් විජේතුංග xxx... වර්ෂ 1720 ඉපදිලා 1760 සිංහල-ඕලන්ද ගැටුමේදී සිංහලයන්ගේ පැත්ත අරගෙන නුවරට පළාගොස් ඊට තෑගී ලෙස රජ්ජුරුවන්ගෙන් මුදලි පදවියෙන් පිදුම් ලැබූ "විජේතුංග රාළ" කියන්නෙ මුන්නැහැ තමයි.... මේ පරම්පරාවේ හොඳක් කියන්න තියෙන පළමුවෙනියා සහ අන්තිමයා.... මෙන්න මේ විජේතුංග රාළගේ මුණුපුරා විලියම් එඩ්රියන් ඩයස් xxx තමයි 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අත්අඩංගුවට ගන්න වෙලාවේ භාෂා පරිවර්තකයා ලෙස ක්‍රියා කළාය කියන්නෙ......

    [Note: ඉතිහාසය දන්න අයට දැන් යමක් මතක් වෙන්න ඕනේ... ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අත්අඩංගුවට ගන්න සුද්දන්ට මග පෙන්වාපු තුන්දෙනෙක් හිටියා, ඉන් එක්කෙනෙක් හැඳින්වූවේ "තුප්පහි අප්පු" නමින්... තුප්පහි යනු පෘතුගීසි Topaz යන්න.... සිංහල සහ පෘතුගීසි යන භාෂා දෙකම කතාකළ අයව හැඳින්වීමට පාවිච්චි කළ වචනයක් තමයි මේක... එහි අර්ථය ග්‍රාම්‍ය අර්ථයෙන් (slang) ගත්තම, "කවලම්" යන්න.... පෘතුගීසීන් සහ පොදුවේ සුද්දන් වෙනුවෙන් භාෂා පරිවර්තනය කළ උදවියට යෙදුණු අපහාසාත්මක නමක් තමයි "තුප්පහියා" යන්න.... ]
    විලියම් එඩ්රියන් ඩයස් xxxගෙ පුතා තමයි සියනෑ කෝරළේ මුදලි, උඩුගහ පළමු මුදලි දොන් සොලමන් ඩයස් xxx (1774-1859).... කොළඹ-නුවර මහාමාර්ගය හැදීමේ රාජකාරිය බාරව හිටපු මහ ඒජන්තවරයා... ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් තාන්න මාන්න දිනාගෙන පසුව ඒ සියල්ල වාසියට පාවා දී, 1815 ගිවිසුමටත් අත්සන් කර, අවසානයේ "ඉංග්‍රීසි ආණ්ඩුවට කළ සේවය වෙනුවෙන්" 1818 දී ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිග්ගෙන් රන් පදක්කම් දිනු පුද්ගලයා..... මෙන්න මේ දොන් සොලමන් ඩයස් xxx ගෙ දුවගේ (කොර්නේලියා සුසානා ඩයස් xxx)ගෙ පුතා, එනම් මුණුපුරා තමයි අපේ කතාවේ වැදගත්ම චරිතය......

    ඒ තමයි සර් සොලමන් ක්රිස්ටෝෆල්ඩ් ඔබේසේකර (1848-1927).... රුහුණේ තල්පේ ප්‍රදේශයේ අටදෙහිවත්ත වලව්වේ වංශාධිපති ඩී.බී.එෆ්. ඔබේ සේකර තල්පෙවත්ත මුදලිතුමා සහ අර කලින් කී කොර්නේලියා සුසානා ඩයස් දෙදෙනාගේ ආදරණීය පුත්‍ර රත්නය..... 1833 ව්‍යවස්ථාදායක සභාවේ උගත් ලාංකිකයන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගතවෙන සොලමන් ක්‍රිස්ටෝෆල්ඩ් ඔබේසේකර තමයි 1912 සුරාබදු පණත වෙලාවේ කිසිදු විළි ලැජ්ජාවක් නැතිව ඊට ඡන්දය දෙන්නෙ...... ඒ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි අරක්කු රේන්දයට ඇති ධනපති ආදරය, තමන් නියෝජනය කරන "සිංහල බෞද්ධ" සමාජයට ඇති බොරු ආදරයට වඩා ලොකු නිසයි......

    1911 ලංකාවේ පොලිස්පති විසින් එවකට ආණ්ඩුකාරවරයා වෙත යවන රහස්‍ය වාර්තාවක දැක්වෙන වාක්‍යයක් මෙසේයි... "ලංකාවේ සිංහලයා බෞද්ධයකු වී සිටින තුරු ඔහුව ආණ්ඩුමට්ටු කළ නොහැක.... ඔවුන් හොඳ ක්‍රිස්තියානින් කිරීමට බැරිනම් අඩුවශයෙන් ඔවුන් නරක බෞද්ධයන් කිරීමට වත් අප උත්සාහ කළ යුතුය......" මෙන්න මේ විනාශකාරී අදහස ඔස්සේ යමින් තමයි එවකට ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම් සහ මහලේකම් සර් හියු ක්ලිෆර්ඩ් අතර පැවැත්වෙන රහස් සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 1912 සුරාබදු පණත ගෙනඑනු ලබන්නේ....
    ලංකාවට සුරාබදු පණත හඳුන්වාදීමට එරෙහිව ගොඩනැගුනු පළමු ව්‍යාපාරය වන්නේ අමද්‍යප ව්‍යාපාරයයි... 1912 කොළඹ ආනන්ද විද්‍යාලයයේදී තමයි එහි පළමු රැස්වීම පැවැත්වෙන්නේ.... එහි මූලිකත්වය ගන්නේ අනගාරික ධර්මපාල තුමා... එහි අනෙක් සහයෝගිකරුවන් වන්නේ වලිසිංහ හරිස්චන්ද්‍ර, එඩ්මන්ඩ් හේවාවිතාරණ, සී. ඒ. හේවාවිතාරණ, සර් දොන් බාරොන් ජයතිලක, ආතර් වී. දියෙස්‌ ("කොස් මාමා"), කිවියර පියදාස සිරිසේන සහ දොන් ස්ටේපර් සේනානායක.... (මේ කියන දොන් ස්ටේපර් සේනානායක යනු අන් කිසිවෙක් නොවෙයි බෝතලේ වලව්වේ අධිපති, දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායකගෙ පියා..... ) සේනානායකවරුන් අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ අවංකවද නැද්ද අප දන්නෙ නෑ.... නමුත් අමද්‍යප ව්‍යාපාරයට ප්‍රභූ සහය අවශ්‍ය මොහොතේ එය ලබාදුන්නේ ඔවුන් බව අපට අමතක කරන්න හැකියාවක් නෑ...

    ඉතිහාසය හරිම විහිළුවක් කියා කියන්නෙ මෙන්න මේ නිසා.... බාහිරයෙන් බලන අපට පෙනෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාවන්.... නමුත් අභ්‍යන්තරයේ හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ ධනපතීන් අතර බල අරගලයක් පමණයි.... තමන්ට රුපියල් කෝටි ගණනක් ලැබෙන්න නියමිත සුරාබදු පණත අහෝසි කරන්න හදන බෝතලේ වලව්වට එරෙහිව හොරගොල්ල වලව්ව යුද්ධ ප්‍රකාශ කරපු හැටි ඊළඟ කොටසෙන් බලමු....

    [මේ එක්කම තව දෙයක් කිවයුතුයි.... ඔබ දන්නවාද මේ ඓතිහාසික මොහොතේ ලංකාවේ මිනිස්සුන්ට අරක්කු පොවන්න එපා කියා ඡන්දය දුන් එකම ලාංකිකයා කවුද කියා.... දැනගන්න ඒ තමයි පොන්නම්බලම් රාමනාදන්..... සිංහලයන් නියෝජනය කරන ඔබේසේකර ලංකාවේ ගමක් ගමක් ගානේ අරක්කු තැබෑරුම් අරින්න කැමතියි කියා ඡන්දය දුන් රටක, අනගාරික ධර්මපාල සහ වලිසිංහ හරිස්චන්ද්‍ර සමග එකට එක මතයේ සිටිමින් අරක්කු එපා කියා ඡන්දය දෙන්නෙ දෙමළ මන්ත්‍රීවරයෙක්.... ආඩම්බරයි නේද....... ]

    කෙසේ හෝ අපි කතාවේ ඉස්සරහට යමුකෝ..... අපේ උගත් වැදගත් ඔබේසේකර මහත්මයා තමන් සමග එකට ව්‍යවස්ථාදායක සභාවෙ හිටපු තවත් අරක්කු රේන්දකාරයකු වන ජේම්ස් ද අල්විස්ගේ දුව එක්ක විවාහ වෙනවා... ඒ කසාදයේ ලොකු දුව වන ඩේසි ඇසිලින් ඔබේසේකර විවාහ වෙන්නෙ වාසල මුදලි තැන්පත් දොන් ක්‍රිස්ටෝපර් හෙන්‍ඩ්‍රිකස් ඩයස් අබේවික්‍රම ජයතියලක සෙනෙවිරත් xxx ගේ පුත්, දොන් සොලමන් ඩයස් අබේවික්‍රම ජයතිලක මහ මුදලිතුමා එක්ක...
    ඔබ දන්නවා දැන් මේ අතිශ්‍රේෂ්ට පරම්පරාව මොකක් ද කියල... ඒ තමයි "බණ්ඩාරනායක".... අපේ කතාවේ අවසාන චරිතයත් දැන් ඔබට පැහැදිලි ඇති... ඒ තමයි සුද්දට පරම්පරා ගණනාවක් තිස්සෙ කත් ඇදලා හම්බුකරගත්ත මහමුදලි පට්ටම මදිවාට, තමන්ගෙ පුතාට රටේ සුදු ආණ්ඩුකාරයාගෙ නම තියන්න තරම් නිවට, නියාලු චරිතයක් වුණු මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරණායක... 1862 මැයි 22 "හොරගොල්ල වලව්ව" නමින් අටවාගත්, සුද්දාගේ අස්ව ඉස්තාලය උඩ හැදූ ඊනියා බංගලාවේ ඉපිද, 1895 ආණ්ඩුකාර එලිබෑන්ක් හැව්ලොක් විසින් මහමුදලි සහ මුළු දිවයිනටම සාම විනිසුරු පදවි ලබා දුන් මහමුදලිතුමා.. ලෝකෙට මොන බෞද්ධකම පෙන්නුවත් සිය භාර්යාව ඩේසි අයිරින් ඩයස් මෙනෙවිය සමග 1898 අලුත්කඩේ සියලු සාන්තුවරයන්ගෙ පල්ලියේදි පූර්ණ චාරිත්‍ර වාරිත්‍ර සමගව නියම කිතුණුවකු ලෙස විවාහ වෙන මහමුදලිතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය තමයි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් කවුරුත් දන්න කියන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක.......

    එස්.ඩබ්. ආර් ඩී. බණ්ඩාරනායක සහ ඔහුගේ දෝණියැන්දෑ ගැන ඊළඟ ලිපියෙන් කියවමු...

    issuwe methanin
    https://www.facebook.com/cjdrox/posts/10153753634783190

    ඔන්න මම font සයිස් ලොකු කරා ඔන්න.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ආනන්දය සමග චන්ද්‍රිකාට ඇති අමාරුවේ ඉතිහාස කතාව - දෙවන කොටස
    "දිය රෙද්දෙන් බෙල්ල කැපීම"---

    බණ්ඩාරනායකලාගේ පැටිකිරිය ගැන පසුගිය ලිපියකින් කතා කළාට පසුව කීප දෙනෙක්ම ඒ ඉතිහාස කතාවනුත්, මෑත කාලයේ නිකුත් වූ නවකතාවනුත් අතර සමානකම් ගැන ප්‍රශ්න කර තිබුණි......... ඓතිහාසික නවකතාවන් කෙරෙහි මගේ විරෝධයක් නැතත්, ඉතිහාසයේ හිස්තැන් පිරවීමට නවකතාවන් භාවිත කිරීම ගැන මගේ කිසිදු ප්‍රසාදයක් නැත....... නවකතාව යනු ප්‍රබන්ධයකි; පරිකල්පනයේ දරුවෙකි..... ඉතිහාසය යනු ගවේෂණයේ දරුවෙකි..... ගවේෂණයට සහ පරිකල්පනයට එකගෙයි කෑමට බැරිකමක් නැතත් ඉන් උපදින "මොක හෝ දෙය" ඉතිහාසයක් නම් නොවේ.... මේ දෙක පටලවා නොගෙන සංයමයෙන් කියවන්නෙකුට, මොහාන් රාජ් මඩවලගේ "ලොවීනා" සහ "ආදරණීය වික්ටෝරියා" ද, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "සෙංකොට්ටං" සහ "මාණික්කාවත" ද, (විශේෂයෙන් මේ දෙවන කොටසට අදාළව) සුගතපාල ද සිල්වා සූරීන්ගේ "බල්ලෝ බත් කති" යන කෘති නිර්දේශ කළ හැකිය.......
    ---

    කාලය 1934න් පසුව ය... ස්ථානය රත්නපුර මුද්දුවේ සුමන පිරිවෙන ය..... එහි ගිහි පැවිදි කීප දෙනෙකු එක්රැස්ව බරපතළ සාකච්ඡාවකි... කතාවට නිමිත්ත, පරිවේණාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් එවන ලද "ටැලිග්රෑමයකි"..... තනි ඉංගිරිසි කැපිටල් අකුරෙන් "WAS WASANTA EPA" යනුවෙන් ලියා ඇත.... නමුත් ප්‍රශ්නය වුයේ "වසන්ත ඈපා" නම් කෙනෙකු ඒ පන්සලේ අවට තබා ගමේවත් නැති වීමයි.... "was" කියා පටන්ගෙන තිබු නිසා මේ කියන්නෙ තමන් වහන්සේ එන්නට "කලින් හිටපු" වසන්ත ඇපා කෙනෙකු ගැනදැයි පොඩි හාමුදුරුවෝ විපිළිසරව සිටියහ.... කෙසේ හෝ ලොකු හාමුදුරුවෝ ආවාම මේක බේරාගන්න ඉඩතබා සියල්ලෝ සතුටෙන් විසිර ගියහ......

    ඇත්ත වශයෙන්ම ටැලිග්රෑමයේ ලියා තිබුණේ "වස් වසන්ට එපා" කියා ය..... එයද සියල්ලන්ම දැනගත්තේ ලොකු හාමුදුරුවෝ පන්සලට වැඩිය පසුව ය... වෙන හිමිනමක් නම් මෙය මෙතෙකින් අමතක කර දමනු නියත ය..... එහෙත් පන්සලේද, ගමේ ද, සියනෑ කෝරළේ පමණක් නොව මුළු මහත් ලංකාවේම දෛවෝපගත සිද්ධියක් ලෙස, පන්සලේ නායක හාමුදුරුවන්ව සිටියේ වෙන කිසිවෙක් නොව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අධිකරණ සංඝනායක, පාතකඩ භික්ෂු අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ, විචිත්‍ර ධර්මකථික, නාහෙට නාහන කුකුල් කේන්තිකාර, විප්ලවවාදී, රාජකීය පණ්ඩිත පූජ්‍යපාද හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ ය..... බණ්ඩාරනායක නම් වූ සාමාන්‍ය කපටිකමකින් හෙබි දේශපාලකයා මහා වීරයකු බවට ඔසොවා තැබීමේ මෙහෙයුමේ මහමොළකරුවාණෝ ය......

    ඤාණසීහ හාමුදුරුවෝ යනු මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රබලම බලපෑම ඇතිකළ භික්ෂුන්වහන්සේ යැයි කීම අතිශයෝක්තියක් නොවන්නේ උන් වහන්සේ නිසා නොවන්නට ස්වභාෂා ප්‍රතිපත්තියක් නොමැති වන නිසා ය..... තමන් වහන්සේ ඇරඹු පාතකඩ භික්ෂු අධ්‍යයනායතනයේ මුල්ගල තබන දවසේම පැවති, තමන් වහන්සේගේ මෑණියන්ගෙ අවමගුලට සහභාගී වන තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේට, අවමගුලට එන්නට නොහැකි වීමට හේතුව උන් වහන්සේ ලියන්නේ, "මුළුමහත් ලංකාද්වීපයේම වෙසෙන භික්ෂු සංඝයාගෙ උන්නතිය වෙනුවෙන් කෙරෙන මේ කටයුත්ත මා නොමැතිව නොකෙරෙන හෙයින්, මෑණියන්ගේ අවමගුලට සහභාගී වන්නට නොහැකිවීම ගැන කමන්න" කියා ය.... ඤාණසීහ හාමුදුරුවෝ යනු එවැනි දැඩි වානේමය පෞරුෂයකි.....

    වර්ෂ 1909 දෙසැම්බර් මස 18 වැනි දින හේන්පිටගෙදර දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාළහාමිට සහ දෝන ඇලිස් ජයසිංහ යන දෙපළට දාව "දෝන සමරවීර සකලසූරිය" නමින් ඉපිද, හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර විද්‍යාලයයේ මූලික අධ්‍යාපනය ලබා එකල පැවති මූලික ශිෂ්‍යත්ව විභාගයෙන් කොළඹින් ඉහළම ශිෂ්‍යයා ලෙස සමත්ව, වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යාමට වරම් තිබියදී 1919 ජනවාරි 16 වැනි දින මුදුගමුවේ පන්සලේදී පැවිදි බිමට පිවිසෙන ඤාණසීහ හිමියෝ, බලගල්ලේ සරස්වතී පිරිවෙණින් පූජ්‍ය හිස්සැල්ලේ මාහිමි යටතේ බණදහම් උගත් හ... 1939 වසරේ උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව සමගින් අවසන් විභාගය සමත්වන්නේ රාජකීය පණ්ඩිත උපාධිය සමගිනි..... 1936 වසරේ සිටම අන්වර්ථ නම්වලින් පුවත්පත්වලට ලියු රචකයකු වූ ඤාණසීහ හිමියෝ, ඒ කාලයේදීම වාගේ ජාතික තලයේ දේශපාලකයන් සමග කිට්ටු සබඳතාවක් පවත්වා ගත්හ.....
    1930 දශකය යනු සමාජවාදයේ උණුසුම් සුළං රැලි දකුණු ආසියාව පිසයමින් තිබු කාලයකි.... සමාජවාදී සංකල්ප ලංකාවට ගෙන එනු ලබන්නේ ප්‍රධානවම යුරෝපයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි විද්‍යාලයයන්හි අධ්‍යාපනය ලැබූ තරුණයන් විසිනි... එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, එස්.ඒ. වික්‍රමසිංහ, ලෙස්ලි ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි, පීටර් කේනමන්, රොබට් ගුණවර්ධන, ජාක් කොතලාවල, විවියන් ගුණවර්ධන මේ අතර වෙයි.... මේ පරම්පරාවේම චරිතයක් වන ඔක්ස්ෆර්ඩ්හි උගත් එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක, ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොළඹ වැඩිම කම්කරුවන් පිරිසක් සිටි මරදාන ආසනයෙන්, කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ පරදා කොළඹ නගර සභාවට පත්වෙයි.... එසේ වන්නේ පසුකාලීන බණ්ඩාරනායක ගැත්තන් විසින් වර්ණනා කරන ආකාරයට බණ්ඩාරනායක යනු කිරියෙන් දොවාගත් වමේ නායකයෙකු නිසා නොව, එවකට පැවති සීමිත ඡන්ද බලය යටතේ කම්කරුවන්ට ඡන්ද බලය නොතිබූ නිසා ය.....

    1931 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ වේයන්ගොඩ අසුනෙන් බණ්ඩාරනායක පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් තේරී පත්වන විට, ඊටම යාබද අසුන වන මිනුවන්ගොඩ ආසනයෙන් ඩී.එස්. සේනානායකද නිතරගයෙන් තේරී පත්වෙයි..... එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් 55 දෙනෙකු සිටි අතර, ඔවුන් 7-8 දෙනා බැගින් එකතුකොට කාරක සභා පිහිටුවාගන්නා ලදී...... අදාළ කාරක සභාවේ නායක මන්ත්‍රීවරයා, අදාළ විෂයභාර මැතිවරයා වෙයි.... බණ්ඩාරනායක මෙන් නොව අරක්කු ව්‍යාපාරයෙන් නම කැත කරගෙන නොසිටි සේනානායක පළමු මන්ත්‍රණ සභාවෙදීම ඉඩම් හා කෘෂිකර්ම කාරක සභා නායක ලෙස විෂයභාර ඇමති වශයෙන් තේරී පත්වීමත්, බණ්ඩාරනායක හුදෙක් පළාත් පාලන කාරක සභිකයකු වීමත් සමග, රාජ්‍ය මන්ත්‍රණ සභාව මිනුවන්ගොඩ බෝතලේ වලව්ව සහ වේයන්ගොඩ හොරගොල්ල වලව්ව අතර සීතල යුද්ධ පිටියක් බවට පත්විය...... සේනානායකලා කපා දමා ඒ තැනට බණ්ඩාරනායකලා පැමිණීමේ දීර්ඝ සටන ඇරඹෙන්නේ එතැනිනි........

    සීතල යුද්ධයේ පළමු වටය මෙලෙස 1931 ඡන්දයෙන් බෝතලේ වලව්ව විසින් ජයගන්නා ලදී..... ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමතිවරු සත්දෙනා, එනම්, සර් ඩී.බි. ජයතිලක (ස්වදේශ කටයුතු හා සභානායක), ඩී.එස්. සේනානායක (කෘෂිකර්ම හා ඉඩම්), චාල්ස් බටුවන්තුඩාවේ (පළාත් පාලන), සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර (අධ්‍යාපන) පෙරියසුන්දරම් (වෙළෙඳ හා කම්කරු), මාකන් මාකර් (කර්මාන්ත හා ප්‍රවාහන) සහ ටී.බි. පානබොක්කේ (සෞඛ්‍ය) යන සත්දෙනාගෙන් ඩී.එස්. සිටියේ ළාබාලතමයන් අතර ය.... උද්වේගකර පුද්ගලයකු වූ ඩී.එස්., කෘෂිකර්ම ඇමති වශයෙන් එක මොහොතක් හෝ නාස්ති කළේ නැත.... "රට සහලින් ස්වයංපෝෂණය කරමින් රජරට පැරකුම් යුගයක් යළි ඇරඹීම" සිය තේමා පාඨය කොටගත් සේනානායක තරුණ මන්ත්‍රීවරයා සිය මෙහෙයුම ඇරඹුවේ මින්නේරියෙනි...... ඩී.එස්. මෙන් නොව අංක එකේ කූට බුද්ධිමත් පුද්ගලයකු වූ බණ්ඩාරනායක, ඊට වඩා සියුම් මෙහෙයුමක් දියත් කළේ ය...... ඩී.එස්.ගේ ප්‍රධානතම ශක්තිය වූයේ සිය පියා වූ දොන් ස්ටේපර් සේනානායක විසින් ගොඩනගන ලද සිංහල බෞද්ධ ජාතිකත්වයේ ආධාරක බලයයි...... දොන් ස්ටේපර් සේනානායක යනු 1912 පිහිටවූ ලංකා අමද්‍යප සංගමයේ ආරම්භක යාවජීව සාමාජිකයෙකි.... බණ්ඩාරනායක කළේ ක්‍රමක්‍රමයෙන් ඩී.එස්. වටා සිටි බෞද්ධ බලවේග ඔහු කෙරෙහි කලකිරෙන තැනට ක්‍රියා කරවීමයි..... එහි කූට ප්‍රාප්තිය වන්නේ 1953 හර්තාලයට සුළු කලකට පෙර අපේ කතා නායක හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ව ඩී.එස්.ගෙන් කඩා ඉවත්කොට තමා සමීපයට ගැනීමයි......
    බණ්ඩාරනායක සතුව ඇමතිකමක් නොවුවත් ඔහුට එක වාසියක් තිබිණි...... පළාත්පාලන ඇමතිධුරය දැරූ කළුතර මන්ත්‍රී චාල්ස් බටුවන්තුඩාව සැලකුණේ ඇමතිවරු 7 දෙනාගෙන් දුර්වලම පුද්ගලයා ලෙස ය..... මේ හේතුව නිසා පළාත්පාලන කාරකසභාවේ සියලු වැඩ බණ්ඩාරනායක තමන් අතට ගත්විට, කිසිවෙක් ඊට එරෙහි වුයේ නැත.... මෙවකට ආණ්ඩුක්‍රම සංස්ථාවන් පිලිබඳ වැටහීමක් ලංකාවෙන් 1%කට වත් තිබුණේ නැති බැවින්, පළාත්පාලන අමාත්‍යාංශය වැනි ජනතාවට නොදැනෙන තැනක සිට ජනතා කැමැත්ත දිනාගන්නට හැකියාවක් ඇතැයි කිසිවෙකු විශ්වාස කළේ නැත..... එහෙත් බණ්ඩාරනායක සිය විවේචකයන්ට වඩා ගව ගණනක් ඉදිරියෙන් සිටියේ ය...... ඔහු එකම එක දේශපාලන ගුන්ඩුවකින් සිය ප්‍රතිවාදියා මෙන්ම විවේචකයන් ද නිහඬ කළේ ය.... ඒ ගුණ්ඩුව අන් කිසිවක් නොව "ගම්සභා" ය.....

    බණ්ඩාරනායක සිය ප්‍රතිවාදියාගේ පැරකුම් යුගයට කෙළින්ම අභියෝග කරමින් කියා සිටියේ, පැරකුම් යුගයට ද වඩා පැරණි ගම්සභා ක්‍රමයක් එවකට පණ්ඩුකාභය රජදවස සිට තිබු බවත්. යටත් විජිත යුගය නිසා එය වැනසී ගිය බවත් ය..... මෙලෙස සියනෑ කෝරළයේ එගොඩපොතපේරුව ගම්සභාවෙන් ඇරඹි ගම්සභා සංකල්පය, වැඩිකලක් යන්නට මත්තෙන් සමස්ත ලංකා ගම්සභා සම්මේලනය දක්වා ව්‍යාප්ත වූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ ජනබලයක් බණ්ඩාරනායක වෙත කේන්ද්‍ර කරමිනි..... රට පුරා වැව් කුඹුරු හැදු සේනානායක සිටියදී, ගොවීන් වෙනුවෙන් කිසිවක් නොකරම ඔවුන්ගේ කැමැත්ත තමන් වෙත දිනාගනු පිණිස බණ්ඩාරනායක ගැසූ ගැටය, එදා පමණක් නොව අද මට්ටමින් බැලුවත් නොම්මර එකේ දහන්ගැටයකි.....

    සේනානායකට වඩා ගැමියාට සමීප වන්නට තවත් උපක්‍රමයක් බණ්ඩාරනායක විසින් භාවිත කරන ලදී... එනම් ග්‍රාමීය ජනතාව හමුවීමට යන විට ආරිය සිංහල ඇඳුමින් සැරසී සිටීමයි.... මුළුමහත් මුතුන් මිත්තන් පරම්පරාවම සුද්දන්ට කත් ඇද්දත්, රෙද්ද බැනියම අඳින එකාට ඡන්දය දීම අපේ මිනිසුන්ගේ හැටියකි... බණ්ඩාරනායක ඒ මානසික නිලය හරියටම තෙරපුවේ ය.....

    1931 සහ 1936 අතර කැපී පෙනෙන අනෙක් වැදගත්ම චරිතය සහ බණ්ඩාරනායකගේ ප්‍රබලම තරගකරුවා වූයේ රන්දොඹේදී 1884 ඔක්තෝබර් 13 වැනිදා ඉපිද, අම්බලන්ගොඩ වෙස්ලියන් බැප්ටිස්ට් විදුහලේ මූලික අධ්‍යාපනය ලබා, 1897 පළමුපෙළ ශිෂ්‍යත්වයෙන් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයයට ඇතුළත්ව, 1902 ජ්‍යෙෂ්ට පාඨශාලා ශිෂ්‍යත්වයෙන් ගණිතය සහ අංක ගණිතය විෂයයන්ගෙන් ලංකාවේ පමණක් නොව මුළුමහත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන්ම පළමුතැන ලබා රිච්මන්ඩ් නාමය ලෝකයට ගෙනගිය, 1904 ඓතිහාසික ප්‍රථම රිච්මන්ඩ්-මහින්ද ක්‍රිකට් ගැටුමේදී රිච්මන්ඩ් ක්‍රිකට් පිළේ නායකත්වය දැරූ, 1917 ගාලු දේශපාලන සංගමයෙන් බිහිවූ කීර්තිමත් ගණිත ගුරුවර, ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර නොහොත් සී.ඩබ්.ඩබ්. කන්නන්ගරය... 1923 ව්‍යවස්ථාදායක මණ්ඩලයට ගාල්ල නියෝජනය කරමින් සම්බන්ධ වූ හෙතෙම, මරණීය දණ්‌ඩනය අවලංගු කිරීම. බෞද්ධයන් සඳහා සාධාරණ නිවාඩු දින ගණනක්‌ ඇති කිරීමේ අයිතීන් දිනාගැනීම, විශේෂයෙන්ම 1934 අසරණ සරණ ආඥාපනත මගින් සියලූම ජාතීන්ට අයත් දුප්පත් දරුවන්ට පිලිසරණ ලබාදීම වැනි දෑ වෙනුවෙන් අභීතව සටන් කිරීම මගින් දකුණේ බෞද්ධ ජනතාවගේ සිත් දිනාගෙන සිටියේ ය...... එහෙත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහු වාර්ගික විධායක කමිටුවේ සභාපති වුයේ ද, මේ කන්නන්ගරම වීමෙන් ඔහුගේ මැදහත් ප්‍රතිපත්තිය පිලිබඳ අදහසක් ලබාගත හැකිය....

    1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව වනවිට බොහෝ දේ බොහෝ සෙයින් වෙනස්ව තිබුණේ ය.... 1931 අමාත්‍යධුර දැරූ පෙරියසුන්දරම් සහ මොහොමඩ් මාකාන් මාකර් දෙදෙනා 1936 තරග කළේ නැත.... කලින් (නාමිකව) පළාත්පාලන ඇමතිව සිටි බටුවන්තුඩාවේ මන්ත්‍රීවරයා 1936 ද සිය ආසනය ජයගත් නමුත් සිය පුතුන් දෙදෙනා චෙක්පත් වංචාවකට වරදකරුවන් වීම නිසා හටගත් සිත්වේදනාව හේතුවෙන් ඇමති පදවි ප්‍රතික්ෂේප කළේ ය..... මෙය බණ්ඩාරනායකට නොමිලේ ඇදුණු බෝනස් ටිකට් එකක් විය.... මන්ත්‍රී බටුවන්තුඩාව ඇමති ධුරයක් අපේක්ෂා නොකරන්නේ නම් ගම්සභා ව්‍යාපාරයෙන් ලබාගන්නා ලද බලය ද සමගින් පළාත්පාලන ඇමති වීමට ඔහුට කිසිදු බාධාවක් නොවීය..... මේ අතරම 1935දී පිහිටුවන ලද ලංකාවේ පළමු වාමාංශික පක්ෂය වූ "ලංකා සමසමාජ පක්ෂය" ද මැතිවරණයට ඉදිරිපත් වීම බණ්ඩාරනායකට අමතර වාසියක් වුයේ, ලසසප විරෝධය බණ්ඩාරනායකලාට වඩා සේනානායකලාට එල්ල වීම නිසා ය.....

    1940 වන විට බණ්ඩාරනායකට සේනානායක බෙල්ල මුලින්ම කපා දමා සිංහල බෞද්ධයාගේ එකම නියෝජිතයා වීමට ඉතිරිව තිබුණේ බාධක තුනකි..... එකක් හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් ප්‍රමුඛ භික්ෂු දේශපාලන පෙරමුණ ය..... දෙවැන්න සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විසින් නායකත්වය දෙනු ලැබූ ජනතාවාදී ව්‍යාපාරය ය... තුන්වැන්න ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ය......
    (ඉතිරිය ඊළඟ ලිපියට)

    issuwe methanin
    https://www.facebook.com/cjdrox/posts/10153755545883190

    ඔන්න මම font සයිස් ලොකු කරා.

    ඔය වෙසිව මෝරුන්ට කන්න දාන්න ඕනේ.පිටුවහල් කරොත් ngo නඩේකට කියලා හරි ඕකි ලංකාව විනාශ කරයි. ඒ නිසා මරන්නම ඕනේ.