චන්දිමාල් IPL අතහරී

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    චන්දිමාල් IPL අතහරී

    chandimal.jpg


    ශ‍්‍රී ලංකා 20-20 ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දින්ෂේ චන්දිමාල් විසින් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සඳහා ලැබුණු ආරාධනයක් ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ජෙසී රයිඩර් හා කෙවින් පීටර්සන් යන ක‍්‍රීඩකයන් ආබාධවලට ලක්වීම හේතුවෙන් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමෙන් චන්දිමාල්ට මෙම ආරාධනය ලැබී ඇත.
    මීට පෙර පැවති අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමකට චන්දිමාල් තෝරා නොගත් අතර හදිසියේ මතු වූ අවශ්‍යතා මත ඔහුට සංවිධායකයන් මෙම ආරාධනයද සිදුකර තිබේ. තමන් තරගාවලියට සුදුසු නම් ඒ ස`දහා එක්කරගත යුතුව තිබුණේ ක‍්‍රිඩක වෙන්දේසියේදී බවට පවසා ඇති චන්දිමාල් පසුව ලැබෙන ආරාධනාවන් සැලකිල්ලට ගත නොහැකි බව ද පවසා ඇත.


    lanka C news