චන්දිමාල් IPL ආරාධනාව ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක, ටෙස්ට් හා එක්දින ක්‍රිකට් නායම දිනේශ් චන්දිමාල් එළඹෙන 3න් වැනි දින සිට ආරම්භවීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට ලැබුණු ආරාධනාවක් ප්‍රතික්ෂේප කරමින්. ඊට කරුණු වශයෙන් සදහන් කර ඇත්තේ පුද්ගලික හේතූන්මත මෙවර ඊට සහභාගි නොවන බවයි.
මෙම කාලය තුළ තම පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් ඉදිරියේ පැවැත්වෙන තරගාවලි සදහා සූදානම්වීමට අදහස් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටියා.
අයි. පී. එල්. තරගාවලිය සදහා දෙවරක් සහභාගීවූ චන්දිමාල් හට තරගකිරීමේ අවස්ථාව උදාවූයේ නැහැ. රාජාස්තාන් රෝයල් කණ්ඩායමට එක්ව ක්‍රීඩාකල ඔහු පසුගිය වසරේදී තරගාවලිය අතර තුර නැවත සියරට බලා පැමිණියා.
මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ඇ.ඩො.50,000 ක මුදලකට ලසු තැබූවද කිසිදු කණ්ඩායමක් ඔහුව සිය කණ්ඩායමට එක්කර ගැනීමට උන්නදු වුණේ නැහැ.
දිල්ලි කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන් පාදයක අභාදයකට ලක්වීමත්, නවසීලන්ත ක්‍රීඩක ජෙසී රයිඩර් නාදුනන පිරිසකගේ පහරදීමකට ලක්වීමත් හේතුකොටගෙන, චන්දිමාල් වෙත මෙම ආරාධනය කල බව සදහන්.
කෙසේ වෙතත් දිල්ලි කණ්ඩායම ඔහුවෙත ගෙවීමට නියමිතවූ කොන්තරාත් මුදල ඇ.ඩො.100,000 බව සදහන් වනවා.
කෙසේ වෙතත් අපගේ අදහස වන්නේ ක්‍රීඩාකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් තරගාවලියට සහභාගිවීම නොකලයුතු බවයි.
එසේම ක්‍රීඩක වෙන්දේසියේ දීද ඔහුව නොසලකා හැරියා.
පවතින දේශපාලන තත්ත්වය හෝ වටපිටාව මෙම තීරණයට හේතු නොවූ බවත් අප වෙත විශ්වාසදායී ආරංචි මාර්ග සදහන් කලා.
Source - cricturf.com