චන්දෙ හොරා කන්න දෙන ගේම්

monson

Well-known member
  • May 7, 2007
    25,687
    28,745
    113
    චන්දෙ හොරා කන්න දෙන ගේම්

    2v12ogy.jpg


    ඡන්ද පත්‍රිකා මුද්‍රණයේදී ආරක්‌ෂක කටයුතුවලින් රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ ඉවතට

    ප්‍රියදර්ශන ලියනගේ

    ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී ලබා දෙන ආරක්‍ෂක කටයුතුවලින් රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ නිලධාරීන්' සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි රජයේ මුද්‍රණාලයේ ඉහළ නිලධාරියෙක්‌ 'දිවයින'ට ඊයේ (12 දා) පැවසීය.

    වැඩිදුරටත් කරුණු දැක්‌වූ මුද්‍රණාල ප්‍රකාශකවරයා මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පූර්ණයෙන්ම සිදුවන්නේ පොලිස්‌ ආරක්‍ෂාව යටතේ බවත් මීට පෙර පොලිසියත් සමග රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ නිලධාරිනුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතුවල ආරක්‍ෂාව සඳහා යොදවනු ලැබූ බවත් පැවසීය. එහෙත් මෙවර රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශය සම්පූර්ණයෙන්ම එම කටයුතුවලින් ඉවත් කර තිබෙන බවද හෙතෙම පැවසීය.

    එමෙන්ම මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පූර්ණයෙන්ම දහවල් කාලයේ පමණක්‌ සිදු කරන අතර මීට පෙර රාත්‍රි කාලයේත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සිදු වූ බව ද එම නිලධාරියා පවසයි. එහෙත් දවල්ට මුද්‍රණය කරන ඡන්ද පත්‍රිකා රාත්‍රි කාලයේදී පොලිසියෙන් ආරක්‍ෂා කිරීම ගැටලුවක්‌ බව ද එම නිලධාරියා කියා සිටියේය.

    මැතිවරණ කොමසාරිස්‌වරයා ලබා දෙන නියෝග පවා ක්‍රියාත්මක නොකරන පොලිසිය වගකීම නිසිලෙස ඉටුකරනු ඇතැයි සිතන්න අමාරුයි. ඒ නිසා රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ නිලධාරින්ද ඡන්ද පත්‍රිකා මුද්‍රණ කිරීමේ ආරක්‍ෂක කටයුතු සඳහා පොලිසිය සමග යෙදවිය යුතු යෑයි ඔහු වැඩිදුරටත් පැවසීය.


    - http://www.divaina.com/2014/12/13/news16.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,745
    113
    ඡන්ද පොළ, ගනන්කිරීමේ මධ්‍යස්ථාන ආක්‍රමණය කිරීමේ සැලසුමක්

    එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශකර දින හා ඒ ගනන් කරන අවස්ථාවේදි එම පරිශ්‍රයන් තුල බලපෑම් සහගත ලෙස කටයුතු කිරීම සඳහා සන්ධානය සූදානම් වන බවට තොරතුරු හෙළිව තිබේ.



    ඒ වෙනුවෙන් වූ නියෝජිතයන් පත් කිරීම සඳහා මේදිනවල සන්ධානයේ ප්‍රාදේශීය නයකයන් කටයුතු කරමින් සිටී. මෙවර ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා ලබා දුන් පිරිසෙන් අඩක් පමණම මහින්ද රාජපක්ෂට පක්ෂපාත පිරිස් වන අතර එම අපේක්ෂකයන්ට ලැබෙන වරප්‍රශාද පාවිච්චි කර මේ කටයුත්ත සිදුවෙමින් පවතී.



    මේ අනුව එම සියලු කණ්ඩායම් නමින් ඡන්දපොළ නියෝජිතයන් හා ගනන්කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් පත් කිරීම මේ අනුව සිදුවෙමින් පවතී. එම පිරිස විශාල පිරිසක් වන බැවින් යම් ගැටලුකාරී අවස්ථාවක වඩා වාසිදායක තත්වයක් මහින්ද රජපක්ෂට ලබා ගැනීමේ අවස්ථාව මේ අනුව සිදුවේ.මේ අතර රාජපක්ෂ විරෝධියකු ලෙස හැසිරෙන බත්තරමුල්ලේ සීලරත හිමිගේ පක්ෂයේ ඡන්ද පොල නියෝජිතයන් ලෙස සන්ධාන පාක්ෂිකයන් ඇතුලත්කර ඇති බවද දැන ගන්නට ලැබී තිබේ.


    එමෙන්ම මේ වන විට මැතිවරණ නීති රීති උල්ලංගනය කරමින් ජනාධිපතිවරණය වෙනුවෙන් සන්ධානයේ ප්‍රචාරක කාර්යාල අති විශාල ප්‍රමාණයක් පිහි‍ටුව තිබේ. නීතිය අනුව ආසනයක පවත්වගෙන යා හැක්කේ එක් කාර්යලයක් පමණි. එහෙත් ඇතැම් ආසනයක කාර්යාල විස්සකට වැඩි බවද නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම සන්ධානයට සහය දක්වන අපේක්ෂකයන්ට හිමි වරප්‍රසාද අනුවද පිහි‍ටුවා තිබෙන ප්‍රචාරක කාර්යාලයන් වලද ප්‍රදර්ශනය කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දැන්වීම්ය. ඒවා ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලයක් නොමැති බවද පැවැසේ.



    කෙසේ නමුත් මේ වන විට මහින්ද රාජපක්ෂගේ කටවුට් යම් ප්‍රමාණයක් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණද තවත් විශාල ප්‍රමාණයේ කටවු ප්‍රදර්ශය වෙමින් පවතී. ඒ අතර ඩිජිටල් පුවරු ගනනාවක්ම කොළඹ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පරිපාලනය සහිතව පවතින ස්ථානවල ස්ථිරව ස්ථාපනය කර ඇති අතර ඒවා ඉවත් කිරීමේ හැකියාවක් පොලිසියට නැත.


    - theindependent.lk
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,745
    113
    වැලිසර හමුදා කඳවුරේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ යන්ත්‍රයක් !

    නාවික හමුදාවට අයත් වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වන තෙක් සවිකර තිබූ ලේත් මැෂිමක් ගලවා විදේශයකින් ආනයනය කරන ලද විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් සවි කිරීමේ කාර්යය මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව එම කඳවුරේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම කාර්ය සිදුකරන ප්‍රදේශය මේ වන විට සාමාන්‍ය නාවික හමුදා සෙබලුන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත. මෙම කාර්යයේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ දෙවන පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතාය.

    අපට මෙම තොරතුරු ලබාදුන් නාවික හමුදාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම විශේෂ මුද්‍රණ යන්ත්‍රය මගින් හොර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවය. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයක් මගින් ඉදිරි දිනවලදී අන්තර්ජාලය හා ෆේස් බුක් ට්විටර් වැනි අන්තර්ජාතික සමාජ ජාල බාධා කිරීම සඳහා නාරාහේන්පිට මහජන පොල අසළ ලිඳ ඉදිරිපිට දෙමහල් නිවසක් මෙම විශේෂ කමිටුවේ පරිහණය සඳහා ලබා දී තිබේ.

    චීන තාක්ෂණය සහිතව ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට අදාළ කටයුතු මෙම ස්ථානයේ සිදු කිරීමට නියමිතය. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මෙම කටයුත්තට අදාළ සියළු පුද්ගලයන්ගේ නම් ගම් ඔවුන් කරන මේ නීතිවිරෝධී කාර්යෙන් ඉවත්වන්නේ නම් හෙලිදරව් කරන බවට අනතුරු ඇඟවීමක් මෙසේ අප ඔවුන්ට සපයන්නෙමු.


    -lankanewsweb
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මගුල තමා චන්දය ගණනය ගැන හත් ඉලවුවක් නොදන්න මිහරක්ට මේවත් නිවුස් ලොල්,:confused::lol::lol:
    එක්කෝ ඇත්ත ඇත්ත චන්ද හොරකන් වෙනව ඒ හින්ද සිරිසේනට චන්දෙ දෙන්ඩ එපා ගෙදරට වෙලා විරෝධය දක්ක පල්ල.:cool::yes::yes:
     
    Last edited:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මගුල තමා චන්දය ගණනය ගැන හත් ඉලවුවක් නොදන්න මිහරක්ට මේවත් නිවුස් ලොල්,:confused::lol::lol:
    එක්කෝ ඇත්ත ඇත්ත චන්ද හොරකන් වෙනව ඒ හින්ද සිරිසේනට චන්දෙ දෙන්ඩ එපා ගෙදරට වෙලා විරෝධය දක්ක පල්ල.:cool::yes::yes:


    Oyala wage aya ape ratata wasanawak.. ane hafoi..:angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Oyala wage aya ape ratata wasanawak.. ane hafoi..:angry::angry::angry:
    අනේ මන්ද ,චන්ද කොල්ලයක් වෙනවනම් ඒ චන්දෙ දාල වැඩක් නැ වර්ජනය කරන්ඩ ඔනෙ අනිවාර්යෙන්.හා එහෙම නෙමේද :yes::yes:ඔක බලපාන්නෙ සිරිසේන ලොලින්ටනෙ ඒක හින්ද උන් චන්දෙ දෙන්ඩ එපා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක්කො මෛත්‍රී ලංකාවේ ප්‍රෙසිඩන්ට් වෙයි.එහෙම නැත්නම් සරත් ෆොන්සේකා ලංකාවේ ප්‍රෙසිඩන්ට් වෙයි.මහින්දට මේ පාර බෑ.උඩින්ම පරාද වෙනවා