චාගිට චෝදනා කරමින් ආරක්ෂක ලේකම්ගෙන් යුද
යාපනය යුද හමුදා 51 වැනි සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේට එරෙහිව චෝදනා එල්ල කරමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ලිපියක් යවා තිබේ.
පසුගියදා යාපනයේ සිදුකළ සංචාරයකදී මේජර් ජෙනරාල් ගාල්ලගේ තමන්ට නිසි ලෙස ගෞරව නොකළ බව සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා මෙම ලිපිය හමුදාපතිවරයාට යොමුකර ඇතැයි යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ ඇමැති මංගල සමරවීර, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, පාක්‍යසෝති සරවනමුත්තු යන මහත්වරුන් ඇතුළු පිරිසක් පසුගියදා යාපනයේ සංචාරයක නිරත වී ඇත.
එහිදී උතුරේ ඉඩම් යළි ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා පවත්වා ඇත. දැනටමත් හමුදාව රැඳී සිටිනුයේ එල්. ටී. ටී. ඊ. ය ඉතාම බලවත්ව සිටි ප්‍රදේශවල බව ඔවුන්ට මෙහිaදී පෙන්වා දී ඇති චාගි ගාල්ලගේ මහතා එම භූමිය යළි ලබාදෙන්නේ නම් හමුදා ප්‍රධානීන්ගේ අදහස් ද විමසමින් එය සිදුකිරීම වඩාත් උචිත බව සඳහන් කර ඇත.
මෙම ලිපිය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේට විරුද්ධව පරීක්ෂණයක් සිදු කරන්නේ දැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගෙන් කළ විමසීමකදී තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බව හෙතෙම සඳහන් කළේය.
http://www.divaina.com/2016/02/23/news13.html