චැනල් 4 චිත්‍රපට දෙකක්‌

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    චැනල් 4 චිත්‍රපට දෙකක්‌

    උපුටා ගැනීම divaina 04/01/2013

    කීර්ති වර්ණකුලසූරිය

    ශ්‍රී ලංකාවට එරෙහිව තවත් චැනල් 4 වීඩියෝ පට දෙකක්‌ බ්‍රිතාන්‍යයේදී නිර්මාණය වන බව අනාවරණය වී ඇත.

    ඒ සඳහා මෙරටින් පැනගිය කොටි හිතවාදීහු අට දෙනෙක්‌ බොරු සාක්‍ෂි කීමට ඉදිරිපත් වී සිටිති.

    ද්‍රවිඩ කන්‍යා සොයුරියක්‌, වන්නියේ සිටි කොටි මාධ්‍යවේදියෙක්‌, කොටි ක්‍රියාකාරිකයෙක්‌, වන්නියේ කොටි වෙළෙඳසලක හිමිකරු හා ඔහුගේ බිරියද ඔවුන් අතර වෙති.

    මෙම චැනල් 4 වීඩියෝ පට දෙක මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට පෙර සකස්‌ කිරීමේ කටයුතු ලහි ලහියේ සිදුකරෙන බව ලන්ඩන් ආරංචි මාර්ග දන්වයි.

    මෙම වීඩියෝ පට නිර්මාණය කිරීමේ සැලසුම වී ඇත්තේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීමයි.

    මුන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ.......
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ගහ කැපුවට තාම මැරිලා නැති මුල් තියෙනවා වගේ ... හ්ම්ම්ම්ම්