චිලියේ ජනපතිට ආසිරි පතන අපි....

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,284
    2,067
    113
    චිලී රටේ සමාජවාදී තරුණයෙකු ජනපති වීම පිළිබඳව බුකිය පුරාත් කිරිය පුරාත් පෝස්ට් සැරිසරයි. අපේ බුකි හා කිරි වීරයන් මෙන්ම චිලී රටේ ජනතාවද මේ වන විට එම ජයග්‍රහණය වෙනුවෙන් කිරිබත් කමින් සිටිනවා විය හැක.

    අපිද 2015දී යහපාලනයක් ගෙනවිත් කිරිබත් කෑවෙමු. අවසානයේදී යහපාලනය අවසන් වූයේ යහපාලනයට වඩා ඇට දෙක බේරා ගැනීම වටිනා බව අපට පසක් කරමිනි. නැවත් 2019දී වැඩකරන විරුවෙකු ගෙනවිත් කිරිබත් කෑවේ ඇටදෙකත් බේරා ගෙන රටද බේරා ගැනීමටය. දැන් සිදුවී ඇත්තේ එදා වේල කෑමට ඇට දෙක උකස් තැබීමටය.

    චිලියේ තරුණ සමාජවාදියෙකු ජනපති වීම නිසා කිරිබත් කා ලංකවේද තරුණ සමාජවාදියෙකු ජනපති කරමු යැයි හඩ නඟන්නන්ගෙන් එක දෙයක් අසමි. ඊළග වතාවේ උකස් තැබීමටවත් තවත් ඇට තිබේද ?

    එසේ ඇට නැත්නම් දැන්ම ඔබේ කිරිපුක් ගායට බෙහෙත් ගෙන සනීප කරගන්න. ඊළඟ වතාවේ කිසිදු බූරුවෙකුට ඡන්දය දීමෙන් වලකින්න.