චීනකසිප්පු

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කසිප්පු පෙරූ චීන ජාතිකයෙක් පුස්සැල්ලාවේ දී අත්අඩංගුවට

    n1106149.jpg

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශිකයකු විසින් කසිප්පු පෙරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. අයි. රාජා මහතා සඳහන් කරයි.

    කසිප්පු පෙරමින් සිටිය දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතිකයකු වන වං බ්ලොන්ග් (එචදණ ඕභතධදඨ) නැමති 40 හැවිරිදි අයෙකි.

    ගම්පොළ නුවරඑළිය පාර නවීකරණය කිරීමේ දී චයිනා හාබර් නැමැති සමාගමේ සේවය සඳහා චීනයේ සිට පැමිණ ඇති මොහු පසුව පුස්සැල්ලාව සෙන්කුවාර් වත්තෙන් සිංහල තරුණියක සමඟ විවාහ වී එහි පදිංචිව සිට ඇත.

    මෙම විවාහයෙන් දරුවන් දෙදෙනෙකුද සිටින මොහුට හදිසියේ ම රැකියාව අහිමිව යාම නිසා කසිප්පු පෙරීමට යොමුව ඇති බවත් ඒවා කොළඹ ප්‍රදේශයට අලෙවි කොට ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

    ලංකාවේ පුද්ගලයන් කසිප්පු පෙරීමට උපයෝගී කරගන්නා උපකරණ වලට වඩා වෙනස් නවීන උපකරණ විශේෂයක් යොදා ගනිමින් මොහු මෙම කාර්යය කර ඇති අතර නිවසේ නානකාමරයේ සිට මෙම කසිප්පු පෙරීම සිදු කොට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

    මෙහි දී ගෑස් සිලින්ඩර හා රිදී පැහැති නවීන උපකරණ කට්ටල සමඟ ගෝඩා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
     

    Similar threads