චීනය තුළ කොරෝනා වෛරසය යළිත් සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ රෝග ව්‍යාප්තිය මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ද පාලනයෙන් ගිලිහෙමින් පවතින බවයි.
චීනයේ රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරී පවතින අතර රෝහල් තුළ පවතින පහසුකම් හා ඖෂධවල ද හිගයක් පවතින බවයි වාර්තා වන්නේ.
රෝගීන් අඛණ්ඩව ඉහළයාම හේතුවෙන් රෝහල් කාර්යය මණ්ඩලය දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි ද සදහන්.
රෝහල්වල් පවතින ඇදන් හා දැඩි සත්කාර ධාරිතාව වැඩි කර අමතර සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීමට ද බලධාරීන් කඩිනමින් පියවර ගනිමින් ඇතැයි වාර්තා වනවා.
එහෙත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම ගැටලුවක් වී ඇති අතර ඔවුන්ගෙන් ඇතැමෙකු ද කොරෝනා ආසාදිතයින් බවට පත්ව ඇතැයි ද වාර්තා පළ වනවා.
පවතින තත්ත්වය හමුවේ චීනයේ වෛද්‍යවරුන් මෙන්ම හෙදියන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් පවතින බැවින් රෝහල් පද්ධතිය පවතින්නේ දැඩි අවදානමක බව සදහන්.
රෝහල් කාර්යය මණ්ඩලය හිග වීම හේතුවෙන් ආසාදිතයින් වුව ද වහාම සේවයට වාර්තා කරන්නැයි බලධාරීන් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම චීනයේ ඖෂධ අලෙවිසැල් ඉදිරිපිට මෙන්ම වෛද්‍ය සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝළිම් ද පවතින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර බීජිං ඇතුළු ප්‍රධාන නගර රැසක වීථි ජන ශුන්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසනවා.
බොහෝ පිරිසක් ආසාදිතයින් බවට පත්ව ඇති බැවින් ඔවුන් නිවෙස්වලින් පිටතට නොපැමිණෙන බවයි වාර්තා වන්නේ.
ආපන ශාලා මෙන්ම වෙළද සැල් ද විවෘතව පැවතුනත් ඒවායෙහි ප්‍රමාණවත් පරිදි පාරිභෝගිකයින් නොමැති බව සදහන්.
රැකියා සදහා වාර්තා කරන්නැයි සේවා ස්ථාන සිය සේවකයින්ට දැනුම් දී ඇති නමුත් ඒවායෙහි ද ප්‍රමාණවත් පරිදි සේවකයින් නොමැති බව වාර්තා වනවා.
https://www.bbc.com/news/world-asia-china-63944861