චීනයේ ප්‍රවෘත්ති කියන රොබෝ නිවේදිකාව

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    චීනයේ ප්‍රවෘත්ති කියන රොබෝ නිවේදිකාව


    ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිමට, සැබෑ නිවේදිකාවකට බෙහෙවින් සමාන, රොබෝ නිවේදිකාවක යොදා ගැනීමට චීනයේ ෂින්හුවා පුවත් සේවය කටයුතු කර ඇත. රොබෝ නිවේදිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළ ලොව පළමු අවස්ථාවේ මෙයයි. සින් සියාමේන් නැමැති එම නිවේදිකාව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කළේ තමා රොබෝවරියක බව නරඹන්නන්ට පවසමිනි.


    චීනයේ ජාතික පුවත් සේවය ලෙස සැලකෙන්නේ ෂින්හුවා පුවත් සේවයයි.ෂින්හුවා පුවත් සේවය මීට පෙර, පසුගිය නොවැම්බරයේ පැවැති තාක්ෂණික ප්‍රදර්ශනයකදි, පරිගණක කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් ඇසුරෙන් පණ දුන් නිවේදකයන් දෙදෙනකු ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට යොදා ගත්තේය.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙහෙම ගියොත් නිවේදක ජොබ් කරන උන්ගෙ ජොබ් එකත් ගහල යයි වගේ..........:P:P