චීනයේ පුද්ගල ආරක්ෂාව කාන්තාවන් අතට.....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    චීනයේ පුද්ගල ආරක්ෂාව කාන්තාවන් අතට.....

    චීනය තම පළමු කාන්තා පුද්ගලික ආරක්ෂක (බොඩිගාඩ්) භට කණ්ඩායම පිහිටුවයි. මේදනවල එම ආරක්ෂක කණ්ඩායම තම පුහුණුවීම් කටයුතුවල නිරතවෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

    එම කණ්ඩායම සාමාජිකාවන් 20කගෙන් සමන්විත අතර ඔවුන්ට මාස 10ක පමණ කාළයක් මෙම පුහුණුව ලබන අතර පුහුණුව සාර්ථකව නිමකරන්නියන් ඊශ්‍රායලයේ පිහිටි ලොව ප්‍රමුඛතම ආරක්ෂක විද්‍යාපීඨයේ විශේෂ පුහුණුවකට යොමු කිරීමටද සූදානම්.

    මීට පෙර කාන්තා ආරක්ෂක භටයන් ඉතා අඩු සංඛාවක් පුහුණු වීම් ලබා ඇත. සමස්ත කණ්ඩායමක් ලෙස පුහුණුව ලබන පළමු අවස්ථාව මෙය බවත් මේ කණ්ඩායමේ බහුතරය විශ්වවිද්‍යාල උපාධිධරී බවත් එරට මාධ්‍ය වාර්තා වලට අනුව සඳහන් වන්නේ.

    ඈත ඉතිහාසයක් ඇති චීනය මෑත ඉතිහාසය තුළ මුළු ලෝකයේම අවධානය දිනා ගන්නට හැකි වූ රටකි. චීනය කොමියුනිස්ට් රාජ්‍යයකි.

    චීනය මුහුණ දෙන වේගවත් සංවර්ධනය හමුවේ එරට සෑම කේෂත්‍රයකම දැවැන්ත වෙනසක් දැකගතහැකිය.

    චීනයට නායකයින්ට එල්ල වන සතුරු ප්‍රහාරයන් ප්‍රබල වියහැකි යැයි ඔවුන් අපේක්ෂා කරන අතර කාන්තා ආරක්ෂකයින් පිරිමින් මෙන් ආරක්ෂකයින් යැයි කිවහැකි කැපීපෙණෙන ලක්ෂණ නොමැති වීමත් පුද්ගලික ලේකම්වරියන් හෝ සහායිකාවන් ලෙස පහසුවෙන් වෙස් වලාගෙන නායක නායිකාවන් ආරක්ෂා කිරීමට ඇති හැකියාවත් වැනි කරුණු නිසායි.

    කාන්තා ආරක්ෂක භටයන් ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලබනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.



    china02-lankatruth.jpg

    china05-lankatruth.jpg

    china06-lankatruth.jpg

    china07-lankatruth.jpg

    china14-lankatruth.jpg

    china15-lankatruth.jpg

    china16-lankatruth.jpg

    china17-lankatruth.jpg

    china20-lankatruth.jpg

    china08-lankatruth.jpg

    china10-lankatruth.jpg

    china11-lankatruth.jpg

    china13-lankatruth.jpg

    china01-lankatruth.jpg

    china03-lankatruth.jpg

    china04-lankatruth.jpg