චීනයේ_මුස්ලිම් අර්බුදය: අලුත් පනතකට ඇමරික
ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් චීනයේ උයිගර් මුස්ලිම්වරුන් "අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔවුන්ට වධහිංසා පැමිණවීම සහ හිංසා කිරීම" යන කරුණුවලට එරෙහි පනතක් සම්මත කර ගනු ලැබ ඇත.
මෙම පනත මගින් චීන ආණ්ඩුවේ සාමාජිකයින්ට "ඉලක්කගත සම්බාධක" ඉල්ලා සිටී.
මෙම පනත බලාත්මක වීමට නම් සෙනෙට් මණ්ඩලයේ සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමි විය යුතුය.
මේ සම්බන්ධයෙන් කෝපාන්විත ප්‍රතිචාරයක් දැක්වූ චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශය එම පනත හැඳින්වූයේ, "ද්වේශසහගත" එකක් ලෙසය.
මෙම පනත සම්මත වූයේ, හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින විරෝධතාකරුවන්ට සහාය ලැබෙන පනතකට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තැබීමෙන් දින කිහිපයකට පසුවය. එය චීනයේ හෙළා දැකීමට හේතු විය.
උයිගර් මානව හිමිකම් ප්‍රතිපත්ති පනත - 2019 අඟහරුවාදා (නොවැ: 03) රාත්‍රියේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී 407 ට 1 ලෙස සම්මත විය.
මෙම පනතට විරුද්ධව ඡන්දය භාවිත කළේ, රිපබ්ලිකන් පක්ෂයේ කෙන්ටකි නියෝජිත තෝමස් මැසී පමණි. ඔහු හොංකොං පනතට විරුද්ධව ද ඡන්දය භාවිත කළේය.
පනතේ අන්තර්ගතය
මෙම පනත ඉදිරිපත් කර ඇත්තේ, "දස ලක්ෂයකට අධික උයිගර් මුස්ලිම්වරුන් සංඛ්‍යාවක් සමූහ වශයෙන් රඳවා තබා ගැනීම ඇතුළු විශ්වීයව පිළිගත් බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට පිළියම් යෙදීම," අරමුණු කරගෙනය.
"අදහස් පළ කිරීමේ නිදහස, ආගමික නිදහස, ගමන් යාමේ නිදහස සහ සාධාරණ නඩු විභාග ඇතුළු සිවිල් සහ දේශපාලනික අයිතීන් පරාසයක් ප්‍රතික්ෂේප කරමින්" උයිගර් වැසියන්ට එරෙහිව "සැලසුම්සහගත වෙනස් ලෙස සැලකීමක්" කරන බවට මෙම පනත මගින් චීනයට චෝදනා කර තිබේ.
මෙම පනත මගින් "ෂින්ජියාන්ග්හි මානව හිමිකම් උල්ලංඝණනය කිරීම්වලට වගකිව යුතු යැයි විශ්වාස කළ හැකි ලෙස චෝදනා ලත් චීන නිලධාරීන්ට" සම්බාධක පැනවිය යුතු බවට යෝජනා කර ඇත.
චීනය උයිගර් මුස්ලිම්වරුන්ගේ 'මොළ සෝදන' ආකාරය හෙළි කෙරෙන ලිපිගොනු
චීනය, සැලසුම් සහගත ලෙස අධි ආරක්ෂක සිර කඳවුරු ජාලයක රඳවා සිටින ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම්වරුන්ගේ මොළ සෝදන (Brainwash) ආකාරය පිළිබඳ රහසින් පිටවූ ලිපිගොනු මගින් පළමු වරට කරුණු අනාවරණය වී තිබේ.
චීන ආණ්ඩුව දිගින් දිගටම පවසන්නේ, බටහිර දිග චීනයට අයත් ෂින්ජියාන්ග් (Xinjiang) කලාපයේ පිහිටි රැඳවුම් කඳවුරු මගින් ස්වේච්ඡා අධ්‍යාපනය සහ පුහුණුවීම් ලබා දෙන බවය.
නමුත් රැඳවියන් සිර කර තබන ආකාරය, දැඩි ශික්ෂනයකට යටත් කිරීම සහ දඬුවම් ලබා දෙන ආකාරය නිල ලිපිගොනු ඔස්සේ 'බීබීසී පැනොරාමා' (BBC Panorama) ගවේෂණ කණ්ඩායමට දැක ගත හැකි විය.
උයිගර් වැසියන් රඳවා සිටින කඳවුරුවල නිර්මාතෘ ලෙස සැලකෙන ෂින්ජියාන්ග්හි කොමියුනිස්ට් පක්ෂයේ නායක චෙන් චුයිඇන්ගෝ පිළිබඳවත් එහි සඳහන් කර තිබේ.
උයිගර්වරුන්ට එරෙහි "අපයෝජනයන් හෙළා දකින" ලෙසත්, චීනය විසින් වහාම සියලු කඳවුරු වසා දමන ලෙසටත්, "ජාත්‍යන්තරව සහතික වූ මානව හිමිකම්වලට ගරු කිරීම තහවුරු කරන ලෙසත්" පනත ඔස්සේ ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ.
චීනයේ ප්‍රතිචාරය
චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශය මෙම පනත "ද්වේශසහගත" එකක් ලෙස හඳුන්වා ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ, "චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම" ඇමෙරිකාව නතර කළ යුතු බවය.
"මෙම පනත හිතාමතා ම ෂින්ජියාන්ග්හි මානව හිමිකම්වලට කුණු පැල්ලමක් එක් කර ඇති අතර චීන රජයේ ෂින්ජියාන්ග් ප්‍රතිපත්තියට දරුණු ලෙස පහර දී ඇත," යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුන්යින්ග් පැවසීය.
"එහි වැරදි වහා ම නිවැරදි කරන ලෙසත්, මෙම පනත නීතියක් බවට පත්වීම වළක්වන ලෙසත්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බාධා කිරීම සඳහා ෂින්ජියාන්ග් සම්බන්ධ ගැටලු භාවිත කිරීම නතර කරන ලෙසත් අපි ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා."
මේ අතර හොංකොං සම්බන්ධයෙන් සම්මත කර ගනු ලැබූ පනත පිළිබඳවත් චීනය කෝපය පළ කර තිබිණි.
ඇමෙරිකානු නාවික හමුදාවේ නැව් සහ ගුවන් යානා හොංකොං වෙත පැමිණීම අත්හිටුවීමට සහ ඇමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් කණ්ඩායම්වලට එරෙහිව සම්බාධක නිකුත් කිරීමට ද චීනය පියවර ගත්තේ, එම පනතට විරෝධය පළ කිරීමක් ලෙසය.
ෂින්ජියාන්ග්හි සිදු වන්නේ කුමක් ද?
චීනයේ ෂින්ජියාන්ග්හි අධිආරක්ෂිත සිර කඳවුරු තුළ මුස්ලිම් වැසියන් ලක්ෂ ගණනක් රඳවා තබාගෙන සිටින බව මානව හිමිකම් සංවිධාන පවසයි.
චීන බලධාරීන් පවසන්නේ, ප්‍රචණ්ඩකාරී ආගමික අන්තවාදය මර්දනය කිරීම සදහා උයිගර් වැසියන්ට "වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන" තුළ අධ්‍යාපනය ලබා දෙන බවය.
BBC
මම මේ කල්පනා කරේ ලංකාවෙත් මෙහෙම මෙයාලව brainwash කරා නම් පාස්කු ඵකට පල්ලි වලට බෝම්බ ගහපු සහරාන්ල බිහි නොවෙන්න තිබ්බා.
..

Last edited: