චීනය අඟහරු මත සාර්ථකව "Zhurong rover" යානය ගොඩබස්වයි!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    9,605
    10,355
    113
    日本
    zM7n3vfmKfjMwfhtNnWSPk-1280-80_copy_637x355.jpg


    චීනය රොබෝ රෝවරයක් (Zhurong robot) සහිත අභ්‍යවකාශ යානයක් අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩ බස්සවා තිබෙනවා.මාධ්‍ය වාර්තා කරන්නේ, අඟහරු මත ප්‍රථම වරට චීන අඩි පාරක් තබමින්, ටියැන්වෙන් -1 (Tianwen-1 ) අභ්‍යවකාශ යානය යූටෝපියා ප්ලැනිටියා නමින් හැඳින්වෙන විශාල තැනිතලාවේ භූමි ප්‍රදේශයකට ගොඩ බැස්සවූ බවයි.

    ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයෙන් පසු අඟහරු හෙවත් රතු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ ලොව දෙවන රට බවට චීනය පත්වනු ඇති.

    යානය නවතා තිබූ තැන සිට එරට වේලාවෙන් අලුයම 1.00ට පිටත්ව ගොස් ඇති අතර යානය පැය 03කට පසු කක්ෂයෙන් වෙන් වී අඟහරු වෙත ඇතුළු වී තිබෙනවා.

    අධිවිභේදන භූවිෂමතා කැමරාවක් ඇතුළු විද්‍යාත්මක උපකරණ 06ක් සහිත ෂුරොන්ග් (Zhurong) නම් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන රෝවරය මගින් පරීක්ෂණ පැවැත්වීම සඳහා යානයෙන් පිටත්ව යාමට පෙර, ගොඩබෑමේ ස්ථානය පරීක්ෂා කරනු ඇති. රෝවරය අඟහරු පෘෂ්ඨයේ පස හා වායුගෝලය පිළිබඳව මෙන්ම අඟරු මත ජලය සහ අයිස් සහ ජීවි පැවැත්මක සලකුණු තිබුණේ ද යන්නත් විමර්ශනය කිරීමට නියමිතයි.

    ‘ස්වර්ගයට ප්‍රශ්න’ යන අරුත් ගත් ටියැන්වෙන් – 1 යනු අඟහරු වෙත දියත් කළ පළමු චීනය ස්වාධීන අභ්‍යවකාශ මෙහෙයුමයි. ටොන් 05ක බරකින් යුත් අභ්‍යවකාශ යානය දකුණු චීන දූපතක් වන හයිනාන් සිට March – 05 රොකට්ටුව ආධාරයෙන් ගමන දියත් කළේ, පසුගිය වසරේ (2020) ජූලි මාසයේදී ය.
    එලෙස ගමන් ඇරඹි ටියැන්වෙන් -1 පෙබරවාරි මාසයේ දී අඟහරු වෙත ළඟා වුණා.

    Zhurong සාර්ථකව ස්ථානගත වුවහෙත් , පළමු මෙහෙයුමෙන්ම අඟහරු ග්‍රහයා වෙත රෝවරයක් කක්ෂගත කිරීම, ගොඩබෑම සහ මුදා හැරීම සිදු කළ පළමු රට බවට චීනය පත් වනු ඇති.
    එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දියත් කරන ලද ‘හෝප්’ (Hope) අභ්‍යවකාශ යානය දැනට අඟහරු ග්‍රහයාට ඉහළින් කක්ෂගතව සිටින්නේ එහි කාලගුණය හා වායුගෝලය පිළිබඳ දත්ත එක්රැස් කරමිනි.

    අමෙරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද පර්සිවියරන්ස් (Perseverance) යානය ප්ලැනිටියා සිට කිලෝමීටර 2,000 කට වඩා ඈතින් පිහිටි ජෙසෙරෝ ආවාටය නම් විශාල අවපාතයට සාර්ථකව ස්පර්ශ විය.

    මේ අතර Tianwen-1 අභ්‍යවකාශ මෙහෙයුමෙන් පසු පසුගියදා කළ විවරණයක දී චීනය ප්‍රකාශ කර ඇත්තේ, චීනය අභ්‍යවකාශයේ නායකත්වය සඳහා තරග කිරීමට බලාපොරොත්තු නොවන නමුත් විශ්වයේ රහස් හෙළිදරව් කිරීමට සහ මානව වර්ගයාගේ සාමකාමී අවකාශය පරිහරණය කිරීමට දායක වීමට කැපවී සිටින බවය.

    ජනපති ෂී ජින් පිංගෙන් සුබ පැතුම්….

    ”ඔබ නිර්භීතව අභියෝගය භාරගනිමින් විශිෂ්ටත්වය ලුහුබැඳ ගොස් රට ග්‍රහලෝක ගවේෂණයේ ඉහළ තලයකට ගෙන ගියා.
    ඔබේ විශිෂ්ට ජයග්‍රහණය සදාකාලිකවම මව් බිමේ සහ ජනතාවගේ මතකයේ රැඳෙනු ඇති”

    ඒ්, චීන ජනාධිපති ෂී ජින් පිං අභ්‍යවකාශ මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනා වෙත නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයයි.

     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,708
    4,401
    113
    ඕක අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස තමා චීනයේම ඉන්න අභ්‍යවකාශ විශේෂඥයෝ ප්‍රකාශ කරලා තියෙන්නේ. චීනයේ ඒකාධිපති ආණ්ඩුව දැන් ඒ විශේෂඥයින්ට මේ වනකොට මරණිය තර්ජන එල්ල කරලා. චීනා කලොත් කරන්නේ ලෝකෙටම හානියක්. හරි හැටි දැනුමක් නැතිව රොකට් යවනවා. ඒවා නැවත පෘතුවියට කඩන් වැටෙනවා. ලෝකයේ මිනිස්සුන්ගේ ජිවිත අනතුරේ හෙළනවා. අනෙක් පැත්තෙන් මුන් ලෝකෙටම කොරෝනා වෛරසය ව්‍යාප්ත කරනවා. ලෝකේ දුප්පත් රටවල් ණය දීලා ගිල ගන්නවා. බොහෝ වෙලාවට චිනගේ මුදල්වලට නැත්නම් උන්ගේ යටිකුට්ටු ව්‍යපෘති වලට යට වෙන්නේ ඒ රටවල වෙසෙන දුෂිත පාලකයෝ. හොඳම උදාහරණය ලංකාව.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,605
    10,355
    113
    日本
    ඕක අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස තමා චීනයේම ඉන්න අභ්‍යවකාශ විශේෂඥයෝ ප්‍රකාශ කරලා තියෙන්නේ. චීනයේ ඒකාධිපති ආණ්ඩුව දැන් ඒ විශේෂඥයින්ට මේ වනකොට මරණිය තර්ජන එල්ල කරලා. චීනා කලොත් කරන්නේ ලෝකෙටම හානියක්. හරි හැටි දැනුමක් නැතිව රොකට් යවනවා. ඒවා නැවත පෘතුවියට කඩන් වැටෙනවා. ලෝකයේ මිනිස්සුන්ගේ ජිවිත අනතුරේ හෙළනවා. අනෙක් පැත්තෙන් මුන් ලෝකෙටම කොරෝනා වෛරසය ව්‍යාප්ත කරනවා. ලෝකේ දුප්පත් රටවල් ණය දීලා ගිල ගන්නවා. බොහෝ වෙලාවට චිනගේ මුදල්වලට නැත්නම් උන්ගේ යටිකුට්ටු ව්‍යපෘති වලට යට වෙන්නේ ඒ රටවල වෙසෙන දුෂිත පාලකයෝ. හොඳම උදාහරණය ලංකාව.
    :lol:තමුසෙ හොඳයි ලංකාවෙ මෙගා නාට්‍ය වල ස්ක්‍රිප්ට් ලියන්න..
     
    • Haha
    Reactions: erozan

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    10,950
    5,584
    113
    37
    Land of the Gods 🕎
    එලෝන් මස්ක් ගේ ඊලග ව්යාප්‍රතිය අගහරුගේ පෝල්ස් වල තියෙන අයිස් දියකරන්න නියුක්කිලියර් වෙපන් යොදාගන්න.
     
    • Wow
    Reactions: UKKU PUTHA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,080
    14,455
    113
    Malabe
    චීනය තක්ශනය අයිති බොහොම දියිනු රටක්, ඒ උනාට සමහර ගු ඇන් පි ගොන් බඩු හිතන් ඉන්නෙ උන්ට වැක්සීන් එකක්වත් හරියට හදාගන්ඩ බැ කියල..( චිනට බැන බැන චීනගෙ වැක්සීන් එකම හොරෙන් විදගන්න එක වෙනම දෙයක්)
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    1,386
    771
    113
    ජෝන්ගෙ ගෙදර
    උබ හිතුවද අගහරු අක්කර දෙකක ඉඩමක් කියල :lol:
    මුන් ඕක යවන්න ඇත්තේ ෆෙර්සිවරන්ස් Attack කරන්න වෙන්ට බැරිද?:dull: අනිවාර්යෙන් ඕකෙ අලුත් මිසයිල සෙට් කරල ඇති මම හිතන්නෙ:cry: