චීනය මගින් නිෂ්පාදනය කර ඇති කොරෝනා වෛරස එන්නත ඉදිරි මාස කිහිපය ඇතුළත රටවල් කිහිපයක් වෙත යැවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එරට බලධාරීන් පවසන්නේ තම එන්නත් අත්හදාබැලීමට ඉදිරිපත්වූ රටවල් සඳහා සහ දියුණුවෙමින් ඇති රටවල් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් මෙම එන්නත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.
වෛරස ව්‍යාප්තිය නිසි ආකාරයෙන් කළමනාකරණය නොකළ බවට චීනයට එල්ල වන චෝදනාවෙන් මිදීමට මෙමගින් ඔවුන්ට අවස්ථාවක් හිමිවන බව විචාරකයෝ පවසනවා.
එසේම මෙම එන්නත් ව්‍යාපෘතිය මගින් ජාත්‍යන්තර බල සංග්‍රාමයේ ඔවුන්ගේ ශක්තිය ඉස්මතු කිරීමට අවස්ථාව ලැබෙන බව ද විචාරකයින්ගේ අදහසය.
සමහර රටවල් සඳහා එන්නත ඔවුන්ගේ රටවල් තුළ ම නිපදවා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ප්‍රේරණය කිරීමට ද චීනය එකඟ වී ඇති බව වාර්තා වේ.
බීජිං නගරයේ පිහිටා ඇති සිනෝවැක් බයෝටෙක් ඖෂධ සමාගම මේවන විටත් එන්නත් තොග සැපයීම සඳහා රටවල් කිහිපයක් සමග එකඟ වී තිබේ.
ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 50ක් තුර්කියට සහ එන්නත් මාත්‍රා මිලියන 46ක් බ්‍රසීලයට සැපයීම ට නියමිතය. එසේම තම රටතුළ දී අසුරා ගැනීමට අවශ්‍ය එන්නත් දියර ඉන්දුනීසියාවට සැපයීමට ද සිනෝවැක් බයෝටෙක් කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.
චීන හමුදාවේ පර්යේෂණ ඒකකය සමග එක්ව කොරෝනා වෛරස එන්නතක් වැඩිදියුණු කළ “කැන්සිනෝ බයෝලෝජික්ස් සමාගම” මෙක්සිකෝව ට එන්නත් මාත්‍රා මිලියන 35ක් සැපයීමට එකඟ වී තිබේ.
එම එන්නත අත්හදාබැලීමට එක්වූ රටවල් 5ක් අතුරින් එකක් වන්නේ මෙක්සිකෝ වයි.
චීන රජය සතු “සිනෝෆාර්ම්” ඖෂධ නිෂ්පාදන සමාගම ද මේවන විට එන්නත් දෙකක් නිපදවා ඇත. එම එන්නත්වල තෙවැනි පියවරේ අත්හදාබැලීම් මැදපෙරදිග සහ දකුණු ඇමෙරිකානු රටවල් 10ක සිදුවෙයි.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඩුබායි පාලකයා වන මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම් “ස්වේච්චාවෙන්” එන්නත් අත්හදාබැලීමේ ක්‍රියාවලියට එක්වී ඇති අතර එසේම එම එන්නත හදිසි අවශ්‍යතාවයන් සඳහා භාවිත ඔහු අනුමැතිය දී තිබෙනවා..
https://liveat8.lk/චීනය-නිෂ්පාදනය-කළ-කොවිඩ්/