චීනය මැදිහත් වෙන්නේ නෑ

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    චීනය මැදිහත් වෙන්නේ නෑ

    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වන්නේ නැතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් පවසා ඇත.

    ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර තිබේ.

    චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා එම කරුණු සඳහන් කර තිබේ.

    එහිදි තවදුරටත් ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔහු මෙසේ ද පවසා ඇත.

    “චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලි අසල්වැසියන්. ශ්‍රී ලංකාවේ තත්ත්වය අපි සමීපව බලා සිටිනවා. චීනය සෑම විටම අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය එරට අභ්‍යන්තර දේශපාලන අර්බුදයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට සහ එරට ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය බුද්ධිය තිබෙන බව අපි විශ්වාස කරනවා”.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් සියුවාන් මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් මෙසේ පිළිතුරු දී ඇත.

    “ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ අපි සන්නිවේදනය කරනවා. ඔවුන් සමඟ සබඳතා පවත්වා ගන්නවා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නව අගමැතිවරයා හා වික්‍රමසිංහ මහතා හමුවුණා. තානාපතිවරයා ඔවුන් සමඟ ද්විපාර්ශවීය සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තා”.



    source: http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E2%80%98%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91%E2%80%98%E2%80%98/1-539458
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චීන්නු හොඳයි සුද්දන්ට තමා හැම එකාගෙම හැම රෙද්දකටම මැදිහත් වෙන අමාරුව තියෙන්නෙ :angry:
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ලූ කන්ග් මතකද?
    latest
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    චීන්නු හොඳයි සුද්දන්ට තමා හැම එකාගෙම හැම රෙද්දකටම මැදිහත් වෙන අමාරුව තියෙන්නෙ :angry:

    කියලා හිතාගෙන ඉන්නවා :P
    බලේ තියෙන ලොකු රටවල් ඔක්කොම එකයි.
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    චීන්නු හොඳයි සුද්දන්ට තමා හැම එකාගෙම හැම රෙද්දකටම මැදිහත් වෙන අමාරුව තියෙන්නෙ :angry:

    යකො තො වගෙ ගොන් බුරුවෙක් හම්බන්තොට වරාය කොලබ කොටුවෙ පොර්ට් සිටි එක යකො එවා මොකාගෙද බොගෙද :rofl: පුකෙනුත් හිනා

    උන්ට හිතුනොත් හෙට චිනෙ හමුදාව එවයි un එක ආවොත් එවා රකින්න කියලා සිරියාවෙ රුසියානු කදවුර වගෙ කලාපයෙ චිනෙ බලය ගොඩනගන්න ප්‍රදාන වරයක් ගොඩබ්ම් බුමියක් තියෙන්නෙ මෙ සිරිලන්කාවෙ විතරයි
     

    Similar threads