චීනය හා ලෝකය
============
ප්‍රංශ ජනපතිවරයා දිවුරුම් දීම බටහිර ප්‍රධාන පෙළේ රූපවාහිනි හා සෙසු මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය වුනත්, ලෝකය ම වෙනස් කරනසුළු මහා ආසියානු පියවරක් තැබෙන සමුළුවක් දැන් චීනය තුළ දියත් වෙමින් තිබෙනවා. ප්‍රංශයේ හෝ අන් ඕනෑම රටක මොන ආකාරයට ජනපතිවරුන් හා දේශපාලන ධාරා කරලියට පැමිණියත්, වර්තමානයේ අඩකටත් වඩා ද අනාගතයේ සහමුලින් ම ද ලෝකය පාලනය කරනු ඇත්තේ චීනය විසින් දැන් නිර්මාණය කරගෙන යන ආසියානු සියවස නම් විකල්ප ලෝක බලය විසිනුයි. "එක් තීරයක් එක් මාවතක්" නම් චීන ව්‍යාපෘථියට ඩොලර් බිලියන 129ක් තරම් අති දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට තමා සූදානම් බව චීන ජනපති ෂී පින් අද ප්‍රකාශ කළේ රුසියානු ජනපති ඇතුළු යුරෝපා, ආසියා හා අප්‍රිකා ඇතුළු රටවල් 60 නායකයින් හා නියෝජිතයින් අත්පොළසන් මැද. ඉන්දියාව මීට සතුටු නැහැ. එහෙත් මෙතෙන් දී චීනයට ඉන්දියාව අදාළ වෙන්නෙ නැහැ.ඔවුන්ගේ සේද මාවත පකිස්ථානය හරහා යුරෝපයට යාමට නියමිතයි. මුහුද මාවත යන්නෙ ලංකාව හරහා.
චීනය කියන්නේ, ස්මාට් ආර්ථික බල කඳවුරක්. ඔවුන් කවුරුවත් එක්ක හැප්පෙන්න ගියෙ නැහැ. සීතල යුද්ධවලට ගියේ නැහැ. ඇමරිකාව තමන්ගේ "අනෙකා" කරගත්තෙ නැහැ (සෝවියට් රුසියාවට වැරදුනෙ මෙතන) හැබැයි සද්ද නැතුව ඇමරිකාව විසින් ම තැනූ ගෝලීයකරණයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගත්තා. අන්තිමට ඇමරිකාව, ලෝකය පුරා යුද්ධ කර කර තමන්ගේ දෙකයි පනහ නැති කරගන්නකොට, චීනය ඒ ඇමරිකාවට විතරක් නෙමෙයි, ලෝකයට ම අවශ්‍ය කෑම බීමට ටික, භාණ්ඩ ටික හදල නැවට පැටෙව්වා. අද යුරෝපයට එක චීන භාණ්ඩ නැවක් ප්‍රමාද වුනොත්, සුපර් මාර්කට් චේන් පිටින් වැහිල යනවා.
අද ඇමරිකාව හරි යුරෝපය නිසා හරි දිළිඳු බවින් මිදුනු එක ලෝකෙ රටක් නැහැ. ඔවුන් හැමදාම කළේ, රටවල් අවුල් කරල, ඒ අවුලෙන් තමන්ගේ කොටස බේර ගන්න එක. චීනය රටවලට උදව් කරන්නේ අන්‍යෙන්‍ය ප්‍රතිලාභ මත. ලංකාවට චීනයෙ ආර්ථික හා ආයුධ සහාය නොතිබෙන්න එල්ටිටියට එරෙහි යුද්ධය කරන්න බැරි වෙන්න තිබ්බා. අපි චීනයට ණය ඒ අතින්.
චීනය විසින් බටහිර ලෝක ආධිපත්‍යට විකල්පයක් නිර්මාණය කරමිනුයි ඉන්නෙ. ඒක කරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් මිලිටරි යුද්ධය. අනික ආර්ථික යුද්ධය. චීනය ගත්තෙ දෙවැන්න. දැනටමත් බටහිර නිකං මැරුණු ව්‍යාකාරණ පොතක් විතරයි. සිදත් සඟරාව වගේ. භූමියේ භාෂාව හසුරුවන්නෙ චීනය. චීනයට, මම හිතන විදියට තවත් ඇමරිකාවක් වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය, විනාශකාරී බටහිර දැක්ම සහිත ලෝක ක්‍රමය පරාජය කිරීමට අවශ්‍ය හයිය තමන් වෙත ලබා ගැනීම. ඒක කරන්න නම් පළමුවෙන් ම ඒ ආර්ථික ව්‍යුහය පිළිගන්න රටවල් පරාජය කළ යුතුයි
MAhinda Pathirana