චීනය_යලි_වැඩට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොරෝනා යුරෝපය වසා දමද්දී චීන ජන ජීවිතය යථා තත්ත්වයට


    කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය යුරෝපය ඇතුලූ ලොව පුරා රටවල් රැසක ජන ජීවිතය බිඳ දමා තිබියදී වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවට සැලකෙන චීනයේ ජන ජීවිතය යථා තත්වයට පත් වෙමින් තිබෙනවා.

    විදෙස් මාධ්‍ය ඒ පිළිබඳ වාර්තා කර තිබුණේ බීජිං නුවර ඇතැම් වීදිවලට පැමිණ දරුවන් කී‍්‍රඩා කරන අයුරු දැක්වෙන ඡායාරූපද ගෙනහැර දක්වමින්. ගතවූ පැය 24 චීනයෙන් අලූතින් වාර්තා වී ඇත්තේ නව කොරෝනා රෝගීන් 25 ක් පමණයි.

    පවතින තත්වය සලකා චීනය විසින් පනවා තිබූ ඇතැම් සංචාරක සීමා ලිහිල් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. වසා දමා තිබූ නගර යළි විවෘත වෙමින් ඇති අතර සේවකයින් ද සුපුරුදු පරිදි සිය සේවා ස්ථානවලට වාර්තා කරමින් සිටිනවා.

    චීනයේ තත්වය එසේ වුව ද ලෝකයේ රටවල් රැසක් තවදුරටත් පවතින්නේ කොරෝනා තර්ජනය මධ්‍යයේයි. වයස අවුරුදු 70 ට වැඩි සෑම පුද්ගලයෙකුටම නිරෝධායන කි‍්‍රයාවලියට ලක් වන ලෙස බි‍්‍රතාන්‍ය රජය ඉල්ලීමක් කර ඇත්තේ එවන් පසුබිමකයි.

    නව කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රම බලකායෙන් පහෙන් එකකට බලපෑම් එල්ල වනු ඇති බවටයි සැලකෙන්නේ. ප‍්‍රංශ රජය පවසන්නේ එරට වැසියන්ගෙන් හරි අඩකට වෛරසය ආසාදනය වීමේ අවදානමක් ඇති බවයි. සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු සීමා කරමින් තවදුරටත් නීති පැනවීමටයි එරට රජය පියවර ගෙන ඇත්තේ.

    ජර්මනියේ ජනගහනයෙන් සියයට 70 ක් ද මේ වනවිට පවතින්නේ කොරෝනා වෛරසය වැළඳීමේ අවදානම් තත්වයකයි. ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන සියලූ ගුවන් මගීන් දින 14 ක අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

    අමෙරිකාවද නව කොරෝනා වෛරසයේ පැතිරීම සලකා ජාතික හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කළ අතර කසකස්ථානය ද හදිසි තත්වයක් අද ප‍්‍රකාශයට පත් කළා. ප‍්‍රංශය සියලූ ආපනශාලා, සිනමා ශාලා සහ සමාජ ශාලා වසා දැමීමට තීරණය කළ අතර ස්පාඤ්ඤය නියෝග කළේ සිය රට වැසියන්ට නිවෙස් තුළටම වී සිටින ලෙසටයි.

    ප‍්‍රංශය විසින් දුර ගමන් සේවා බස්රථ, දුම්රිය සහ රට තුළ කි‍්‍රයාත්මක ගුවන් ගමන් සීමා කිරීමට අද තීරණය කරනු ලැබුවා. චෙක් ජනරජයේ සියලූ වැසියන් නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර ඇති අතර ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ද අද නව කොරෝනා පරීක්ෂාවකට ලක් වී තිබෙනවා.

    පිලිපීනයේ ද නිරෝධායන කි‍්‍රයාවලිය සිදුවන අතර එහි අධීක්ෂණය සිදු කරන්නේ පොලිසිය සහ යුධ හමුදාවයි.

    අද වනවිට ලොව පුරා රටවල් රැසකින් නව කොරෝනා රෝගීන් එක්ලක්ෂ 58,416 ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,846 ක්.


    NETH
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Second Wave එකක් එන්න පුළුවන්ලු..එහෙම උනොත් ආයිමත් :dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    චීනෙ අනිත් රටවල් වලටත් උදවු කරනවා. අනෙත් යුරෝපා කොරෝනා තියෙන රටවල් ඔක්කෝටම බඩු දීලා Medical Staff යවලා

    sketch-1584285730920.png

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    China offers to send Italy 1000 lung ventilators, 2 million face masks, 20,000 protective suits and 50,000 test kits.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    චීනෙ අනිත් රටවල් වලටත් උදවු කරනවා. අනෙත් යුරෝපා කොරෝනා තියෙන රටවල් ඔක්කෝටම බඩු දීලා Medical Staff යවලා

    sketch-1584285730920.png


    jack ma ත් USA වලට දීලා.

    6IEp96A.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    jack ma ත් USA වලට දීලා.

    6IEp96A.jpg

    අලිබබා නේ .ඇමරිකාව වැටුනොත් මිනිහා ඉවරයි:lol::lol:
    china ආණ්ඩුවෙන් මොනවත් USA වලට දීලා නැහැ නේද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    පිලිපීනයේ ද නිරෝධායන කි‍්‍රයාවලිය සිදුවන අතර එහි අධීක්ෂණය සිදු කරන්නේ පොලිසිය සහ යුධ හමුදාවයි.
    [/COLOR]


    පිිිිිිිිිිලිපීනෙත් උතුරු ‌කොරියාව වගේ ‌වෙන්න ඇති. ඇල්ලුව ‌වෙඩිතිබ්බ මැරුව :(
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    982
    113
    Hamilton, NZ
    පිිිිිිිිිිලිපීනෙත් උතුරු ‌කොරියාව වගේ ‌වෙන්න ඇති. ඇල්ලුව ‌වෙඩිතිබ්බ මැරුව :(

    ලංකාවේ quarantine process එක කරන්නේ ලංකාවේ army එකෙන්. මෙහේ මැරුවද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ȜMA X;25220619 said:
    ලංකාවේ quarantine process එක කරන්නේ ලංකාවේ army එකෙන්. මෙහේ මැරුවද?

    Australia වේ ත් Army එක තමා හැන්ඩ් ල් කරන්නේ

    Army එක එපා කියන්නේ ලංකාවේ ජෙප්පෝ . මොකෝ උන්ට ඕනේ ලංකාවේ වැඩි ගානකට කොරෝනා බෝවෙන්න එතකොට තමා උන්ට ගොඩ යමක් තියෙන්නේ ගෝටා ට බැනලා ඡන්ද වේදිකා වල


    sketch-1584288576608.png
     
    Last edited: