චීන්නුන්ගෙන් ලංකාවේ ලෝක පිරමීඩ ජාවාරමක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දකුණු ආසියාතික රටවල් ඉලක්ක කරගනිමින් මෙරට සිට ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමක මහ මොළකරු ලෙස කටයුතු කළ චීන ජාතිකයකු සහ තවත් චීන ජාතිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (07) නියෝගයක් නිකුත් කළාය. මෙම චීන ජාතිකයන් සිවුදෙනා සහ ශ්‍රී ලාංකිකයා මෙරට සිට සිදුකර ඇති මහා පරිමාණ පිරමීඩ ජාවාරම හේතුවෙන් ඔවුන් විදෙස් ගත වුවහොත් ආරම්භ කළ විමර්ශනවලට බාධා එල්ලවිය හැකි බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. මෙලෙස විදෙස් ගමන් තහනමක් නිකුත් කෙරුණේ බොරැල්ලේ තාවකාලිකව පදිංචිව සිටින සුෂු ක්වීන්, වක්වැල්ල ගාල්ල පදිංචි තෙලිකඩ කංකානම්ගේ තරිදු හසංක, නාරාහේන්පිට, කොළඹ 05 පදිංචි ෂු ජින් ෆා, පාමංකඩ, කොළඹ 06 පදිංචි යන් හුයි මායි සහ කෝනාර් යන අයවලුන්ටය.
    මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති ‘සුෂු ක්වීන් නමැති චීන ජාතිකයා මෙරට කිසිදු ව්‍යාපාරයක් සිදුනොකර දිනකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වියදම් කර කැසිනෝ සූදු ක්‍රීඩාවේ යෙදෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම චීන ජාතිකයා කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථානවල නිවාස 08ක් බද්දට ගෙන එහි චීන ජාතිකයන් රඳවා තබා ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක උපයෝගී කරගනිමින් මෙම ජාත්‍යන්තර පිරමීඩ ජාවාරම සිදුකරමින් සිටින බවත්, ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම කරුණු හෙළි වූ බවත් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට සිය බී වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි.

    චීන ජාතිකයා බම්බලපිටිය සහ නාරාහේන්පිට ප්‍රදේශවල කල්බදු පදනමට ලබාගෙන තිබූ නිවාස හතරක් සෝදිසියට ලක් කිරීමේදී එහි රැඳී සිටි චීන ජාතිකයන් 28 දෙනකු ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක ද සමග පැන ගිය බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කළේය. එම නිවාස සෝදිසි කිරීමේ දී කසළ බඳුනක තිබී ‘රෙඩ්මි’ වර්ගයේ ජංගම දුරකතන 10ක් ද, පසුව කරන ලද විමර්ශනවලදී ජංගම දුරකතන 30ක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 07ක්ද අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    චීන ජාතිකයා මෙරට සිට මැලේසියාව, සිංගප්පූරුව, මාලදිවයින ඇතුළු දකුණු ආසියාතික රටවල පිරමීඩ වංචා සිදුකරමින් එම මුදල් උණ්ඩියල් ක්‍රමයට විදෙස්ගත කරන බවත් ඔවුන් නම්න් මෙරට කිසිදු ව්‍යාපාරයක් හෝ බැංකු ගිණුමක් බවත් නොමැති බවත් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම චීන ජාතිකයන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකතන සහ ලැප්ටොප් දුරකතනවල ඇති දත්ත සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඒවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී වාර්තා කැඳවිය යුතුව ඇති බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    @N A K A M U R A mehe waren china ponnaya
     
    • Wow
    Reactions: Asmodeus

    Similar threads