චීන සහයෝගය අහිමි කළ අඳබාල මෙගා ටෙලි දේශපා&#351

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    චීන සහයෝගය අහිමි කළ අඳබාල මෙගා ටෙලි දේශපා&#351

    'පහුගිය දේවල් සේරම අමතක කරලා, අපට උදව් කරන්න කියලා, අපි චීනෙන් ඉල්ලා සිටිනවා'. රවි කරුණානායක/South China Morning Post/18.10.2015

    මෙවර ඉදිරිපත් කිරීමට නියමිත අයවැය, මෙරට දේශපාලන ඉතිහාසයේ අති දුෂ්කරම අයවැය වන බව, ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ. එසේම, ඉදිරි අයවැයෙන් අධික බදු පැනවීමට සූදානම් කෙරෙන බවත්, ආරංචි මාර්ග පවසයි.

    2010දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 36%ක් වූ විදේශ අයවැය, 2013දී 65%ක් වී තිබිණි. මේ වසර අවසානය වන විට එය 94%ක් වීමට නියමිත ය‍.

    රාජපක්ෂ පාලනයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති චීන ආධාර යටතේ සිදු කෙරුණු බව ප්‍රකට ය. එයින් වඩාත් ගොඩ නැගුණේ යටිතල සංවර්ධන කටයුතු ය. පසුව එයම ඔවුන්‍ ගේ බලය අහිමි වීමට හේතු වූයේ, 'රාජපක්ෂ පාලනය අන්ත දූෂිත පාලනයක් ලෙස' විරුද්ධ පාක්ෂිකයන් විසින් හංවඩු ගසන ලද නිසා ය. එයට පක්ෂ ව, රාජපක්ෂ පාලනයේ බොහෝ ප්‍රබල තනතුරු දැරූ පුද්ගලයෝ ද, කරුණු කීහ.

    දැන්, රාජපක්ෂ පාලනය පෙරළා දමා වසරක් සපිරෙන්නට ආසන්න ය. අලුත් ආණ්ඩුවේ අමණකම වූයේ, පොදු ජනතාව ගොනාට ඇන්දවීම සඳහා, කතන්දර කියමින් කල් මැරීම ය. එයින් සිදු වූ එක් බලවත් හානියක් නම්, චීන රජයේ හොඳහිත පඵදු වීම ය. ඒ සමඟම ඔවුන් ගේ සංවර්ධන ව්‍යාපෘති ද නතර කෙරිණි.

    දැන්, රනිල්-මෛත්‍රී ආණ්ඩුව අමාරුවේ වැටී තිබෙන බව පෙනේ. නිසි මූල්‍ය සැලසුමකින් තොර ව, හුදෙක් 'කතන්දර මාමාලා' බවට පමණක් පත් වූ වර්තමාන නායකයන් දැමූ සද්ද, දැන් හිස් කෝම්බ බවට පත් වෙමින් තිබෙනු දැකිය හැකි ය. කුරුණෑගලට රැගෙන එන බව කියමින්, අත්සන් තැබූවා යයි පැවසුණු වොක්ස්වැගන් ව්‍යාපෘතිය, තවමත් නැත. ඒ, එක් නිදර්ශනයක් පමණි.

    රාජපක්ෂ පාලනයේ දූෂණ සහ වංචා තිබෙන බව පෙන්වා දිය යුතු වූයේ ඡන්ද ගරානයට නොවේ. රාජ්‍ය සකස් කිරීමට ය. පිස්කල් ප්‍රතිපත්තිය එයින් ප්‍රධාන ය. වර්තමාන ආණ්ඩුව නො කළේත්, නො කරන්නේත් එයම ය.

    ඒ වෙනුවට ඔවුහු, බටහිර මර උගුලක පැටලී සිටිති. බලයට සහ තනතුරුවලට තිබුණු අධික කෑදරකම නිසා, විවිධ තානාපති කාර්යාල සහ NGO දුන් ලනු කෑ වර්තමාන පාලකයෝ, රට හදන දේශපාලනය වෙනුවට අඳබාල 'මෙගා ටෙලි දේශපාලනය' තෝරා ගත් හ. ඒ සඳහා විවිධ මාධ්‍ය සංදර්ශන තබමින් සියලුම ටෙලිවිෂන් නාලිකාවල ගුවන් පැය හැකි තරම් කාබාසිනියා කළ හ. පුහු වීරකම් පෑම, ඔවුන් ගේ විනෝදාංශය වී තිබිණි.

    එහෙත් කල්යත්, කල්යත් ම බටහිර රටවල්, චීනය විරසක කරවීමට කටයුතු කළා මිස, මෙරටට ලබා දුන් ඉටි ගෙඩියක්නැති බව පැහැදිලි වෙමින් තිබේ. එයට දඩමීමා කර ගැනුණේ 'දෙමල අරගලය' නමින් ප්‍රචලිත ව තිබෙන, කෘත්‍රිම අර්බුදය පශ්චාත් යුද සමයෙන් පසු බෙදුම්වාදය දක්වා යළිත් උත්සන්න කිරීමෙනි. අද, සියල්ලේ යථාර්ථය ඉස්මතු වෙමින් තිබේ.
    චීනය, පෙනුනාට වඩා ලොකු වෙමින් පෙනෙන්නේ ඒ නිසා ය.

    http://www.yuthukama.com/2015/11/China.html
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Ane bung danna magulak katha karapan. Dan wela thiyenne naya gewanna. Rate dala jathika nishpadanayata wada rate waya paththa wadi. Ahema wela thiyenne uba oya kiyana apita adareta wadi poliyata dipu naya gewanna gihin.

    Oka danna nisa thamai mahindaya AWURUDU 2ka kata kalin chande illuwe. :P:P Mona gona da bung nattam awurudu 2kta kalin chande illanne. moko api kiuwada chandayak thiyanna kiyala. Mahindaya danan ediya me awurudde aya wayen passe rata ewarai kiyala. Uta malata dinanna ba kiyala aith.

    Uba hithuwada awurudden rate naya okkoma gewanna ranil and mithree gedarin salli genawa kiyala. :oo::oo: