Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චුට්ටෙ මුදලාලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චුට්ටෙ මුදලාලි

kiyawapalla sinhalayo

සල්ලි කොළවලින් අත පිස්ස

චුට්ටෙ මුදලාලි

* කෑවේ බුරියානි විතරයි...

* නාන්න පෙර ගඟ හේදුවා...

* බෑග් මලු ගණන් සල්ලි ඉරුවා...

සල්ලි දෙවියන්ගේ මල්ලිය. සල්ලිවලට ගරහන පුද්ගලයන්ට මිහිපිටම එය පඩිසන් දෙන්නේය. කාලයක් රුවන්පුරේ මැණික් ව්‍යාපාරිකයකු ලෙස වැජඹුණු චුට්ටෙද නොසෑහෙන්න සල්ලිවලට ගැරහුවේය. හේ දුම්වැටි දැල්වූවේ ද රුපියල් සීයේ කොළ පත්තු කරමිනි. කෑම කා අත පිස දමා විසි කළේ ද සල්ලි කොළය. බෑග් මලු ගණන් සල්ලි කීතු කීතුවලට ඉරා දැමුවේය. ඇතැම් දිනවල රත්නපුර නගරය මැද සල්ලි අහුරු අහසට විසි කළේය. එහෙත් චුට්ටේට වැඩි කාලයක් සල්ලි සමග පිස්සු කෙළීමට දෙයියො ඉඩ නොදුන්නේය. සැබෑවටම ඔහු පිස්සු වැටිණි. උමතු රෝගය සුවපත් නොවෙන තැනට රෝගය ඔඩු දිව්වේය. අද ඔහු රත්නපුර නගරයේ ටොපියක් කෑමට තරම්වත් පිච්චියක් නැති යදින්නකු බවට පත්ව සිටින්නේය. වැරහැලි වූ කලිසම් කොටයකින් විලි වසාගත් ඔහු නිවස ඉදිරිපිට කොරිඩෝවේ මොනවදෝ දොඩවමින් සිටින්නේය. දැන් අප සිටින්නේ ඔහු ඉදිරිපිටය.

'රෑ එනකොට කට්ටියක් මට බිම දාගෙන ගැහුවා...' ඔහු කියන වචන හරි හැටි උච්චාරණය නොවේ. එසේ වී ඇත්තේ උපතින් නොව, උමතු රෝගයෙන් පසුවය. ඔහුගේ මුවින් පිට වූ යන්තමට තේරුම් ගිය වචන ටික අපි එසේ ගැට ගැසුවෙමු.

ඔහු වැතිරී සිටි තැනින් නැගී සිටියේය. අප දෙසට එල්ල වන ඔහුගේ තියුණු බැල්ම බියකරුය. ගත වූයේ නිමේෂයකි. අප දෙසට පනින්නට මෙන් ඔහුගේ එක පාදයක් පඩිය මතට තැබුවේය. ඒ ඇසිල්ලට අපගේ සගයකු ඔහු දෙසට දුම්වැටියක් දිගු කළේය.

'ඉහ්... ඉහ්... ඉහ්...' ඔහු දුම්වැටිය අතට ගෙන රටක් රාජ්‍යයක් ලැබුණා සේ සතුටු වූහ. වරක් දුම්වැටිය පපුවට තුරුලු කර ගත්තේය.

'මේක බොන්න පුළුවන්... සුවඳයි...' නැවත වරක් දුම්වැටිය සිප ගිනිකූරක් පෙට්ටියේ අතුල්ලා දල්වන හැටි අභිනයෙන් පෙන්වමින් ඔහු අපගෙන් ගිනි පෙට්ටියක් ඉල්ලුවේය. ඒ ඇසිල්ලට අප දෙසින් ඔහු වෙතට ගිනි පෙට්ටියක් ද දිගු විය.

නැවතත් අසීමිත ළෙන්ගතුකමකින් දෙතොලට තුරුලු කර ගත් දුම්වැටිය ඔහු දල්වා ගත්තේය. හැකිළුණු හකු පූට්ටු වන තරමට තදින් දුම්වැටිය එක හුස්මටම උරා බී මඳක් හිස ඉහළට ඔසවා දුම් වළලු කිහිපයක් ද වාතලයට මුදාහැරියේය. දුම්වැටිය උරා බොන, දුම් වළලු අහසට මුදාහරින විලාශය තදින් දුම්වැටියට ඇබ්බැහිවූවෙක් බව හොඳින්ම පෙන්නුම් කරන්නේය.

බැලු බැල්මට චුට්ටේ පිරිපුන් දේහධාරී පුද්ගලයෙකි. එහෙත් දැන් ඔහු වැහැරී ගොස්ය. උඩුකයට ඇඳුමක් නොවැටෙන ඔහුගේ සිරුර දූවිලි ගැල්වී අමුතුම පැහැයකට හැරී තිබිණි. තට්ට ගෙඩිය පුරා යන්තමින් මතු වන කොණ්ඩය, ගිළුණු දෙකපුල් වැවුණු කටු රැවුල, බොර පැහැ ගැන්වුණු ගිලුණු දැස් ඔහුට භයානක ස්වරූපයක් ආරූඪ කර තිබිණි. ඔහු අසළට කිට්ටු වීමට එක වරක් නොව, කිහිප විටක්ම අපත් සිතා බැලුවේය. ක්ෂණයකින් නිවස තුළින් මහලු මවක් අප ඉදිරියට පැමිණියාය.

'කාවද මහත්තයෝ හොයන්නේ... මෙයා කියන දේවල් මහත්තේලට තෙරෙන්නේ නෑ. මෙයා විහින් විනාශ වුණේ මහත්තයෝ... කරන්න දෙයක් නෑ... මේ එයා කරපු පව්. මෙයාව ගොඩ දාන්න නොකරපු දෙයක් නෑ. කොළඹ දොස්තරවරුන්ට පෙන්නුවා. දේවාල ගානේ ගියා. බලි තොවිල්, දහඅට සන්නි කීයක් නම් නැටුවද... වැඩක් වුණේ නෑ...'' ඇය කතා කරගැනීමට නොහැකි තරමට මහලුය. ඇය කියන දේ තේරුණ ද, ඇයට තේරුම් කිරීමට අපට බෙරිහන් දීමට සිදු විය. එහෙත් මේ කතා කරන්නේ චුට්ටෙගේ මව බව අපට වටහාගැනීමට අසීරු නොවිණි.

''මට දරුවො නව දෙනෙක්. මෙයා තමයි පවුලේ අටවැනියා. මගේ දරුවො සේරම හොඳ තැන්වල ඉන්නවා. දරුවන්ගේ තාත්තත් නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්. දැන් නම් එයා මැරිලා අවුරුදු විසි පහකටත් වැඩියි. මෙයාට තමයි අපේ පවුලේ හොඳටම සල්ලි තිබුණේ. ගියෙ ආවේ කාර්වල. ඇන්දේ ඉස්තරම්ම වර්ගයේ ඇඳුම්. ඒ ඇඳුම් අඳින්නෙත් වරයි, දෙවරයි. අයින් කරනවා. කෑවේ බුරියානි විතරයි. සල්ලි ගෙනාවේ ෂොපින් බෑග්වල. හොඳට හිටියා. ඒ වගේම නරක වැඩත් කළා. තදින්ම ගංජාවලට ඇබ්බැහි වෙලා හිටියා. නරක වැඩවලට සල්ලි මලු ගණන් වියදම් කළා. කෑවා බිව්වා විනෝද වුණා. එක සහෝදරයකුටවත් රුපියලක තරම් දෙයක් දුන්නේ නෑ...'' කෙසේ හෝ චුට්ටේගේ මව අපට ඇවැසි සියලු තතු එකිනෙක විස්තර කළාය. එමෙන්ම චුට්ටේගේ නාස්ති වූ ජීවිතය පිළිබඳ තව තවත් තතු විමසා බැලීමට ඇය විසින් චුට්ටේගේ සහෝදරයකුවද අපට සම්බන්ධ කර දුන්නාය.

''1980 ගණන්වල නිවිතිගල ගෙව්ඩා ගල් ගත්ත ලොකුම මුදලාලි මෙයා තමයි. නම කිව්වම මුළු රත්නපුරේම දන්නවා. ඔය කාලේ තමයි රත්නපුරේට බයස්ලා එන්න පටන් ගත්තේ. එහෙම ආපු ඊස්ට් කියලා බයස් කෙනෙක් මෙයාගෙන් ගල් අරගෙන ලොකු පොල්ලක් තියලා තිබුණා. මම දන්න හැටියට ලක්ෂ පනහකට වැඩියි. එතැනින් පස්සේ මිනිහ සම්පූර්ණයෙන් අවුල් ගියා. නිතර කල්පනා කරන්න පටන් ගත්තා. බොන්න පටන් ගත්තා. නිතර දේවේලේ ගංජා ඉරුවා. පස්සේ ටිකෙන් ටික අයටම වැටුණා. මෙයා විතරක් නෙමෙයි ඒ බයස් නිසා තව කිහිපදෙනෙක්ම නැත්තටම නැති වුණා. චුට්ටා ගංජාවලට කොච්චර ඇබ්බැහි වුණාද කියන්න, ගංජා වදින්නේ නෑ කියලා අන්තිමේ ක්ලෝරීනුත් දලා බීලා. ඒක තමයි මෙයාගේ කරුමෙට හිටියේ. දොස්තරවරු කියන්නේ ගංජයි, ක්ලෝරීන්වලයි තියෙන විෂට මොළේ නහර වේලිලාලු.

මෙයා සල්ලි තිබුණු කාලෙත් හොඳ වැඩ කළේ නෑ. යාළුවොත් එක්ක කාර්වලින් කොළඹ ගිහින් හොඳ හොඳ ආතල් ගත්තා. ගෙදර අය උන්නද මළාද කියලා හොයල බැලුවේ නෑ. ගෙදර උයන දේවල් කෑවේ නෑ. තුන්වේලම කෑවේ කඩෙන්. ලොකු මස් කෑලි තුන හතරක්, බිත්තර තුන හතරක් එක්ක බුරියානි පැකට් එක ගෙදරට ගෙනත් චුට්ටක් කාලා ඉතුරු ටික බල්ලට අනලා දනවා. බත් කලා අත පිහ දැම්මේ සල්ලි කොළවලින්. තාත්තා, අම්මා කෑවා බිව්වද බැලුවේ නෑ. අම්ම, තාත්තට ලෙඩක් දුකකට බෙහෙත් ටිකක් ගන්න කියලා රුපියල් සීයක් දීලා නැතුව ඇති. සහෝදරයන්ට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවේ නෑ. සරොම් මිටිය ගෙන්නේ. හොඳ සර්ට් හය හත එක පාර ගන්නේ. ඒ හැම ඇඳුමක්ම ඇන්දේ දෙතුන් පාරයි. තව සහෝදරයො හත් දෙනෙක් හිටියා ඒ එකෙකුටවත් දෙන්නේ නෑ. පුච්චලා දනවා. ආයෙත් අලුත් ඇඳුම් ගේනවා. සුදු ඇඳුම හැර පාට ඇඳුමක් ඇන්දේ නෑ. බොහෝම ගෙම්බර් එකට තමයි ජීවත් වුණේ. ඒ කාලේ මුළු රත්නපුර නගරයටම හයර් දුවන කාර් තුනයි තිබුණේ. ඒ එක කාර් එකක් චුට්ටා බදු අරගෙන වගෙයි තිබුණේ. මෙයාගේ හයර් හැර වෙන හයර් දුවන්න බෑ. ගෙදර ඉඳන් ටවුන් එකට එන්නත් කාර් එක ඕනෑ. නිවිතිගල ඉඳලා මෙතැනට ඒ කාලේ කාර් එකේ හයර් එක රුපියල් තිහයි. මෙයා දෙන්නේ රුපියල් සීයක් හෝ දෙසීයක්. වැඩ කළේ සුද්දන්ටත් එහා විදිහටයි...''

''නාන්න ගියහම දෙමළ මිනිස්සු නානව කියලා මුලින්ම ගඟ හේදන්න කියලා ලක්ස් කැට දෙකක් විතර දානවා. තව ලක්ස් කැටයක් දාලා නාන තොටුපළේ ගල් හෝදනවා. එයා නාන්න යන වේලාවට දෙමළ මිනිස්සු හිටියොත් දිය රෙදි පිටින්ම එළවනවා. එක සබන් කෑල්ලක් ඇඟේ ගාන්නේ එක පාරයි. විසි කරනවා. ගෙදර වෙන කෙනෙකුටවත් දෙන්නේ නෑ. මෙයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ...''

''අපේ ඥාති කෙනෙක් ඉන්න තැනක් නැතිව අපේ ගේ ඉස්සරහා පැලක් අටවගෙන හිටියා. චුට්ටා දවසක් ඒ ගේ කෑල්ලට ගිනි තිබ්බා. ඒ ගැන පරීක්ෂණ කරන්න ආපු පොලිස් රාළහාමිලා හතරදෙනකුටත් බිම දාගෙන ගැහුවා. ඊට පස්සේ චුට්ටට පොලිසියට අරගෙන ගිහින් නැගිටින්න බැරිවෙන්න ගහලා තිබුණා. රයිපලෙන් ඔලුවට ගහපු පාරට රයිපලය දෙකට කැඩිලා තිබුණා. ඒ පහරදීමෙන් පස්සේ මිනිහා ඔලුව කැක්කුමයි කියලා නිතර නිතර බෙහෙත් ගත්තා. ඔහොම ඉන්නකොට මිනිහා ටික ටික හොඳ පැත්තට හැරුණා. හොඳට මඟුල් කලා කසාදයකුත් කර ගත්තා. හොඳ ගෙයක් හදලා මැටි කෝප්පයේ ඉඳලා මුළු ගේම පිරෙන්න බඩු මුට්ටුත් අරගෙන ලස්සනට ජීවත් වෙන්න පටන් ගන්නකොටම කළකම් පඩිසන් දෙන්න පටන් ගත්තා...''

''පිස්සු හැදිලත් දැන් අවුරුදු තිහක් විතර වෙනවා. සල්ලි තියෙනකොට අපිට කරේ නෑ කියලා අපි කර ඇරියේ නෑ. කරන්න පුළුවන් හැම වෙදකමක්ම කළා. ඒ කාලේ රුපියල් අසූ දාහක් වියදම් කරලා තාත්තා දහඅට සන්නියක් කළා. ඒ තොවිලෙන් පස්සේ තමයි තාත්තත් නැති වුණේ. කඩේ සල්ලි සියල්ලම දාලා තොවිලේ කළා. කට්ටඩි බොරු කළා. එහෙම බොරු කරලා සල්ලි ටික අරගෙන යනකොට කට්ටඩියාවත් බස් එකක හැපිලා මැරුණා. පස්සේ මම ගාල්ලේ උණවටුණේ වෙදගෙදරක තියාගෙන මාසයක් එක දිගට නිදිවරාගෙන බෙහෙත් කළා. ඒ පාර හොඳටම හොඳ වෙලා තමයි ගෙදර ආවේ. ඒ එනකොට වෙද මහත්තයා කිව්වා සිගරට්, බීඩි, ගංජා දුමක්වත් වදින්න ඉන්න එපා කියලා. මේ යකා ගමට ඇවිත් ආයෙමත් සිගරට් උරන්න පටන් ගත්තා. පිස්සු තද වුණා. ඊට පස්සේ ඒ වෙදමහත්තය ළඟට ගෙනිච්චම කිව්වා දැන් හොඳ කරන්න බෑ කියලා...''

''මුලදි, මුලදි ගෙදර අයට මෙයාගෙන් කරදර තිබුණා. එක පාරක් ගෙදර බත් මුට්ටියට මෙයාගේ බෙහෙත් අහුරක් දාලා මළ ජන්ජාලයක් වුණා. පාරෙ යන මිනිස්සු කිහිප දෙනකුටත් ගහලා තිබුණා. මෙයාගෙන් මිනිහෙකුට ගුටි කන්න බෑ. මර හයියක් තියෙන්න. පස්සේ අපි බය කරලා මෙල්ල කර ගත්තා. දැන් ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. මෙයා ඉල්ලන්නේ නැතුව කවුරුහරි සල්ලි කීයක් හරි දික් කළොත් පටොන් ගාලා ගහනවා. මෙයා ඉල්ලලා දුන්නේ නැති වුණහම මගහැරලා යනවා. කවුරුවත් දෙන දෙයක් කන්නෙ බොන්නෙත් නෑ. අම්මා බෙදලා දෙන බත් එක විතරයි කන්නේ. එක වෙලාවකට සිහිකල්පනාව තියෙනවා. ගංජා හොයාගෙන බටුගෙදර පාළම ළඟට යනවා. කඩෙන් ගිහිල්ලා සිගරට් එක ගන්නවා...''

''වයස පේන්නේ නැති වුණාට අවුරුදු පනහකට වැඩියි. මෙයා සල්ලි වියදම් කරගෙන රජෙක් වගේ හිටියේ අවුරුදු දහයක් විතර තමයි. එතැනින් පස්සේ මිනිහගෙ රජකම් ඵලදෙන්න පටන් ගත්තා...'' චුට්ටේගේ සහෝදරයාගේ නම අපට කීවේය. එහෙත් ඔහුගේ නම සටහන් නොකර සිටීමට අපි අදහස් කළෙමු.

චුට්ටේගේ චරිතය සමාජයට පාඩමකි. ඉගෙනගත යුතු දේ බොහෝය. මේ සටහන තැබෙන්නේ එකී සමාජ පාඩම උදෙසා පමණි.

තරංග රත්නවීර

කුමුදු හෙට්ටිආරච්චි

[QUOTE="somadasa, post: 18320943, member: 220773"] [b]චුට්ටෙ මුදලාලි[/b] [B][SIZE=4]kiyawapalla sinhalayo[/SIZE][/B]:nerd: [SIZE=4][COLOR=#336600]සල්ලි කොළවලින් අත පිස්ස[/COLOR][/SIZE][SIZE=5][COLOR=#336600] චුට්ටෙ මුදලාලි[/COLOR][/SIZE][SIZE=4] * කෑවේ බුරියානි විතරයි... * නාන්න පෙර ගඟ හේදුවා... * බෑග් මලු ගණන් සල්ලි ඉරුවා... [IMG]http://www.divaina.com/2015/05/10/Pic/e6.jpg[/IMG]සල්ලි දෙවියන්ගේ මල්ලිය. සල්ලිවලට ගරහන පුද්ගලයන්ට මිහිපිටම එය පඩිසන් දෙන්නේය. කාලයක් රුවන්පුරේ මැණික් ව්‍යාපාරිකයකු ලෙස වැජඹුණු චුට්ටෙද නොසෑහෙන්න සල්ලිවලට ගැරහුවේය. හේ දුම්වැටි දැල්වූවේ ද රුපියල් සීයේ කොළ පත්තු කරමිනි. කෑම කා අත පිස දමා විසි කළේ ද සල්ලි කොළය. බෑග් මලු ගණන් සල්ලි කීතු කීතුවලට ඉරා දැමුවේය. ඇතැම් දිනවල රත්නපුර නගරය මැද සල්ලි අහුරු අහසට විසි කළේය. එහෙත් චුට්ටේට වැඩි කාලයක් සල්ලි සමග පිස්සු කෙළීමට දෙයියො ඉඩ නොදුන්නේය. සැබෑවටම ඔහු පිස්සු වැටිණි. උමතු රෝගය සුවපත් නොවෙන තැනට රෝගය ඔඩු දිව්වේය. අද ඔහු රත්නපුර නගරයේ ටොපියක් කෑමට තරම්වත් පිච්චියක් නැති යදින්නකු බවට පත්ව සිටින්නේය. වැරහැලි වූ කලිසම් කොටයකින් විලි වසාගත් ඔහු නිවස ඉදිරිපිට කොරිඩෝවේ මොනවදෝ දොඩවමින් සිටින්නේය. දැන් අප සිටින්නේ ඔහු ඉදිරිපිටය. 'රෑ එනකොට කට්ටියක් මට බිම දාගෙන ගැහුවා...' ඔහු කියන වචන හරි හැටි උච්චාරණය නොවේ. එසේ වී ඇත්තේ උපතින් නොව, උමතු රෝගයෙන් පසුවය. ඔහුගේ මුවින් පිට වූ යන්තමට තේරුම් ගිය වචන ටික අපි එසේ ගැට ගැසුවෙමු. ඔහු වැතිරී සිටි තැනින් නැගී සිටියේය. අප දෙසට එල්ල වන ඔහුගේ තියුණු බැල්ම බියකරුය. ගත වූයේ නිමේෂයකි. අප දෙසට පනින්නට මෙන් ඔහුගේ එක පාදයක් පඩිය මතට තැබුවේය. ඒ ඇසිල්ලට අපගේ සගයකු ඔහු දෙසට දුම්වැටියක් දිගු කළේය. 'ඉහ්... ඉහ්... ඉහ්...' ඔහු දුම්වැටිය අතට ගෙන රටක් රාජ්‍යයක් ලැබුණා සේ සතුටු වූහ. වරක් දුම්වැටිය පපුවට තුරුලු කර ගත්තේය. 'මේක බොන්න පුළුවන්... සුවඳයි...' නැවත වරක් දුම්වැටිය සිප ගිනිකූරක් පෙට්ටියේ අතුල්ලා දල්වන හැටි අභිනයෙන් පෙන්වමින් ඔහු අපගෙන් ගිනි පෙට්ටියක් ඉල්ලුවේය. ඒ ඇසිල්ලට අප දෙසින් ඔහු වෙතට ගිනි පෙට්ටියක් ද දිගු විය. නැවතත් අසීමිත ළෙන්ගතුකමකින් දෙතොලට තුරුලු කර ගත් දුම්වැටිය ඔහු දල්වා ගත්තේය. හැකිළුණු හකු පූට්ටු වන තරමට තදින් දුම්වැටිය එක හුස්මටම උරා බී මඳක් හිස ඉහළට ඔසවා දුම් වළලු කිහිපයක් ද වාතලයට මුදාහැරියේය. දුම්වැටිය උරා බොන, දුම් වළලු අහසට මුදාහරින විලාශය තදින් දුම්වැටියට ඇබ්බැහිවූවෙක් බව හොඳින්ම පෙන්නුම් කරන්නේය. බැලු බැල්මට චුට්ටේ පිරිපුන් දේහධාරී පුද්ගලයෙකි. එහෙත් දැන් ඔහු වැහැරී ගොස්ය. උඩුකයට ඇඳුමක් නොවැටෙන ඔහුගේ සිරුර දූවිලි ගැල්වී අමුතුම පැහැයකට හැරී තිබිණි. තට්ට ගෙඩිය පුරා යන්තමින් මතු වන කොණ්ඩය, ගිළුණු දෙකපුල් වැවුණු කටු රැවුල, බොර පැහැ ගැන්වුණු ගිලුණු දැස් ඔහුට භයානක ස්වරූපයක් ආරූඪ කර තිබිණි. ඔහු අසළට කිට්ටු වීමට එක වරක් නොව, කිහිප විටක්ම අපත් සිතා බැලුවේය. ක්ෂණයකින් නිවස තුළින් මහලු මවක් අප ඉදිරියට පැමිණියාය. 'කාවද මහත්තයෝ හොයන්නේ... මෙයා කියන දේවල් මහත්තේලට තෙරෙන්නේ නෑ. මෙයා විහින් විනාශ වුණේ මහත්තයෝ... කරන්න දෙයක් නෑ... මේ එයා කරපු පව්. මෙයාව ගොඩ දාන්න නොකරපු දෙයක් නෑ. කොළඹ දොස්තරවරුන්ට පෙන්නුවා. දේවාල ගානේ ගියා. බලි තොවිල්, දහඅට සන්නි කීයක් නම් නැටුවද... වැඩක් වුණේ නෑ...'' ඇය කතා කරගැනීමට නොහැකි තරමට මහලුය. ඇය කියන දේ තේරුණ ද, ඇයට තේරුම් කිරීමට අපට බෙරිහන් දීමට සිදු විය. එහෙත් මේ කතා කරන්නේ චුට්ටෙගේ මව බව අපට වටහාගැනීමට අසීරු නොවිණි. [IMG]http://www.divaina.com/2015/05/10/Pic/e6-2.jpg[/IMG]''මට දරුවො නව දෙනෙක්. මෙයා තමයි පවුලේ අටවැනියා. මගේ දරුවො සේරම හොඳ තැන්වල ඉන්නවා. දරුවන්ගේ තාත්තත් නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්. දැන් නම් එයා මැරිලා අවුරුදු විසි පහකටත් වැඩියි. මෙයාට තමයි අපේ පවුලේ හොඳටම සල්ලි තිබුණේ. ගියෙ ආවේ කාර්වල. ඇන්දේ ඉස්තරම්ම වර්ගයේ ඇඳුම්. ඒ ඇඳුම් අඳින්නෙත් වරයි, දෙවරයි. අයින් කරනවා. කෑවේ බුරියානි විතරයි. සල්ලි ගෙනාවේ ෂොපින් බෑග්වල. හොඳට හිටියා. ඒ වගේම නරක වැඩත් කළා. තදින්ම ගංජාවලට ඇබ්බැහි වෙලා හිටියා. නරක වැඩවලට සල්ලි මලු ගණන් වියදම් කළා. කෑවා බිව්වා විනෝද වුණා. එක සහෝදරයකුටවත් රුපියලක තරම් දෙයක් දුන්නේ නෑ...'' කෙසේ හෝ චුට්ටේගේ මව අපට ඇවැසි සියලු තතු එකිනෙක විස්තර කළාය. එමෙන්ම චුට්ටේගේ නාස්ති වූ ජීවිතය පිළිබඳ තව තවත් තතු විමසා බැලීමට ඇය විසින් චුට්ටේගේ සහෝදරයකුවද අපට සම්බන්ධ කර දුන්නාය. ''1980 ගණන්වල නිවිතිගල ගෙව්ඩා ගල් ගත්ත ලොකුම මුදලාලි මෙයා තමයි. නම කිව්වම මුළු රත්නපුරේම දන්නවා. ඔය කාලේ තමයි රත්නපුරේට බයස්ලා එන්න පටන් ගත්තේ. එහෙම ආපු ඊස්ට් කියලා බයස් කෙනෙක් මෙයාගෙන් ගල් අරගෙන ලොකු පොල්ලක් තියලා තිබුණා. මම දන්න හැටියට ලක්ෂ පනහකට වැඩියි. එතැනින් පස්සේ මිනිහ සම්පූර්ණයෙන් අවුල් ගියා. නිතර කල්පනා කරන්න පටන් ගත්තා. බොන්න පටන් ගත්තා. නිතර දේවේලේ ගංජා ඉරුවා. පස්සේ ටිකෙන් ටික අයටම වැටුණා. මෙයා විතරක් නෙමෙයි ඒ බයස් නිසා තව කිහිපදෙනෙක්ම නැත්තටම නැති වුණා. චුට්ටා ගංජාවලට කොච්චර ඇබ්බැහි වුණාද කියන්න, ගංජා වදින්නේ නෑ කියලා අන්තිමේ ක්ලෝරීනුත් දලා බීලා. ඒක තමයි මෙයාගේ කරුමෙට හිටියේ. දොස්තරවරු කියන්නේ ගංජයි, ක්ලෝරීන්වලයි තියෙන විෂට මොළේ නහර වේලිලාලු. මෙයා සල්ලි තිබුණු කාලෙත් හොඳ වැඩ කළේ නෑ. යාළුවොත් එක්ක කාර්වලින් කොළඹ ගිහින් හොඳ හොඳ ආතල් ගත්තා. ගෙදර අය උන්නද මළාද කියලා හොයල බැලුවේ නෑ. ගෙදර උයන දේවල් කෑවේ නෑ. තුන්වේලම කෑවේ කඩෙන්. ලොකු මස් කෑලි තුන හතරක්, බිත්තර තුන හතරක් එක්ක බුරියානි පැකට් එක ගෙදරට ගෙනත් චුට්ටක් කාලා ඉතුරු ටික බල්ලට අනලා දනවා. බත් කලා අත පිහ දැම්මේ සල්ලි කොළවලින්. තාත්තා, අම්මා කෑවා බිව්වද බැලුවේ නෑ. අම්ම, තාත්තට ලෙඩක් දුකකට බෙහෙත් ටිකක් ගන්න කියලා රුපියල් සීයක් දීලා නැතුව ඇති. සහෝදරයන්ට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවේ නෑ. සරොම් මිටිය ගෙන්නේ. හොඳ සර්ට් හය හත එක පාර ගන්නේ. ඒ හැම ඇඳුමක්ම ඇන්දේ දෙතුන් පාරයි. තව සහෝදරයො හත් දෙනෙක් හිටියා ඒ එකෙකුටවත් දෙන්නේ නෑ. පුච්චලා දනවා. ආයෙත් අලුත් ඇඳුම් ගේනවා. සුදු ඇඳුම හැර පාට ඇඳුමක් ඇන්දේ නෑ. බොහෝම ගෙම්බර් එකට තමයි ජීවත් වුණේ. ඒ කාලේ මුළු රත්නපුර නගරයටම හයර් දුවන කාර් තුනයි තිබුණේ. ඒ එක කාර් එකක් චුට්ටා බදු අරගෙන වගෙයි තිබුණේ. මෙයාගේ හයර් හැර වෙන හයර් දුවන්න බෑ. ගෙදර ඉඳන් ටවුන් එකට එන්නත් කාර් එක ඕනෑ. නිවිතිගල ඉඳලා මෙතැනට ඒ කාලේ කාර් එකේ හයර් එක රුපියල් තිහයි. මෙයා දෙන්නේ රුපියල් සීයක් හෝ දෙසීයක්. වැඩ කළේ සුද්දන්ටත් එහා විදිහටයි...'' ''නාන්න ගියහම දෙමළ මිනිස්සු නානව කියලා මුලින්ම ගඟ හේදන්න කියලා ලක්ස් කැට දෙකක් විතර දානවා. තව ලක්ස් කැටයක් දාලා නාන තොටුපළේ ගල් හෝදනවා. එයා නාන්න යන වේලාවට දෙමළ මිනිස්සු හිටියොත් දිය රෙදි පිටින්ම එළවනවා. එක සබන් කෑල්ලක් ඇඟේ ගාන්නේ එක පාරයි. විසි කරනවා. ගෙදර වෙන කෙනෙකුටවත් දෙන්නේ නෑ. මෙයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ...'' ''අපේ ඥාති කෙනෙක් ඉන්න තැනක් නැතිව අපේ ගේ ඉස්සරහා පැලක් අටවගෙන හිටියා. චුට්ටා දවසක් ඒ ගේ කෑල්ලට ගිනි තිබ්බා. ඒ ගැන පරීක්ෂණ කරන්න ආපු පොලිස් රාළහාමිලා හතරදෙනකුටත් බිම දාගෙන ගැහුවා. ඊට පස්සේ චුට්ටට පොලිසියට අරගෙන ගිහින් නැගිටින්න බැරිවෙන්න ගහලා තිබුණා. රයිපලෙන් ඔලුවට ගහපු පාරට රයිපලය දෙකට කැඩිලා තිබුණා. ඒ පහරදීමෙන් පස්සේ මිනිහා ඔලුව කැක්කුමයි කියලා නිතර නිතර බෙහෙත් ගත්තා. ඔහොම ඉන්නකොට මිනිහා ටික ටික හොඳ පැත්තට හැරුණා. හොඳට මඟුල් කලා කසාදයකුත් කර ගත්තා. හොඳ ගෙයක් හදලා මැටි කෝප්පයේ ඉඳලා මුළු ගේම පිරෙන්න බඩු මුට්ටුත් අරගෙන ලස්සනට ජීවත් වෙන්න පටන් ගන්නකොටම කළකම් පඩිසන් දෙන්න පටන් ගත්තා...'' ''පිස්සු හැදිලත් දැන් අවුරුදු තිහක් විතර වෙනවා. සල්ලි තියෙනකොට අපිට කරේ නෑ කියලා අපි කර ඇරියේ නෑ. කරන්න පුළුවන් හැම වෙදකමක්ම කළා. ඒ කාලේ රුපියල් අසූ දාහක් වියදම් කරලා තාත්තා දහඅට සන්නියක් කළා. ඒ තොවිලෙන් පස්සේ තමයි තාත්තත් නැති වුණේ. කඩේ සල්ලි සියල්ලම දාලා තොවිලේ කළා. කට්ටඩි බොරු කළා. එහෙම බොරු කරලා සල්ලි ටික අරගෙන යනකොට කට්ටඩියාවත් බස් එකක හැපිලා මැරුණා. පස්සේ මම ගාල්ලේ උණවටුණේ වෙදගෙදරක තියාගෙන මාසයක් එක දිගට නිදිවරාගෙන බෙහෙත් කළා. ඒ පාර හොඳටම හොඳ වෙලා තමයි ගෙදර ආවේ. ඒ එනකොට වෙද මහත්තයා කිව්වා සිගරට්, බීඩි, ගංජා දුමක්වත් වදින්න ඉන්න එපා කියලා. මේ යකා ගමට ඇවිත් ආයෙමත් සිගරට් උරන්න පටන් ගත්තා. පිස්සු තද වුණා. ඊට පස්සේ ඒ වෙදමහත්තය ළඟට ගෙනිච්චම කිව්වා දැන් හොඳ කරන්න බෑ කියලා...'' ''මුලදි, මුලදි ගෙදර අයට මෙයාගෙන් කරදර තිබුණා. එක පාරක් ගෙදර බත් මුට්ටියට මෙයාගේ බෙහෙත් අහුරක් දාලා මළ ජන්ජාලයක් වුණා. පාරෙ යන මිනිස්සු කිහිප දෙනකුටත් ගහලා තිබුණා. මෙයාගෙන් මිනිහෙකුට ගුටි කන්න බෑ. මර හයියක් තියෙන්න. පස්සේ අපි බය කරලා මෙල්ල කර ගත්තා. දැන් ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. මෙයා ඉල්ලන්නේ නැතුව කවුරුහරි සල්ලි කීයක් හරි දික් කළොත් පටොන් ගාලා ගහනවා. මෙයා ඉල්ලලා දුන්නේ නැති වුණහම මගහැරලා යනවා. කවුරුවත් දෙන දෙයක් කන්නෙ බොන්නෙත් නෑ. අම්මා බෙදලා දෙන බත් එක විතරයි කන්නේ. එක වෙලාවකට සිහිකල්පනාව තියෙනවා. ගංජා හොයාගෙන බටුගෙදර පාළම ළඟට යනවා. කඩෙන් ගිහිල්ලා සිගරට් එක ගන්නවා...'' ''වයස පේන්නේ නැති වුණාට අවුරුදු පනහකට වැඩියි. මෙයා සල්ලි වියදම් කරගෙන රජෙක් වගේ හිටියේ අවුරුදු දහයක් විතර තමයි. එතැනින් පස්සේ මිනිහගෙ රජකම් ඵලදෙන්න පටන් ගත්තා...'' චුට්ටේගේ සහෝදරයාගේ නම අපට කීවේය. එහෙත් ඔහුගේ නම සටහන් නොකර සිටීමට අපි අදහස් කළෙමු. චුට්ටේගේ චරිතය සමාජයට පාඩමකි. ඉගෙනගත යුතු දේ බොහෝය. මේ සටහන තැබෙන්නේ එකී සමාජ පාඩම උදෙසා පමණි. තරංග රත්නවීර කුමුදු හෙට්ටිආරච්චි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom