මම දොස්තර කෙනෙක් නම් නෙවෙයි. ඒ නිසා මං මගේ අත්දැකීම විතරයි කියන්නේ. මට දුවෙක් ඉන්නවා අවුරුදු 2යි මාස 6යි. කිරිපිටි පොදක්වත් කටේ තියලා නෑ. දරුවාගේ අම්මට හොඳම පෝෂ්‍යදායක කෑම වර්ග දුන්නේ. හොඳට කිරි එරෙන කෑම වර්ග දුන්නේ. හොඳට මවුකිරි දුන්නා. දරුවාගේ වර්ධනයේ කිසිම අඩුවක් නෑ. නියම බර සීමාවේ ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවිකාව සහ දොස්තර කියන විදිහට පෝෂණයේ නම් කිසිම අවුලක් නෑ.