අයහපත්ම චේතනාවක් හිතේ තබාගෙන මුව සරසාගත් සිනහවකින් ආසිරි පැතිය හැකි බවත්, රුදුරු වූ මුවකින් රුදුරු වූ පෙනුමකින්, යහපත් සිතකින් දඬුවම් කළ හැකි බවත් අමතක නොකරන්න. යමක් යහපත් හෝ අයහපත් ලෙස නිශ්චය නිර්ණය කිරීමේදි නිර්ණායකය විය යුත්තේ ක්‍රියාව නොවේ. ක්‍රියාවට පාදක වූ සිත බවයි . එනිසා යම් ආකාරයක ක්‍රියාවක් යහපත් ක්‍රියාවක් ලෙස හෝ අයහපත් ක්‍රියාවක් ලෙස තීරණය කරනු ලබන්නේ ක්‍රියාවට නොව ක්‍රියාවට මුල් වුණ සිත අනුවයි. යහපත් පෙනුම සහිත නරක වැඩ අයහපත් පෙනුම සහිත හොඳ ක්‍රියා අයහපත් සිතින් කරන හොද වැඩ, යහපත් සිතින් කරන අයහපත් වැඩ තේරුම් ගැනීම යහපත් හිතින් කරන යහපත් ක්‍රියා හා අයහපත් සිතින් කරන අයහපත් ක්‍රියා දැන් වඩාත් පැහැදිලියි. බුදුපියාණන් වහන්සේගේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන ප්‍රකාශය අවබෝධයෙන් තේරුම් ගත යුතුයි.මින් මතුවට එසේ ක්‍රියා කිරීමට ඔබට හැකියාව ලැබේවාය ප්‍රාර්ථනා කරමු.