චේ ගුවෙරාගේ 51 වැනි ගුණ සැමරේ

cheguvera

Member
Mar 17, 2011
67
12
0
චේ ගුවෙරාගේ 51 වැනි ගුණ සැමරේ

කේ බුද්ධික කුමාරසිරි )

ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදී නායකයකු වන අර්නස්ට් චේ ගුවෙරාගේ 51 වෙනි ගුණ සමරු උත්සවය මොරගහහේන යහලකැලේ ‘‘චේ උද්‍යානයේදි’’ ඔහු විසින් රෝපණය කරන ලද මැහෝගනී වෘක්ෂය අසලදී කියුබානු රජයේ ශී‍්‍ර ලංකා තානාපතිනී ජුආනා එලේනා රාමෝස් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පැවැත්විණි.


අර්නස්ට් චේ ගුවෙරා මහතා කියුබානු රජයේ අමාත්‍යවරයකු ලෙස 1959 වසරේ රබර් වගාව සම්බන්ධ පර්යේෂණ කටයුතුත්තක් සඳහා මෙරට සිදුකළ සංචාරයකදී මොරගහහේන යහලකැලේ වත්තේ මෙම මැහෝගනි පැළය රෝපණය කර ඇත.


සමාජවාදී තරුණ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර සැමරුම් උත්සවය අවසානයේ ‘‘චේ සරුව’’ නිමිත්තෙන් ප‍්‍රදේශයේ ජනතාව සඳහා වෛද්‍ය කඳවුරක් ද පැවැත්වීම එම සංගමය කටයුතු සංවිධානය කර තිබිණි.



image_f4722989e9.jpg


 

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    2018-10-08_201054.png

    1959 අගෝස්තු 15 චේගුවේරා ලංකාවට ඇවිත් අගැමති බන්ඩාරනායක මහතා හමු උන අවස්ථාව. 1959 සැප්තම්බර් මුල බන්ඩාරනායක මහතා ඝාතනය වෙනවා.