චොකලට් කඳු
පිලිපීනයේ (Philippines) බොහොල්හි (Bohol) පිහිටා ඇති, කේතුආකාරයේ එක ළග පිහිටි කඳු පන්තිය හැඳින්වෙන්නේ චොකලට් කඳු (Chocolate Hills) යනුවෙනි. හතරැස් කිලෝමීටර 50ක වපසරියක් පුරා පැතිර ඇති මෙය කේතු හැඩැති එකට යා නොවූ තනි කඳු 1,247 කින් සමන්විතය. මුලු කඳුයායම කොළ පැහැති තණකොළ වලින් වැසී පැවතුන ද වියලි කාලයේ දී මෙම කදු සියල්ලම දුඹුරු පැහැයට හැරෙන බැවින් "චොකලට් කඳු" යන අන්වර්ථ නාමය මේ සදහා යෙදී ඇත. මෙහි ඇති අසාමාන්‍ය භූ ගෝලීය පිහිටුම නිසාම මේ සදහා විශාල සංචාරක ආකර්ෂණයක් පවතී.
![]()
චොකලට් කඳු පැතිර පවත්නා භූමි කලාපය
Last edited:

