චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.

    ඒ අනුව මරදාන පොලීසිය ඉදිරිපිට ඇති ඩීන්ස් පාරේ සිට මරදාන විපුලසේන මාවත දක්වා වූ කොටස සම්පූර්ණයෙන්ම වසා දමා ප්‍රධාන මාර්ගයේ දැවැන්ත වේදිකාවක් ඉදිකොට ‘කිත්සිරිමේලා’ නමින් මෙම අවුරුදු උත්සවය පවත්වන අයුරු දක්නට ලැබෙනවා.

    ඩීන්ස් පාර අසළ මාර්ගය ආසන්නයෙන්ම කතුරු ඔංචිල්ලාවක් බැද අවුරුදු උත්සවයට පැමිණි අය ක්‍රීඩා කරන ආකාරයද මෙහි ගිය අපට දක්නට ලැබුණා.

    එමෙන්ම මෙම ස්ථානයේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් රැසක්ද සිටි අතර එහි වූ දැවැන්ත කටවුට් පුවරුවක දැක්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවුරුදු උත්සවය පැවැත්වෙන බවයි.

    ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම වසා දමා මෙලෙස අවුරුදු උත්සව පැවැත්වීමට පොලීසිය අවසර ලබාදුන්නද තනි පුද්ගලයෙකුට විරෝධතා පුවරුවක් හෝ රැගෙන ප්‍රධාන මාර්ගයේ යාමට ඉඩ නොදී අත්අඩංගුවට ගන්නා ආකාරය අපට පසුගිය කාලයේ දක්නට ලැබුණා.

    001.jpg

    002.jpg

    003.jpg

    004.jpg


    කිත්සිරි රාජපක්ෂ යනු කොළඹ සිටි සුප්‍රසිද්ධ මැරයෙක් වන ‘මරදානේ චොප්පේ’ ගේ පුත්‍රරත්නය වනවා.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙක් වන ඔහු බලය ඇතිදා මෙන්ම නැතිදාද වික්‍රමසිංහ මහතාට පක්ෂව ක්‍රියාකරනු ලබනවා.

    මරදාන සුදුවැල් ආනන්ද රාජපරුණා මාවතේ පිහිටි කොළඹ මහනගර සභාවට අයත් අලෙවි මවුලානා උත්සව ශාලාව කිත්සිරි රාජපක්ෂ විසින් බලහත්කාරයෙන් අල්ලා අල්ලා ගෙන එම උත්සව ශාලාව ඉදිරිපිට බුදු පිළිම තබා අනවසර ඉදිකිරීම් කරගෙන යන බවට ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ම කොළඹ මහ නගර සභාවට පැමිණි කර තිබුණා.

    පසුව හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන අජිත් ශ්‍රී පෙරේරා විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අතර අදාළ ඉදිකිරීම් කටයුතු නවත්වන ලෙසට පසුගිය මාර්තු 26 වැනිදා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

    2018 අප්‍රේල් 4 වැනිදා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එවකට විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ එවක එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ මෙහෙයවීමෙන් පැමිණි පිරසක් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.

    එම පිරිස සිරස ආයතනයේ සේවකයන් හට බාධාවන අන්දමින් හා මාධ්‍ය නිදහසට බාධා වන අන්දමින් රතිඤ්ඤා පුපුරුවා හරිමින් මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම හා තර්ජනය කිරීම සිදු කරනු ලැබූවේ ඒ අසළ සිටි පොලිස් නිලධාරීන් බලා සිටින විටයි.

    ඒ අනුව අදාළ සිදුවීමට අදාළව සිරස ආයතනය මූලික අයිතිවාසිකම් නඩුවක්ද ගොනුකරනු ලැබූවා.

    https://www.facebook.com/share/v/v8KWnLbSDpfmqg9T/?mibextid=w8EBqM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    මේක හැම අවුරුද්දකම කරන එකක්ද මචන්? මම 2018/2019 වගේ අවුරුද්දක මරදානට ගිය වෙලාවේ මේ විදියටම පාර හරස්කරලා ස්ටේජ් එකක් ගහලා තිබුනා. එදත් අවුරුදු උත්සවයක් තිබුනේ. අනික මෙතනට මරදාන පොලිසිය පේන දුර.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මරදාන සුදුවැල් ආනන්ද රාජපරුණා මාවතේ පිහිටි කොළඹ මහනගර සභාවට අයත් අලෙවි මවුලානා උත්සව ශාලාව කිත්සිරි රාජපක්ෂ විසින් බලහත්කාරයෙන් අල්ලා අල්ලා ගෙන එම උත්සව ශාලාව ඉදිරිපිට බුදු පිළිම තබා

    මේක බුදුන්ගේ දේශය අපි යක්කු බොලව්
    මේ වැඩේ කව්රු කලත් හොද වැඩක්
    සිංහල බෞද්ධ පොඩි චොප්පේ සර් අපි ඔබ සමගයි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    පොලිස්කරයොන්ගෙ තොප්පි ගලෝගන්න එකා නේද චොප්පෙ කියන්නෙ.මුගේ පුතා ඡන්දෙත් ඉල්ලුව ද?:eek::eek::eek::eek::eek::eek::eek:
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    පොලිස්කරයොන්ගෙ තොප්පි ගලෝගන්න එකා නේද චොප්පෙ කියන්නෙ.මුගේ පුතා ඡන්දෙත් ඉල්ලුව ද?:eek::eek::eek::eek::eek::eek::eek:

    චෝප්පෙගේ පුතා කිරියේත් හිටිය ඉස්සර. දැන් නම් කොහොමද දන්නේ නෑ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මේක සිංහල බවුද්ද අපේ රට. වෙන ආගමිකයින්ට , ජාතීන්ට ඉන්න බෑ කියන ඒක නෙමේ එකේ තේරුම. මේක සම අයිති දෙන්න ඇමෙරිකාව නෙමේ. චීන්නු ,ජපන්නු ,රුසියන් උන්, හින්දු උන් මැදපෙරදිග උන් දෙනවද උන්ගේ රටවල් වල සම අයිතිය. මේක සිංහල බවුද්ද අපේ රට. ඒක මතකතියා ගන්න එක ගොඩක් ගැටළු මගහරවා ගන්න උදවු වෙයි. බනින උන්ට කියන්නේ දැනට බැනපල්ලා.ඉස්සරහට වෙන දේ බලපල්ලා.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මේක සිංහල බවුද්ද අපේ රට. වෙන ආගමිකයින්ට , ජාතීන්ට ඉන්න බෑ කියන ඒක නෙමේ එකේ තේරුම. මේක සම අයිති දෙන්න ඇමෙරිකාව නෙමේ. චීන්නු ,ජපන්නු ,රුසියන් උන්, හින්දු උන් මැදපෙරදිග උන් දෙනවද උන්ගේ රටවල් වල සම අයිතිය. මේක සිංහල බවුද්ද අපේ රට. ඒක මතකතියා ගන්න එක ගොඩක් ගැටළු මගහරවා ගන්න උදවු වෙයි. බනින උන්ට කියන්නේ දැනට බැනපල්ලා.ඉස්සරහට වෙන දේ බලපල්ලා.
    ඊලග ආත්මෙ උබ මෙහේ දෙමලෙක් උනොත් මොකද කියන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඌ පට්ට බෙන්ස් වලින් බහින්නේ....ගිය අවුරුද්දෙත් පාර වහලා කළා. කඨින පිංකමක් කළා අලි 15 ක් විතර ගෙන්වලා. ඌට පට්ට පවර් එකක් තියෙනවා. කුඩු පොරක් ද ?
     
    • Like
    Reactions: dinu09

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඌ පට්ට බෙන්ස් වලින් බහින්නේ....ගිය අවුරුද්දෙත් පාර වහලා කළා. කඨින පිංකමක් කළා අලි 15 ක් විතර ගෙන්වලා. ඌට පට්ට පවර් එකක් තියෙනවා. කුඩු පොරක් ද ?
    Ranilge power eka thama, hitha hoda hoda pora habai. Ranilge natta wage yana hamathanama yanawa. Sagalata ranilgen passe colombo wala thana hadala denna mu thamai me dawas wala wada karanne, Eka nisa ravi meyath ekka patta tharahai :yes:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක අවසර අරන් කරන එකක් බව පේනවා .

    ඕව මොනවද ඉස්සර ඕන තරම් කොළොන්නාවේ etc main roads වහල පාර හරහට වාහන boards දාල රෑට මුඩුක්කු පොන්නයෝ race යන්නේ bike ,3 wheels වලින්
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඊලග ආත්මෙ උබ මෙහේ දෙමලෙක් උනොත් මොකද කියන්නෙ
    ධර්ශනය දුටු කෙනා බවුද්දයා වනවා මිසක් මිසදුටුවෙක් බවුද්ද වෙන්නේ නෑ, යන තැන නිවැරදිව දන්නා කෙනාට ඔය ගැටලුව නෑ. ද්වේශය හෙවත් ප්‍රතික්ෂේප කිරීමේ ස්වභාවය කොයි වගේද කියලත් ඔහු දන්නවා. මේ දේ ඔබට වැටහිය යුතු නෑ.
     
    • Haha
    Reactions: Mr.dark