චෝළයින් අපේ රට ඇල්ලු හැටි....

චෝළයින් අපේ රට ඇල්ලු හැටි....

මම මේ ගැන කලින් ත්‍රෙඩ් එකක කතා කරලා තිබේ. තමිල්නාඩු පොත් ඇසුරින් තවත් විස්තර සොයා ගන්න පුළුව්න

http://www.elakiri.com/forum/showthread.php?p=20030452#post20030452

අනුරාධපුර රාජධානිය බිඳ වැටිම ගැන මේ තොරතුරු ලංකාවේ තිබ්බ ඒවා මහාවංශය වගේ අනිත් සෝසස් වලින් ගත්ත.......අනුරාධපුර රාජධානිය බිඳ වැටිම පටන් ගන්නේ තමිල්නාඩුවේ චෝල බලය බලවත්ව නැගි එන්න ගත්ත එකත් එක්ක...ඒ ගැන තොරතුරු තමිල්නාඩුවෙත් තියනවා...ඒව වලින් පොත් ලියලා තියනවා...

මේ තියෙන්නේ අනුරාධපුරය ගැන තමිල්නාඩුවේ තියන මුලාශ්රවත් එක්ක ගොඩ නැගුණ ඉතිහාසය


1.චෝළ දේශයේ යළි පිබිදීම
ශතවර්ෂ 6 ක පමණ කාලයක් තිස්සේ දුර්වලව සිටි චෝළයන් කලාබර, පල්ලව හා පාණ්ඩ්යත රාජවංශයන්ගේ රාජ්යෂ වල කොටසක්ව පැවතිණ. නමුත් 9 වන ශතවර්ෂය මධ්යල යේදි නැවතත් ප්රවබලව මතුවෙමින් පැවතිණ.

2.විජයලය චෝළ රජ විම
ඒ වන විට විජයලය චෝළ රජු (849-881) තමිල්නාඩුවේ කුඩා කොටසක් පාලනය කරමින් සිටියේය. ඔහුගේ අගනුවර වූයේ පලයියාරයි නගරයයි. ඒ වන විට පල්ලව රජු නන්දිවර්මන් ගේ යටත් ප්රා න්තයක් ලෙස මෙම කුඩා රාජ්යේය පැවතිණි.

3.විජයලය චෝල තන්ජවුර් හිදි අගනගරය පිහිටුවිම
852 වසරේදී විජයලය චෝළ විසින් අසල්වැසි කුඩා රාජ්යයයක් වූ මුට්ටරයියර් රජු වන සට්ටන් පලියිල්ලිව පරදා තන්ජවුර් ප්රවදේශය සිය රාජ්ය්යට ඈදා ගත්තේය.
එම තන්ජවුර් හිදි සිය අගනුවර පිහිටුවා කාලි දෙවගන වෙනුවෙන් කෝවිලක් ද ඉදි කළේය. එවිට තමිල්නාඩුවේ මධ්යනම හා නැගෙනහිර කොටසේ ‍මෙම විජයලය චෝළ ගේ රාජ්ය්ය පැවතිණ.

chola-empire-their-rule-timeline-the-rulers-3-638.jpg


4.සිංහල රජු පලි ගැනිමට මාන බැලිම

මේ වන විට අනුරාධපුරයේ රජකළේ දෙවන සේන (851- 885) යන රජුයි. පෙර අවස්ථාවක පාණ්ඩ්ය රජු ශ්රී මාර ශ්රින වල්ලභ යන අය ලංකාවට එරෙහිව 1 වන සේන රජු සමයේ සිදු කළ ආක්රජමණයක පලිය ගැනීමට සූදානමින් සිටියේය.

5. පාණ්ඩ්යව කුමරු ලංකාවෙන් උදව් ඉල්ලිම


මේ වන විට ශ්රි මාර ශ්රි් වල්ලභ රජු ගේ පුතුන් අතර මිළග රාජ්යුයත්වය පිළිබද ප්ර ශ්න ඇති වන්නට විය. මායා පාණ්ඩ්යි නම් පුත්රුයා විසින් ඔටුන්න හිමි කුමාරයා වන වරගුණ පාණ්ඩ්ය‍ නම් පුත්ර්යාට එරෙහි වන්නට විය. මායා පාණ්ඩ්යි විසින් පාණ්ඩ්ය‍ රාජ්යඔ තමාට අයත් කරගැනිමට උදව් ලබා ගැනිමට සිතා ගෙන ලංකාවට පැන ‍ගොස් 2 වන සේන රජුගේ උදව් පැතිය.

6. සිංහල සේනා පාණ්ඩ්යා දේශය අත්පත් කරගැනිම

2 වන සේන රජු විසින් මෙම අවස්ථාව ප්රරයෝජනයට ගෙන කුත්තක නම් ‍සෙනෙවියා යටතේ විශාල හමුදාවක් මාතොට ( මන්නාරම) වරායෙන් පිටත් කර වසර 862 දි පාණ්ඩ්ය් රට ආක්ර මණය කළේය. ශ්රීර මාර ශ්රීළ වල්ලභ යන පාණ්ඩ්යර රජුව සිංහල සේනාව විසින් 862 දි අල්ලා මරා දැමීය.
පාණ්ඩ්යර අගනගරය වන මදුරාපුරය ( චෙන්නයි) අල්ලා ගත්හ. නමුත් රජුගේ ඔටුන්න හිමි පුත්ර්යා වුණ වරගුණ පාණ්ඩ්යර පැන ගොස් සැගවිණි.

7. සිංහල සේනා විසින් පාණ්ඩ්යි කුමරු රජ කරවිම

සිංහල සේනාව විසින් මායා පාණ්ඩ්ය් , පාණ්ඩ්යා රටේ සිහසුනට පත් කර කලින් ලංකාවෙන් නැති වූ වස්තුන් ද රැගෙන නැවත ලංකාවට පැමිණියහ.

8. පල්ලව රජු වරගුණට නැවත සිහ සුන ලබා ගැනිමට උදව් කිරිම

සැගව සිටි වරගුණ පාණ්ඩ්යට එවක සිටි පල්ලව රජු නිරුපතුංග ( 850-882) යන අයගෙන් නැවත පාණ්ඩ්යර රට තමාට ලබා ගැනීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලිය. පල්ලව රජු විජයලය චෝල ගේ ඇතුළු අනෙකුත් යටත් ප්රා න්ත වල සේනාවන් රැගෙන පාණ්ඩ්ය රට ආක්ර මණය ක‍ළේය.
මායා පාණ්ඩ්යරව පරදා ඉතිරිව සිටි සිංහල සේනාවන්ද එළවා දමා වරගුණ පාණ්ඩ්යත ව 862 දී සිහසුනට පත් කළේය.
 
Last edited:
9. අතිත්ථ චෝළ රජ කමට පත්විම

විජයලය චෝළ රජුගේ මරණයෙන් පසුව අතිත්ථ චෝළ රජු ( 871-907) චෝළ රාජ්ය6 යේ රජකමට පත්විය. තන්ජවුර් හිදි 881 දි රජවිය.

10. අතිත්ථ චෝළ නැති වු චෝළ පාලන ප්රුදේශ නැවත සිය යටතට ගැනීම

880 වන විට එවක සිටි පාණ්ඩ්යප රජු වන වරගුණ පාණ්ඩ්යය තමාට කළින් උදව් කළ පල්ලව රජු නිරුපතුංග ගෙන් පසු රජ පැමිණි නන්දිවර්මන් සමග යුද්ධයට ගියේය. මෙහිදි පාණ්ඩ්ය යන්ට එරෙහිව චෝළයන් පල්ලවයන්ට උදව් කළේය.
පල්ලවයන් සටන ජයගත් අතර මේ නිසා චෝළයන් ටද පාණ්ඩ්ය.යන් විසින් කලින් ලබා ගත් තමාගේ භුමි ප්රලදේශයද නැවත ලබා ගන්නට හැකි විය.
890 වන විට අතිත්ථ චෝළ පල්ලවයන්ට අයත්ව තිබු කොණ්ඩයිනාඩු නැවත තමාට ලබාගෙන පල්ලව රාජවංශය එතැනින් සමාප්ත කළේය.

--

11. පරන්තක චෝල පාණ්ඩ්ය රාජධානිය අත්පත් කරගැනීම

අතිත්ථ චෝළ මරණයට පත් වු පසු ඔහුගේ පුත්රායා වන පරන්ථක චෝළ (907- 954) තන්ජවුර්හිදී රජවිය. වසර 910 දි පරන්ථක චෝළ පාණ්ඩ්ය රට ද අල්ලා ගත්තේය. ඒ වන විට තමිල්නාඩුවේ එකම බලවත් රාජ්යතය බවට චෝළයන් පත්විය.
පරාජයට පත් පාණ්ඩ්ය් රජු 3 වන රාජසිංහම් (905 – 921) වසර කිහිපයකට පසු ලංකාවට පැනගොස් තම රාජ්යටය නැවත ලබාගැනීමට සිංහල රජු වන 5වන කාශ්ය(ප රජු (913- 923) ගෙන් උදව් ඉල්ලිය.

12. පාණ්ඩ්ය රජු පරන්තක චෝල සමඟ යුධ වැදිම

වසර 916 දි කාශ්යයප රජු විසින් සක සේනාධිපති නම් සිය සෙනෙවියා යටතේ සිංහල සේනාවක් රාජසිංහම් නැවත රජ කිරීමට යැවීය. නමුත් පරන්තක චෝළ රජුගේ සේනාව තමාට පක්ෂ කණ්ණඩ රජු 2 වන පෘථිවි සමග එක්වි දරුණු සටනකින් පසු පාණ්ඩ්යත හා සිංහල සේනා පැරදවීය.
13. පාණ්ඩ්යක රජු රාජකිය ආභරණ සමඟ ලංකාවට පැන යාම

නමුත් පාණ්ඩ්යා රජු වන රාජසිංහම් නැවතත් සිය රාජ්යට ආභරණ ලබාගෙන ලංකාවට පැන ගියේය. එවකට සිටි සිංහල රජු වෙන 4 වන දප්පුල ( 923- 934) ගෙන් නැවතත් උදව් ඉල්ලිය.
දප්පුල ගෙන් ඒ සදහා යහපත් ප්රවතිචාරයක් නොලැබුණ නිසා සිය රාජකීය ආභරණ හා ඔටුන්න ලංකාවේ සුරක්ෂිතව තබා ඉන්දියාවේ කේරළයට ගොස් ආරක්ෂිතව සිටියේය.

14. පරන්තක චෝල ලංකාවට එරෙහිව යුධ වැදිම

පරන්ථක චෝළ විසින් එවකට ලංකාවේ සිටි 3 වන උදය රජු ( 934- 937) ගෙන් පාණ්ඩ්ය රජු විසින් ලංකාවේ සගවා ගිය රාජකිය ආභරණ හා ඔටුන්න ලබාදෙන්න යයි ඉල්ලා සිටියේය. එය ලබා දීමට සිංහල රජු උදය ප්රාතික්ෂේප කළ අතර පරන්ථක රජු ඒ නිසා 944 දී ලංකාවට සේනා එවිය.
එම සේනා උදය රජුව පරාජයට පත් කළ අතර උදය රජු අනුරාධපුරයේ සිට රෝහණයට පසු බැස්සේය. එහිදී පාණ්ඩ්ය රාජකිය ආභරණ ද තමා සමග තබාගත් අතර පරන්ථකට එය ලබා ගැනිමට නොහැකි විය.

15. පරන්තක චෝල ට සිය අරමුණට ළඟා විමට නොහැකි විම

රෝහණයට ගොස් ආභරණ ලබාගැනිමට නොහැකි වු පරන්ථක ගේ සේනා අනුරාධපුරට කොල්ල කා වස්තුන් ද රැගෙන නැවත චෝළ දේශයට පිටත් විය. සිංහල රජු , යුද්ධයේදි පරාජය කළ නිසා *සිංගලන්තහන්* යන අන්වර්ථ නාමය ඔහුට ලැබිණි.

16. ගන්ධාරතිත්ථ චෝළ රජ විම

පරන්ථක ගෙන් පසු ඔහුගේ පුතු වුණ ගන්ධාරතිත්ථ රජකමට පත්විය (950- 957). දැඩි ශිව භක්තිකයෙක් විය.

17. අරින්ජය කෙටි කාලයකට චෝළ දේශයේ රජ විම

ගන්ධාරතිත්ථගෙන් පසු ඔහුගේ බාල සොහොයුරු අරින්ජය චෝළ ( 956 – 957) තන්ජවුර් හිදි රජකමට පත්විය. ඔහු රජ කළේ ඉතා කෙටි කාලයකි.

18. සිංහල සෙ‍නෙවියාගේ ඉල්ලිම නිසා චෝළ සිය සේනා ලංකාවට

ඔහුගෙන් පසු ඔහුගේ පුත්ර යා වන සුන්දර චෝළ (957 – 973) දී තන්ජවුර් හිදි රජ විය. ඒ වන විට ලංකාවේ රජකම් කළේ 5 වන සේන රජුය ( 972- 981). සිංහල රජුගේ සෙනෙවියා සිය රජුට එරෙහිව හමුදා උපකාර ලබා ගැනිමට චෝළ දේශයට පැමිණ සුන්දර චෝළ හමුවිය.
සුන්දර චෝළ විසින් සිය චෝළ සෙනෙවියා වන පරන්තන් සිරය වේලන් 95000 ක සේනාවක් හා සිංහල සෙනෙවියා සමග සිංහල රටට යැවීය
. ඒ 954 දීය.


19. චෝළ සෙනෙවියා ලංකාවේදි සටන්බිමේ දි මරුමුවට පත්විම
පසුව ඇති වුණු සටනින් 5 වන සේන පරාජයට පත් වු අතර රෝහණයට පැන ගියේය. චෝළ සෙනෙවියා ලංකාවේදි මරු මුවට පත් වුණු අතර එනිසා සේනාවන් නැවත චෝළ දේශයට ගියේය.
 
Last edited:

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    චෝලයින් රට අල්ලන හැටි තව මාස 2-3 කින් live බලන්න පුළුවන්.