ඡන්ද කළයේ ගොම බිංදුව....
ඡන්ද කළයේ ගොම බිංදුවනිදහස හා සාධාරණත්වය කියන වචන දෙකට අලුත් අර්ථකථන අවශ්‍ය වී තිබේ. මේ රටේ නිදහස හා සාධාරණත්වය ගැන කතා කරන හැම තැනකම නැත්තේද ඒ ටිකය. නිදහස් හා සාධාරණ සෞඛ්‍ය සේවයක් තිබෙන බව කියන්නේය. එහෙත් ලෙඩ්ඩු ඉන්නේ ඇඳන් යටය. බෙහෙත් ගන්නට වී ඇත්තේ ෆාමසියෙනි. ෆාමසියේ බෙහෙත්වල මිල නියම කරන්නේ වෙළෙඳ සමාගම්ය. නිදහස් හා සාධාරණ යැයි කියන අධ්‍යාපනයටද වී ඇත්තේ මේ ටිකමය. මැතිවරණවලටද එසේමය. 'ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වුණු කාලයක් ගැන මතකයේ නැත්තේය.'
පුවත්පත්වලට ලිපි ලියන දේශපාලන විචාරකයකු එසේ ලියා තිබිණි. ඒත් පසුගිය 21 වැනිදා පැවැති වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා ඡන්දයේ සාපේක්ෂව හොඳ ගතියක් පේන්නට තිබිණි. සාපේක්ෂව හොඳ ගතියක් කියා ලීවේ එය හොඳටම හොඳ නැති නිසාය. ප්රචණ්ඩ ක්‍රියා, බිය වැද්දවීම්, දන්සල් තිබිණි. ඒත් කිරි කළය, දෙතුන් වරක් පෙරා බොන්නට හැකි තත්ත්වයක තිබිණි. මේ රටේ ඒ ජාතියේ කිරි කළයක්වත් හොයාගන්නට ඇත්තේ කලාතුරකිනි. මැතිවරණය නිදහස් හා සාධාරණ දැයි බලන්නට පැමිණි අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂකයන්ද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ කතාව කියා තිබිණි.
ඒත් කිරි කළයට ගොම බින්දුවක් වැටුණේය. එපමණක් නොවේ ගොම මුසු කිරි හතර අතේ ගා ගත්තේය.
මේ කියන්නේ ඡන්දයෙන් දවස් තුනකට පසු පුත්තලමෙන් හමු වූ ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ගෝනි දෙක ගැනය. මෙය මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් සිදුවූ අතපසු වීමක් කියා මැතිවරණ කොමසාරිස්වරයා සමාව ගැනීම හොඳය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමද හොඳය. ඒත් මේ සමාව ගැනීම්වලින්, පරීක්ෂණවලින් අර කිරි කළයට මුසු වූ ගොම බින්දුව ඉවත් කළ නොහැකිය. දැන් කිරි කළයේ ඇති කිරි බින්දුවක් බින්දුවක් ගාණේ ගොම අංශු මුසු වී හමාරය.
2010 ජනවාරි 26 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් හරියටම සතියකට පසුවද මේ විදියටම ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා හමුවිය. අත්තනගල්ලේ, රත්නපුරයේ කානුවල, කුණු ගොඩවල තිබී ඒවා හමුවූ බව මාධ්‍ය මඟින් හෙළිදරව් කෙරිණි. ඒ සියල්ල විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සලකුණු කර තිබූ ඡන්ද පත්‍රිකා විය. ආණ්ඩුව කිව්වේ මේ ගැන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන බවය. මැතිවරණ දෙපාර්තමේන්තුව පැත්තෙනුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙනුත් ඊට අදාළව පරීක්ෂණ ආරම්භ විය. ඒත් ඒ පරීක්ෂණවල වාර්තාවක් නම් එළියට ආවේ නැත. මේ සිද්ධියට වගකිවයුත්තන් කියා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තාලයේ තීන්දුවක් දී කිසිවකු අත්අඩංගුවට ගත්තේද නැත. සිදුවූයේ එවකට සිටි මැතිවරණ කොමසාරිස්වරයාට වැලඳී තිබූ ආතතිය ඩබල්-ත්‍රිබල් වීම පමණි.
මේ මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය කාලයේ 'සාපේක්ෂව' කෙළින් වැඩ කළේය. 'සාපේක්ෂව' අගය කළ යුතු චක්‍රලේඛ නිකුත් කළේය. ඒත් දැන් මේ ගෝනි දෙකේ වගකීමෙන් මිදෙන්නට ඔහුට බැරිය. තමන්ගේ කොන්ද තවමත් කෙළින් බව ජනතාවට පෙන්වීමේ වගකීම ඔහු සතුය. අදාළ ගෝනි දෙකේ සිද්ධියට වගකිවයුත්තන් රටට හෙළිදරව් කළ යුතුය. අනෙක් අතට මේ මැතිවරණ කොමසාරිස්වරයා 'ආතතියෙන්' මුදාගැනීමේ වගකීමද ආණ්ඩුව සතුය. තමන්ගේ ඡන්ද අයිතිය කියන කිරි කළයට වැටුණු මේ ගෝනි දෙකේ ගොම බින්දුව ගැන ජනතාව අවදියෙන් සිටියි.
from mawbima newspaper