ඡන්ද ගන්න බෙදූ මුදල්

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ඡන්ද ගන්න බෙදූ මුදල්

පසුගිය ජනාධිපතිවරණ සමයේදී අල්ලස් වශයෙන් ජනතාවට බෙදා දීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදාහැර ඇති බව අනාවරණය වෙමින් තිබේ. පසුගිය නියං සමයේදී රුපියල් 2500ක් බැගින් බෙදා දීමට නොහැකි වූ පවුල් වෙත බෙදා හරින මුවාවෙන් මෙම ඡන්ද අල්ලස් ජනවාරි 05, 06 යන දින වල ලබා දීමට සැලසුම් කර තිබිණ.
එහෙත් මැතිවරණය ආසන්නයේදී ග්‍රාම නිලධාරී මහතුන් හරහා එය ක්‍රියාත්මක කළ නොහැකි විය. නමුත් ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරුන් එම මුදල් බෙදා හැරි බවට ගිණුම් වාර්තා සකස් කොට ඇති බව හෙළිවේ. මේ බව මොනරාගල දිස්ත්‍රික්කය තුළ බලවත් ලෙස සනාථ වෙමින් තිබේ.
ඌව පළාත් සභා මැතිවරණයේදී නියං ආධාර වශයෙන් රුපියල් 2500ය ලබා ගත් පවුල්වල අනු පවුල් සඳහා මෙම මුදල් ලබා දීමට ග්‍රාම නිලධාරී මහතුන් වෙත උපදෙස් ලැබී තිබිණි. ඔවුන් බෙදා හැරි මුදල් පිළිබඳ ගිණුම් වාර්තා සකස් කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දිස්ත්‍රික් ලේකම්වරයාට ලබා දී ඇතත් එම මුදල් බෙදා හැරි බව සඳහන් කර ගිණුම් වාර්තා සකස් කරන ලෙස ග්‍රාමනිලධාරී මහතුන්ට යළි උපදෙස් ලැබී ඇත. නමුත් මෙම වංචනික ක්‍රියාවට ග්‍රාම නිලධාරීන්ගේ බලවත් විරෝධය එල්ල වී ඇති බව වාර්තා වේ.
[FONT=&quot]මුදල් රෙගුලාසි හෝ කිසිදු නිල චක්‍රලේඛණයක් නොමැතිව මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදවන ලද රුපියල් කෝටි සියගණනක මුදල් පිළිබඳව වහාම සොයා බැලිය යුතු බව මහජන මතයක් රටතුළ ගොඩනැගෙමින් තිබේ
[/FONT]
 

Similar threads